මම ඇයව මඩ ගොහොරුවක එබීමි...
ඇයට හුස්ම ගන්නට හැකි වන සේ කුඩා සිදුරු කිහිපයක් පමණක් ඉතිරි කලෙමි...
එහෙත් ඇය සිය ජීවිත සටන අත් නොහලාය...
ගිනි කාෂ්ටක අව්වත් , දෙගොඩ තලා යන වතුරත්, තඹයකට නොතකා, මා වෙනුවෙන්ම ප්‍රේමයේ බිජුවට වපුලාය....
මම විටක හරකුන්ට තරවටු කරමින් කෙවිටින් පහර දුන්නෙමි...
එවිට ඔවුන් මඩෙහි සිර කර හුන් ඇය හට, කුර වලින් වලින් අනිමින් ඇයගේ හදවතෙහි විශාල ආවාටයන් මතු කල හැටි මා බලා උන්නේ හැඟීමකින් තොරවය....
ඉතා අන්ධකාර, සීතල රාත්‍රීන් වල, ඇය ඉතා තදින් හුස්ම අල්ලාගෙන, හැකි තරම් පහත් ස්වරයෙන් ඉකි බිඳින්නීය...
හැඬුම්, ඉකි බිඳුම් ඇයගේ දින චරියාවේ කොටසක් වූයේ, ඇය මේ මඩ ගොහොරුව තුල ජීවත් වන්නට හුරු වූ දා පටන් බව මම දනිමි...
එහෙත්, බොහෝ කලකට පෙර මා මුණ ගැසුන අලුත, උන් හිටි ගමන් ළදැරියක සේ මහ හඬින් හිනැහුන , ඇයගේ ඒ සිනහව ඉල්ලමින් අදත් මම වෙහෙසෙමි...
එවිට ඇය ආයාසයෙන් සිනාසෙන්නීය...එහෙත් ඒ මුහුණේ ඇත්තේ දිය සිඳී ගිය ළිං පතුලක ඇති, බොහෝ නිසල අඳුරු සෙය්යාවක් පමණය...
ඉවසා ගැනීමට නොහැකි තැනකදී මම ඇයට වැරෙන් පහරක් ගසමි....මා තව තවත් ප්‍රේමය වුවමනා යැයි ඇයට තර්ජනය කරමි....
එකල මා සිතාරය වයද්දී, ඇය කොළ පුරා කුරුටු ගී ලීවාය...මා ඒ පද වලට තනු යොදා, නැළවිලි ස්වරයෙන් ඒ ගී ඇය වෙනුවෙන්ම ගැයුවෙමි...
ඇයට වුවමනා වූයේ පුතෙකි....මා වැනි පුතෙකි....ඇය විටෙක ඒ නූපන් පුතුට නොයෙකුත් නම් මුමුණමින් මා පසු පස දැවටුනාය....
ජීවිත කාලය පුරාම ඇයගේ ප්‍රේමය මටම පමණක් විඳිනු රිසියෙන් මම උපායක් කල්පනා කලෙමි ....
ඇය මා මේ මඩ ගොහොරුවේ සිර කලේ, ඇය කෙරේ තිබූ උහුලාගත නොහැකි අප්‍රමාණ ප්‍රේමය නිසාම වග පමණක් බව දන්නේ මා පමණෙකි...
ඇය දැන් බොහෝ රෝගී වී වැහැරී ගොසිනි...එකල මෙන් ඈ අතින් සුපසන් පෙම් කවි නොලියවෙයි...
මම නැවත, නැවතත් ඒ ඉපැරණි ප්‍රේමය සොයා ඇයව හැකි තාක් වෙහෙසවමි....එහෙත් ඇය කිසි දිනෙක ප්‍රේමය ඉල්ලා මා ඉදිරියේ හඬා වැලපී නැත...
