Saturday, September 17, 2016

සිත ඔබ පාමුලින් තබා I'm gonna walk away...

විසිරුණ රෝස මල් පෙති සහිත තෙතබරිත මාවතක පිටුපා යන තරුණියකගේ
බඳින් පහල කොටස පමණක් පෙනෙන සේයාරුවක් (අන්තර්ජාලයෙනි) 


විශේෂිත වූ වෙහෙසකින් තොරව බ්ලොගයේ පල කරන්නට යමක් කල්පනා කරමින් හිඳිද්දී මහාචාර්ය චන්දිම ගෝමස් මහත්තයාගේ මුහුණු පොතේ තිබුනා අපූරු නිමිත්තක්...



ඒ එක්තරා ඉල්ලීමක්...දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ගායනා කරන "සිත ඔබ පාමුල ගීතය" විදේශිකයෙකුට තේරුම් ගත හැකි වන පරිදි ඉංග්‍රීසි භාෂාවට පෙරලා දෙන්නයි කියා..

මං මට හිතෙන, අහන, දකින දේ මේ බ්ලොග් අඩවියේ පෙළගැස්වූවාට, ඒ සටහන් හෝ නිර්මාණාත්මක කථා ලියන්නේ බොහොම කම්මැලි කමින්..මේ ලියන බොහොමයක් දේ ලියවෙන්නේ පැයක්, දෙකක් ඇතුලත...කිසිම වෙහෙසකින් තොරව...

ඒ වුනත් පද පෙළක් ලියද්දී මං ඒක ලියන්නේ බොහොම පෙරේත කමෙන්...මහා රෑ එකට දෙකටත් ලියන්න ඕනේ කියල හිතුනම කවි, නිසඳැස් කුරුටු ගානවා, නිදිමත බේරෙද්දී...

අදත් එහෙම දවසක්...සටහනක් ලියන්නට හිතුනත් ලියන්නට කම්මැලියි..කවියක් කුරුටු ගාන්න ඕනේ කමක් තිබුනට හිත හොලවන නිමිත්තක් කල්පනාවට එන්නේ නැහැ...එහෙම වුනාම ඒ ලියමනේ කිසිම රහක් නැති වග මං අත්දැකීමෙන් දන්නවා...

එහෙම ඉද්දි ගෝමස්  මහත්තයාගේ ඉල්ලීම හිතට අරන් ආවේ බොහොම ප්‍රබෝධයක්...

ඒ හන්දම බොහොම කැමැත්තෙන් "සිත ඔබ පාමුල" ගීතයේ අදහස ඉංග්‍රීසියට පෙරළුවා...කොයි තරම් සාධාරණයක් වුනාද කියන දේ තීරණය කරනෙක ඔබට බාරයි...

මං ඉංග්‍රීසි භාෂාවෙන් පද ගලපලා තියෙන්නේ බොහොම අඩුවෙන්...ඒ වුනත් සිංහල භාෂාවට වැඩියෙන් හිතේ තියෙන හැඟීම් අමුවෙන් කියන්න පුළුවන් කියල මට හිතෙනවා වෙලාවකට...එහෙම හිතෙන්න ගත්තේ විදේශයක ජීවත් වෙමින්, වැඩියෙන් ඉංග්‍රීසි ගීත වල වචන වලට හිත යොමු කරද්දී...මහා සාහිත්‍ය යෙදුම් නැති වුනත් ඒ ගීතවල අදහස වෙලාවකට මගේ හදවත සසල කරනවා...

බොහොම ස්තුතියි රවී ගේය පද රචකයා ගැන මතක් කර දුන්නාට..."සිත ඔබ පාමුල" ගේය පද ලියූ කුලරත්න ආරියවංශ මහත්මයාගෙන් සමාව ඉල්ලා සිටිනවා ඔහුගේ හිතේ තිබු මූලික අදහසට මගේ පරිවර්තනයෙන් හානියක් වෙලා නම්...

