ඔබේ කවි හදවතේ බිත්තියේ
කේශ නාලිකාවක ඇවිද යමි
හදවතට කිට්ටුවෙන් ලියා ඇති
කවි මගේ යැයි මම හිතා ගමි...
ඇතැම් කවියක දුක පිරී ඇති
යුවතියක ඉකි ගසන හැටි දුටිමි
ගැඹුරට ලප කැළැල් එමට ඇති
සැත්කමින් කපා හල තැන් දුටිමි...
සියුම් රිදුමකින් හිත පාරවන
ප්‍රේමයයි සිතූ තැන පිරිමදිමි
අගුල් නොදමන ඔබේ හදවතට
අහම්බෙන් ගොඩ වැදුන තැන සොයමි...
තවම ඔබ බයිපාස් නොකර ඇති
මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
ඔබේ ඇස නොගැටී සීරුවෙන්
වෙනදා වාගේම පිටව යමි...
WW
ඔක්තෝබර් 29, 2016
කිසිම දෙයක් නොලියා ඉන්නවට වඩා මුහුණු පොතට ලීයූ පද පේළියක් මෙතනත් අලවලා තියන එක හොඳයි කියල හිතුනා...
සැත්කම තවම හද පතුලේ දුක දෙන්නේ
ReplyDeleteසිත්තම නුඹයි නැහැ අමතක වී යන්නේ
එක්වම ඉන්න හිතුවත් ඇයි වෙන් වෙන්නේ
යන්නම ඕනෙ නම් නැහැ යළි නවතන්නේ....
ලස්සන කවි පොකුරක් පොකුරු.
ජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී...
Deleteඔබේ කවි පද පෙළත් හරිම රහයි...
කාලෙකින් කියවපු ලස්සන කවියක්
ReplyDeleteබොහොම ස්තුතියි මල් මල්ලි...
Delete//තවම ඔබ බයිපාස් නොකර ඇති
ReplyDeleteමගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
ඔබේ ඇස නොගැටී සීරුවෙන්
වෙනදා වාගේම පිටව යමි...//
ආසම ටික..
මෙන්න මේ සින්දුව අහල බලන්නකො
ජයවේවා..!!
බොහොම ස්තුතියි මල්ලි...
Deleteසිංදුව ඇහුවා...හරිම රොමැන්ටික්, ඒ වගේම සංවේදියි...
ජිවිතේ දැනෙන්න මේ කවි කියෙව්වත් ඇති තරම් අක්කි
ReplyDeleteබොහොම ස්තුතියි නංගෝ...කියවන කෙනා නිර්මාණය විඳිනවා දකින එක තමයි තියන ලොකුම සතුට...
Deleteකවි ඔපරේශන් එකක් :D
ReplyDeleteඔව්නේ...සයන්ටිෆිකලි කවියක් ලියල බලන්න හිතුනා :D
Deleteරහයි..!!
ReplyDeleteබොහොම ස්තුතියි වර්ෂා...
Deleteසුපිරියි.......................
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු...
Deleteමම මේ බැලුවේ පොකුරු, හදවතේ බයිපාස් නොකරපු කවිය මොන වගේ ඇද්ද කියලා..ලේ රස දැනෙන සිතුවිල්ලක්....!
ReplyDeleteබොහොම ස්තුතියි...ඕව ඔය ලියාගෙන යනකොට හිතෙන දේවල් නේ...හැමෝගෙම හිත් වල බයිපාස් නොකරපු කවියක් ඇති කියලයි මට නම් හිතෙන්නේ...ඒක බොහොම ගැඹුරු තේරුමක් ඇති නිහඬ කවියක් වෙන්න ඕනේ මගේ ඉමැජිනේෂන් එක අනුව නම්...
Delete/ඔබේ ඇස නොගැටී සීරුවෙන්
ReplyDeleteවෙනදා වාගේම පිටව යමි.../
අන්න එහෙම නම් කමන්නෙ නෑ.නොකියම හදවතට ආව වගේම කරදර නොකර ආපහු යනවනං ඕන තරං ආවට නෝ පොබ්ලම්.
පලි -
කමන්නෙ නෑ = කමක් නෑ කියන එක මම පොඩි කාලෙ කිව්වෙ එහෙමයි
ඒකත් හරි වදයක් නොවී ආපු විදියටම පිට වෙලා යනවා නම් පෝලිමේ ඇවිත් ගියත් මොකෝ නේද රවී...
Deleteඔය කමන්නේ නැහැ කියන වචනය මම කලිනුත් අහල තියනවා කවුරු හරි කියනවා...
හරි භයානක ශල්‍යකර්මයක් නේ
ReplyDeleteඔව් බොහොම සීරුවට කරන්න ඕනේ දෙයක් :) බොහොම ස්තුතියි කොච්චි මේ පැත්තට ගොඩ වැදුනට.
Deleteලස්සන කවි ටික.....
Deleteබොහොම ස්තුතියි කොච්චි...
Deleteමේ පැත්තෙ එන්න නන් ටිකක් පරක් වුනා...
ReplyDeleteකවි ටික නන් හරිම ලස්සනයි...
බොහොම ස්තුතියි ගිම්මි ප්‍රමාද වෙලා හරි මේ පැත්තට ආවට
Delete