මම ඇයව සියල්ලන්ගෙන්ම වෙන් කලෙමි...ඒ ඇයගේ ප්‍රේමය මට අහිමි වේ යයි ඇතිවූ අහේතුක බියෙනි...
එහෙත් වී ඇත්තේ අනෙකකි...
ඇයට ඇයවද, මට මාවද අහිමි වී ඇත...
ඇය ආයාසයෙන් සුසුම් හෙලන බව, මඩ අතරින් පිටවන බුබුළු තුලින් මම දකිමි...
ඇය ජීවත් වන්නට නිමිත්තක් සොයනවා විය යුතුය...
තැලී ඉදිමී, ඉහඳ තැබු හදවත, යන්තමින් හෝ තවාගන්නට එක සුසුමක් හෝ ඉතිරිව ඇත්දැයි සිතනවා විය යුතුය...
රාත්‍රීන් කිහිපයක්ම එක දිගට නිදි වැරූ ඇයට, කුසගින්නේම නින්ද ගොස් ඇත....
තදින් මිට මොලවා සිටි, පොඩි වූ කොල කැබලි වල ඇය කවි කුරුටු ගා තිබුණි....
එහි මෙසේද ලියා තිබිණ,
එදා මම ඔබට මුළු හදවතින්ම ප්‍රේම කලෙමි...එහෙත් අද මගේ හදවත තිබු තැන ඇත්තේ ඉතා විශාල හිස් කුහරයකි...ශිරා සහ ධමනි පමණක් එහි අපහසුවෙන් එල්ලී, සියලු රිදුම් ඉවසාගෙන හිඳියි....
ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය....
ඔබ දැන ගත යුතු දෙයක් ඇත...
ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය....
.........................................................................................................
හඳ දිහා මං බැලුව...හඳත් ඇස් වහගත්ත
තරු දිහා මං බැලුව...තරුත් වැට බැඳ ගත්ත
ඉර දිහා මං බැලුව...ඉරත් අද ගිනි ගත්ත
ආයෙමත් නාරින්න...මමත් ඇස් වහ ගත්ත
..........................................................................................................
මහද මිහිදන් කෙරූ ඔබෙ සුසානය වසා
රතු සෛල කැටියක් ඝණකමට මිදී ඇත
මිනී මලකට පවා දැන් එතන තෙතක් නැත
ගන්ධබ්බ ඔබ ඉතින් එහි පැමිණ පලක් නැත...
එම්බාම් දියර ඉස රකින මල හදවතක
ප්‍රේමය ඉවත් කල යුතුමය සුපෙම්වත
නිරන්තර රිදුම් දෙන ඔබ නිදන සොහොන් කොත
උණුහුම් කරනු බැරි හීතලෙන් මිදී ඇත...
....................................................................................................
WW
WW
සටහනත් මේ කවි ටිකත් අපූරුයි පොකුරු. පොකුරු යොදාගන්න වචන හිතට හොඳින් කාවදිනවා. හොඳින් දැනෙනවා.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී...ජය වේවා...
Deleteගැමුරු අර්ථයක් මතු කරන කවියක් සහ සටහනක්
ReplyDeleteබොහොම ස්තුතියි මල් මල්ලි...
Deleteආත්මාර්ථකාමි ප්‍රේමයක අවසාන කොටස.....මහ බරක් දැණුනා පොකුරු....
ReplyDeleteආත්මාර්තකාමී ප්‍රේමයක කොටස් කාරයෙක් කියන්නේ බොහොම වේදනාකාරී අත්දැකීම් අරුණ...
Deleteවැලන්ටයින් බොරු අස්සේ කියවපු අපූරුම සටහන.. අරූ අයියා කියුව වගේ මහ බරක් දැනුනා ..
ReplyDeleteබොහොම ස්තුතියි කමී...විඳවමින් ප්‍රේම කිරීම බොහෝ බරැති දෙයක් තමයි
Deleteමේක කියවලා හිත හිරිවැටිල ගියා.. අනේ මන්දා මොනවා කියන්නද කියලා
ReplyDeleteමක් කියන්නද සඳා ඉතින්...දුක තමා...
