නුබෙ නම කවියක්ය මා දෙතොලඟ ගැයුනූ
නුබෙ ඇස කවියක්ය මගෙ ඇස ළඟ රැඳුනූ
නුබෙ හිත කවියක්ය මං තාලම වැයූනූ
නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ
හීන හතම නුඹමය නුබෙ සුවඳමය
පාට උලනකොට හීනේ අහවරය
පේන නොකිව්වෙමි සකිසඳ සත්තමය
බාර උනත් අහස, පොළොව හුඟ දුරය
රූප අඹා නුඹ ගෙතු දිග කථාවෙන්
දීග නොයා හැර ආවට සමාවෙන්
මුල මැද එකට උන්නත් අපි හිනාවෙන්
අවසන ගෙවන්නේ කොහොමද මං තනියෙන්
තාලම වෙවී හැම කවියක උන්නු සකී
විළිබර හඬින් ඒ වෙණපද ගැයූ සකී
හිත් ලං වුනත්, ලං ලං වී ඉන්න සකී
නුඹටද මටද කල පිං මදි වුනේ සකී
නිරුවත් පෙමින් නෙත් දෙපියන් උනාලූ
තවමත් හීනයෙන් නුඹ අත වනාලූ
අමතක කරන්නෙමි මතකය කියාලූ
මතකය දිගේ නෑවිත් ඉඳපන් යාලූ
WW
(1999)
රූප අඹා ඔහු ගෙතු දිගු කථාවත්
ReplyDeleteදීග නොයා හැර ආවට සමාවත්
මුල මැද එකට උන්නාවූ සිනාවත්
හරියයි නැවත හමුවූවොත් වතාවක්
බොහොම ස්තුතියි ඉයන් රසවත් පද පෙළට...
Delete............................................
ඔහු දැන් ලියා ඇත අලුතින් කථාවක්
අතිනත වෙලී ඇය දුටුවා වතාවක්
ආපහු යනු කොහොම අතීතය ඉනාවක්
අග මුල යා නොවුන තවත් පෙම් කථාවක්
මෝසම් සුළඟ නුඹෙ පුසුඹයි ගෙනෙන්නේ
ReplyDeleteවැහිබිඳු සෙමින් මගෙ දොකොපුල සිඹින්නේ
නුඹෙ අතැඟිලිද කෙහෙරැලි පිරිමදින්නේ
හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේ
//හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේ//
Deleteවයසට බං වයසට
ඉයන්,
Deleteගුල්මගාය හැදීගෙන එනකොටත් හිරිගඩු පිපෙන්ට ගන්නව...:)
ඉයන්...පොකුරුගේ සිතිවිල්ල (සෑහෙන පරණ) ඇබ්සෝර්බ් වෙච්ච ගමන් හිතිච්ච දේ ලිය උනේ...ඕවට වෑස බලනොපායි..."
Deleteචෙෆාකි මහත්තයෝ කවිය නම් හරිම රහයි...කිව්වත් වගේ කවි හිතුවිලි වලට නම් වයසක් නැහැ තමයි...මං මේක ලියලත් දැන් අවුරුදු දාහතක් විතර ගෙවිලා...ඒත් අදටත් ඒක දැක්කම එදා වගේම හිතට දැනෙනවා...බොහොම ස්තුතියි...
Deleteආවත් හැර දමා මුල මැද දුටු පෙමක
ReplyDeleteනාවත් නුඹ නමින් කදුලක් මා නෙතක
කීවත් වෙන්වෙමුය ඉඩ නෑ තුන් හිතක
මාවත් පරදවා හිත නුඹ ළග මැණික.....
පොකුරුගේ කවි සිත්තම ලස්සනයි.
ජයවේවා!!!
බොහොම ස්තුතියි දුමි...
Deleteඒ වගේම ස්තුතියි හරිම ලස්සන කවි පද පෙළක් එකතු කලාට....