ගෝමස් මහත්තයාට බොහොම ස්තුතියි, මට වින්දනය කරන්නට නිමිත්තක් ලබා දුන්නාට...

........................................................

සිත ඔබ පා මුල රඳවා 
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් 
ඔබට සෝ-තැවුල් නොම වේවා

අසුරු සැනක් වු රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ 
සදා රැඳේවා ඔබේ ලොවේ

ඔබට පිදුම් වූ සිතක විරාගය 
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ

ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගේය පද: කුලරත්න ආරියවංශ

.......................................................................


I'll leave my heart...at your feet
The love we had...it is broken in to pieces..
It sets a fire inside...
And I am gonna hold it to my self...
I'll say good bye...to your kingdom...
It is not mine...
And here is my wish...
Don't feel sad...Don't regret...
I'll leave my heart...at your feet...
And I'm gonna walk away...

Our past..it was wonderful...
But gone in a second...
And I wish it will remain forever
All over your world
Just like a dreamy smell...

It was pure as divine...and angelic...
My heart...that I devoted to you...
And I wish the memory will remain forever
All over your heart
Just like a song...written in a stone wall...


WW




24 comments:

  1. ම්ම්ම්.... අපූරුයි.... නියම වැඩක්...

    ReplyDelete
  2. හොද උත්සාහයක්, පොකුරු.
    ගීතයේ පදරචකයා ගැන මතකයක් නැහැ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපූරු වැඩක් පොකුරු.. ඇත්තටම ලියන්න හුරු උනාට පස්සේ නොලියා ඉන්න එක හරිම අමාරුයි.. ඊටත් වඩා අමරුයි ලියන්න ඕන උනත් ලියන්න දෙයක් හිතට එන්නේ නැති එක.. ඔයා මෙතන කියනව වගේ මටත් හිතිලා තියනවා ඉංග්‍රිසියෙන් ලියද්දි අමුවෙන්ම ලියන්න පුලුවන් කියන දේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා...ඔව් ලියන්න කම්මැලි, දවසෙම වෙහෙසිලා ආවම...ඒත් නොලිය ඉන්නත් බැහැ...ඔයා කියනවා වගේ එහෙම වෙලාවට නිමිත්තක් නැති වුනාම ඊටත් එහා...

      ඔව් ඇමෙරිකන් සෝන්ග්ස් වල ගොඩක්ම තියෙන්නේ සරල ඉංග්‍රීසි යෙදුම්, ඒත් ඒවා හිත කීරි ගැහෙන්න ලියල තියනවා...කොහොමත් මං සිංහලෙන් ලියන්නෙත් සරල යෙදුම් වලින් ගැඹුරු අරුතක් දෙන්න උත්සාහ කරන ගමන්නේ...අමුවෙන් ලියන්න ගොඩක් කැමතියි...ඔයා දැක්කද මේ දවස් වල තියන නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් කවියාගේ පොතේ කවි...පුදුම විදියට හිතට දැනෙනවා...

      Delete
  4. I'm leaving my heart...at your feet,
    The love we cherished is in shambles,
    Kindling a devastating fire inside me....

    Very heart rendering...Thanks Pokuru...:)

    ReplyDelete
    Replies
    1. Thank you Ravi...

      Why don't you complete the translation...It would be great to see that too...I usually use very simple words, even in Sinhala writings, to express a deep meaning...But yours are more poetic...remind me of English poems...

      Delete
  5. මෙහි තේරුම යමෙක් තේරුන් ගන්න අපේ සන්කෘතිය තුල ජිවත්ව සිටීම වදගත්

    ReplyDelete
    Replies
    1. මුලින්ම බොහොම සතුටින් පිලිගන්නවා ඔබව පොකුරු වැස්සට...