Deleteහැමදාමත් මම කියන්නෙ කොන්දේසි විරහිත ආදරය තරම් සුවයක් නැහැ කියන එක... කොන්දේසි තියෙන තැනක ආදරය නැහැ ..පෙරේතකමක් විතරයි...
ReplyDeleteඅනිවාර්යෙන් කොච්චි...එකඟයි 100කම...
Deleteතදින් අල්ලගත්තාම මිරිකිලා මියැදෙනවා... හ්ම්ම්.
ReplyDeleteජයවේවා..!!
ඔව් ඒක ඇත්ත...බොහොම ස්තුතියි මලේ...
Deleteජීවිතේ පාඩම් ගොඩකට පස්සේ ඉගනගත්තු පාඩමක්
ReplyDeleteවිඳගන්න.... පැත්තකට වෙලා බලන් ඉන්න....
හිත බරකරපු, මොලේ වැඩකරවපු පෝස්ට් එකක්
සමහර වේලාවට කොයි තරම් පාඩම් ඉගන ගත්තත් මදි...අයිමත් ගිහින් ඒ වලේම වැටෙනවා...
Deleteසඟවා ගනු මැන,
ReplyDeleteඔබ රුව සොඳුරියෙ,
අනිකෙකු නෙත් ඔබෙ,
මුව මත ගැටෙතැයි,
මා හද බියවී,
සැළී සැළී යයි............
බොහොම බරපතල ප්‍රශ්ණයක් ඕක..අපි එච්චර ගණං නොගත්තට...ඔය නෝනා ඒ ගැන බොහොම අගේට ලියල තියනව....:)
පලි - මේ ඔය විවාහයෙන් පස්සෙ තමන්ට තමන්වම නැතිවීම ගැන කාලෙකට ඉස්සෙල්ල මම ලියපු කතාවක්....මගේ පළමෝත අත්දැකීමක්...
ටිකක් කියෙව්වා ඒ කතාවේ....ඉතුරු ටික හොයාගන්න බැරි වුනා රවී මහත්තයෝ....ඔබතුමා බොහොම අපුරුවට මිනිස්සුන්ගේ හැඟීම් ලියල තිබුනා...
Deleteබොහොම ස්තුතියි...ඕක ගණන් නොගත්තට අර කටුවක් ඇනිලා ඉතිරි වෙන කෑල්ලෙන් එන රිදිල්ල වගේ තමයි, නිතරම පෑරෙනවා
ස්තූතියි පොකුරු,
Deleteබ්ලොග් එකේ දකුණු පැත්තෙ යටම වගෙ තියනව ප්‍රවර්ග යටතේ සචිනි සහ අජන්තගේ කතාව කියල කැටගරි එකක්. සචිනිට කියන්ට තියන කතාව සහ මම ඊට පස්සෙ ලියපු අජන්ත කියන එයාගෙ කතාව දෙකම එතන ක්ලික් කලාම කියවන්ට පුලුවන් කැමතිනම්...:)
බොහොම ස්තුතියි රවී, මුළු කතාවම කියෙව්වා, සමාජ යථාර්තයක් රහට ලියල තියනවා
Deleteමාත් කියෙව්වා. (ආපහු පාරක්) - සාර්ථක විවාහ ජිවිතයක් සඳහා රවිගෙන් ගුරු හුරු කම් කියල පොතකුත් ගැහුවා නම් නරකද? (විහිළුවට මචං මාරු කතාව)
Delete///ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය....///
ReplyDeleteබොරු පොකුරක්...!