කට්ටියම කවි ලියලා නිසා මොකුත් ලියන්නත් මොකක්ද වගේ. ඒක නිසා ඕං මං මොකුත් කියන්නෑ
ReplyDeleteසඳාටත් තිවුනේ කවියක් ලියන්න... වැඩ ගොඩක් අතරේ ගොඩ වැදුන එකම මදැයි කවිය බලල යන්න...බොහොම ස්තුතියි සඳා...
Delete:)
ReplyDelete:)
Deleteනෙලනු සඟවනු එපා මලින් මලේ
ReplyDeleteකොතන සැඟවිනිද නොනිදා මා හදේ
මතකයන් මා හදේ රැව්පිලි රැව් නැඟේ
හිරු නැඟෙන මුත් නුඹ දැස නොපෙනේ
නොයදිමි මා නැවතීමක්
නොපතමි මා පැවතීමක්
රිසි සේ නුඹට මා විඳිමක්
මේ අසාර දිවියේ ලද දිනක්
මිස නැ මා ලබන්නේ පලක්..
බොහොම ස්තුතියි නිම්නා සොඳුරු පද පෙළක් එකතු කලාට...
Deleteපද එකින් එක ලියලා..
ReplyDeleteසිත කුරුටු ගා මැකුවා..
ඔබ ලියු කවි කියවා..
මම අසරණව උන්නා.. :/
මම සස්වාමිකයි ස්වාමිනේ..
Deleteකවියක් කරපු හදියක්...
Deleteබොහොම ස්තුතියි කමි :)...
කොතැනක කෙලෙස වරදක් සිදු වි ද නොදැනී
ReplyDeleteඑක් වන මගේ කවි පොතට ම ගිනි වැදුණී
බොහොම ස්තුතියි වර්ෂා...
Delete.............................................
අප ආ මාවතේ විසකුරු කටු තිබුනී
දැන දැන රිදෙන බව නටු අග මල් පිපුනී
සීරුම් නොතබාම ගියමුත් සකි සඳුනී
ඉල්වැහි වැස්සුවා තනිවම කණ කෙකනී
නින්දක් නොදුටු පුර සඳ ඇති නැති රැයවල්
ReplyDeleteහීන පිරුණු ගත සිත දවනා රැයවල්
ගැස්සී අවදි වන ඇස් රිදවන රැයවල්
නුඹ ලඟ නොමැති මට නැත සුවපිරි රැයවල්
ජයවේවා..!!
හරිම අපූරුයි ගස් ලබ්බ් මලේ...ලස්සන පද පෙළ..බොහොමත්ම ස්තුතියි...
Delete.......................................................
තුන්තිස් පැයේ මා මතකෙන් මිදීයන්
රැයේ කළුවරෙන් මින්දද එබීයන්
කන්දේ දේවතාවුන් ඇහැ ගැටීයන්
හද්දා මඟුල් දා මා සිහි නොවියන්
හරිම ලස්සනයි අක්කේ කවි ටික... ඔයාගෙ හිතට දැනෙනවා වගේම කියවන හිතකටත් දැනෙනවා...
ReplyDeleteබොහොම ස්තුතියි නිර්මාණි නංගි...
Deleteමට රස විඳින්න මිසක කවි ලියන්න නං බෑ. ඔබේ මේ සඳැස් කවි පෙළ මා බෙහෙවින් රස විඳි බව කිව යුතුමයි. තවත් පොඩි කතාවක් කියන්න තියෙනවා ඔබ මීට කළින් ලියු කතාව මා කියවූවා. ඒ කතාවෙන් මගේ හිතට දැනුනු තිගැස්ම වචනයෙන් කියාගන්න බෑ. ඒ නිසාම මා මොකුත් නොලියා හිටියත් කතාව කීප වතාවක්ම කියෙව්වා. ජය!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි හැලපතුමෝ කවි පෙළ අගය කලාට...
Deleteඑතැන කමෙන්ටුවක් නොදැම්මාට ඔබේ මේ අදහස බොහොම වටිනවා...ඇත්තෙන්ම ඒ කතාව ඇසීමෙන් ඇතිවුන කම්පනයම තමයි ඒ සටහන ලිවීමට මා පෙළඹ වුයේත්...නැවතත් බොහොම ස්තුතියි...