      එහෙමමත් නැහැ මා හිතන විදියට...විශේෂයෙන්ම මා දැක ඇති පරිදි මෙහෙ (ඇමෙරිකාවේ) බොහෝ දෙනෙක් හිතේ වෛරයකින් තොරව මේ වගේ වෙන් වෙනවා...සමහර වෙලාවට ප්‍රේමය දරාගෙන...මිනිස් හැඟීම් ලෝකේ කොතැනටත් පොදුයි...මේ ලෝකේ හැමතැනම ජීවත් වෙන්නේ සාමාන්‍ය හැඟීම් තියන පංචස්කන්ධය හරහා ජීවිතය විඳින හෝ විඳවන (බුද්ධ ධර්මයට අනුව නම් අපි සියල්ලන්ම දුක විඳවනවා) මිනිසුන්...සංස්කෘතිය, හමේ පාට, අඳින පළඳින කන බොන දේවල් කුමක් වුවත්, මිනිසුන් හඬන, හිනැහෙන, සැනසෙන හේතු සියල්ලම සියලුම සත්වයින්ට පොදුයි...

      ඒ නිසා කලාව, ගීතය, සංගීතය, ඒවා විශ්ව භාෂාවන්...හරියටම තේරුම් ගන්න අවශ්‍ය භාෂාව දැන ගැනීම පමණයි නියම රස වින්දනයක් තියන කෙනෙකුට...අපේ සංස්කෘතිය ඇතුලෙත්, මෙහෙ තේරුම හරියට නොදන්නා තරුණ පරම්පරාව ඕනේ තරම් ඉන්නවා කියලයි මට හිතෙන්නේ...

      දාහරණයක් විදියට දවසක මම කාර්යාලයේ දමිත් අසංකගේ විරහ ගීයක් වාදනය කළා..එය අසා සිටි මගේ මිතුරියක් පැවසුවේ, එය බොහෝ දුක දනවන හඬක් සහ සංගීතයක් කියා...

      බොහොම ස්තුතියි ඔබේ අදහසට...

      Delete
  6. Following words could be omitted without any harm to the translation and more nourishing the same.

    1st line:- I'll
    2nd Line:- it is
    3rd Line:- and
    9th Line:- I'll
    11th Line:- it

    instead of 'dreamy smell' you can say 'dreamy fragrance'
    fresco is more suitable than stone wall.

    Anyway good effort.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි, Thank you so much for your suggestions and for the appreciation... :)

      Delete
  7. අඩේ මේකෙ සිත කියල නේද කියන්නෙ? හාට් එකක් මේ අස්සට රිංගවව්වෙ කොහොමෙයි ඔහේ?...:)

    ReplyDelete
    Replies
    1. :D මගේ හිත තියෙන්නේ හදවත ඇතුලේ හන්ද රවී මහත්තයෝ...

      එකින් එක ඉංගිරිස්ව චන වලට පෙරලුවේ නැහැ හත් දෙය්යනේ...මයින්ඩ් කියනවට වටා හාර්ට් කියෙනක හොඳයි කියල හිතුනා...ටිකක් කලාත්මකව හිතන්නකෝ...

      සරලයි...සරලයි...

      Delete
    2. Just in lighter vein Maa'm...You are correct...Mind would never do...:)

      Delete
    3. යේස්, ලයිටෙර්ර් වේන් මිස්ටර්ර්ර්... :D...

      That's perfectly fine Ravi...I don't get upset with suggestions or comments...you are welcome to express your thoughts on my writings... :)

      Delete
  8. Replies
    1. Thank you Warsha...I've one poem I wrote couple months ago, will post it some other time...

      Will try to write more in English... :)

      Delete
  9. අමුතු වැඩක්.. සාර්ථකයි..
    ජයවේවා..!!

    ReplyDelete
  10. හරිම අපුරුයි අක්කි, මම අක්කිගෙ සිංහල වගේම ඉංග්‍රීසි නිර්මාණත් රසවිදලා තියෙනවා.. ඔබ භාෂා දෙකෙන්ම නිර්මාණකරණයට දක්ෂයෙක්

    ReplyDelete