ඔය කිව්වේ ඉතින්...බොරු නෙවේ ඕක තමයි ඇත්ත...කවි ලියන එකෙකුට කවියක් හරියකට ලියාගන්න බැරිකම තරම් හිතේ අමාරුවක් නැහැ :)
Deleteමං කවදත් ආස මේ ලියන රටාවට..ඒක හිත ඇද බැඳ තබා ගන්න ආරක්
ReplyDeleteගොඩක් ස්තුතියි විසිරි...
Delete/ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය....// ඉවර කරලා තිබෙන විධිහ සෝචනීය ලෙස සුන්දරයි. අපි විරහවට මෙපමණ කැමති ඇයි ?
ReplyDeleteබොහොම ස්තුතියි අජිත්...
Deleteවිරහවේ තියන තිත්ත රහට..
මටත් මතක් වුනේ අර රවී ලියපු වික්ටර්ගේ සොදුරු ආත්මාර්ථකාමියාව
ReplyDeleteසඟවා ගනු මැන,
ඔබ රුව සොඳුරියෙ,
අනිකෙකු නෙත් ඔබෙ,
මුව මත ගැටෙතැයි,
මා හද බියවී,
සැළී සැළී යයි
මේකෙ මන් ආසම කොටස
සොමි සදවත ලෙස රුසිරි නොවිනම්
දහසක් නෙතු ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයෙ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත....
හොද ලිවිල්ලක් සහ කවියක්
බොහොම ස්තුතියි රෝමා...
Deleteඑතන තියෙන්නේ බොහොම සොඳුරු ආත්මාර්ථයක්...ආදරේදී එයින් ටිකක් ඕනෙමයි...හැබැයි අන්තවාදි නොවී..
////////බොහොම සොඳුරු ආත්මාර්ථයක්...ආදරේදී එයින් ටිකක් ඕනෙමයි///////////
Deleteඇයි පොකුරු ඒ ආත්මාර්ථය ගෑනු අයගෙන් ටක් ගාලා එලියට එන්නේ. "උඹ මගේ මගේම විතරයි රත්තරන් සුදු කොල්ලෝ"....වගේ සිතුවිලි තමයි ඒ අයට තියෙන්නේ. අපිටත් ඉඩක් නිදහසක් දෙන්නකො.
අපොයි ඔය සුදු හෝ කළු කොල්ලොන්ව ඒ විදියට ගැට ගහල තියාගන්න කොහොමෙයි...හොඳම වැඩේ "කාල වරෙන්" කියල නිදහස දීල බලන් ඉන්න එක...යන එකාව නවත්තල වැඩකුත් නැහැනේ...මගේ තියරිය නම් නිදහසක් දෙන්න ඕනේ, දරුවෙකුට, ගෑනිට, මිනිහට, තමන්ගේ ප්‍රේමවන්තයට හෝ වන්තියට, හැමෝටම නිදහස දෙන්න ඕනේ, ආදරෙත් දෙන්න ඕනේ, තමන්ට පේන හොඳ නරකත් කියල දෙන්න ඕනේ...ඔය සේරම දේවල් දීලත් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ අයාලේ යනවා නම් ඉතින් යන්න අරින එක තමයි හොඳ...ඒක තමයි කර්මය...
Deleteඅරූ නම් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ හොඳට ජිවිතේ විඳලා නෙව දැන් ඔය නෝනා එක්ක දැහැමෙන් සෙමින් ජීවත් වෙන්නේ...
ඒ කාලේ වගේ නෙවෙයි අරූ, අද කාලේ ගෑනු, පිරිමි හැමෝටම ජීවිතේ විඳින්න,පටලව ගන්න, දියුණු වෙන්න, ඔය හැමදේටම අවස්ථා වැඩියි...මිනිස්සු වැඩිපුරම අන්තගාමි වෙනවා මිසක ජිවිතේ බැලන්ස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ...
අපූරු ලියවිල්ලක් තුලින් සිතේ ගැඹුරටම කා වැදුනු පිනිවුඩයක්,
ReplyDeleteජයවේවා