Thursday, October 20, 2016

මතක බණ ඉවරයි නිර්මලා...

සඳ එළියේ ගංගාවක් මත ගල් තලාවක
වාඩි වී හිඳින සුරංගනාවියක් 



























මතක බණ ඉවරයි නිර්මලා
අද රැයත් නුඹ හිතේ මුල්ලෙම
පහන් කරපන් ගුලි වෙලා
මුණ ගැසී අපි කතා නොකරපු
ඇස් වලින් වරු ගණන් විඳවපු
හැම කතාවම අද කියන්නම්
අහන් ඉඳපන් ලං වෙලා...

එදත් මං උන්නේ මග බලා
වළාකුළු මොර තියා හඬමින්
කියද්දිත් නපුරක් කියා
මත් බඹර තුඩු විස වැදී
මහ නුගේ ළඟ පෙති ලිහී නුඹ
තැලී පොඩිවී ගඟේ ගිය වග
නොදැනුනේ ඇයි නිර්මලා...

මගෙ මලයි නුඹ නිර්මලා
සිද්ධ පත්තිනි මෑණියන්ටත්
නොපෙනීම නුඹ පරවුනා
හැමදාම ඇස් වල ලියාගෙන
පරිස්සම් කල කවි අහන්නට
ආයෙ නාවත් මගෙ පිච්ච මල
පැහැය අඩු නැහැ නිර්මලා

ආදරෙයි මං නිර්මලා
පුංචි ඇස් දෙක නටවලා මට
කතා කරපන් ලං වෙලා
කවමදාවත් මෙලොව නොදැකපු
මගෙයි නුඹගෙයි පැටව් එක්කල
නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
එන්න හිතෙනවා නිර්මලා...
බලන් ඉඳපන් නිර්මලා...... 


WW (2014)


  

25 comments:

  1. Replies
    1. ඔබේ මේ කවි එකතු කර කවි පොතක් පළ කරන්න අදහසක් නැද්ද?

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රභාත් ඇගයීමට...කවි පොතක් කරන්න අදහසක් තියනවා...මට දැනෙන හැටියට හොඳම නිර්මාණ ටිකක් එකතු වෙන කල් ඉන්නේ...ලියවුන නිර්මාණ ගොඩක් තිබුනට කියවන කෙනාට හොඳින්ම හිතට දැනෙන නිර්මාණ එකතුවක් දෙන්නයි මට ඕනේ...මුළු ජිවිත කාලයටම එකම කවි පොතක පල කලත් ඇති ඒ වගේ...දැන් හුඟ කලකින් නිර්මාණයක් කලේ නැහැ, මේ ඔක්කොම පරණ ඒවා...ඒ නිසා පොතක් කරන්න තව අවුරුද්දක්වත් යාවි...

      Delete
  2. කවිය හරිම අගෙයි....................

    මට නිර්මලා කියලා ඇහුණ ගමන් මතක් වුණේ කපුගේගේ නිර්මලා නම් කියන ගීතයයි........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු...එදා මේ නිර්මාණය කරද්දී බොහොම අහම්බෙන් හිතට ආව නමක් මේ...බොහොම කාලෙකින් ඔයාලගේ බ්ලොගයට ගොඩ වදින්නත් බැරි උනා...මේ පැත්තේ ආවට නැවතත් ස්තුතියි...

      Delete
  3. හැමදාමත් වගේ හරිම ලස්සනයි...

    ReplyDelete
  4. ලස්සනයි පොකුරුවැහි.

    ජයවේවා!!!

    ReplyDelete
  5. සුසුම් උණු කඳුලක් වෙලා,
    දෑස් අග රැඳෙනා තුරා,
    නුඹ මතකය මගේ හද තුල,
    සුවඳ කැකුළකි නිර්මලා,

    හරිම අපූරුයි.....නිධාන කථාවත් (If any that is) පොඩ්ඩක් වගෙ කිව්වොත් රස වින්දනයට තවත් රුකුළක් වේවි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී ඇගයීමට...

      ඇත්තෙන්ම කිසිම විශේෂ නිමිත්තක් නැතිව දැනට අවුරුදු දෙකකට විතර කලින් ලියවුන නිර්මාණයක් මේ...එදා මට මොකක්ම හරි ලියන්න ඕනේ කම තිබුනා..එහෙම ඉද්දි මගේ ඔලුවට ආව වචන දෙක තමයි මතක බණ, ඉන් පස්සේ නිර්මලා...ඉන් පස්සේ ලියවුන හැම වචනයක්ම ලිව්වේ මගේ හිතේ ලියවුන කතාවකට...තමන් ආදරේ කරපු ගැහැණු ළමයගේ මතක බණ දවසේ රෑ ප්‍රේමවන්තයෙකුට හිතෙන දේවල්...විශේෂයෙන්ම ඒ ආදරේ කියාගන්නත් කලින් ඒ ගැහැණු ළමය තව කෙනෙක්ගෙන් අපචාරයට ලක් වෙලා මිය ගියොත් මොන වගේ හැඟීමක් දැනේවිද...මේ නිර්මාණය පුරාම මං හිතෙන් සෑහෙන වේදනාවක් විඳින ගමන් තමයි ඒක ලිව්වේ...අදටත් මේක කියෙව්වම මට ඉබේම හීල්ලෙනවා...කිසිම විශේෂ හේතුවක් නෑ...

      Delete
  6. නියම කවියක්, වත්සලා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්...අනේ සමාවෙන්න, මං හිතුවේ ඔක්කොම කමෙන්ටු පබ්ලිෂ් කළා කියල...උදේ හද්සියේ ඔක්කොම පබ්ලිෂ් කලේ...මදැයි ඒක කල විදිය මම...ඉයන් කියනකල් දන්නේ නැහැ ඒක මග ඇරිලා කියල...

      Delete
  7. Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට සහ බ්ලොගයට ගොඩ වදුනාට...

      Delete
  8. Replies
    1. my apologies sir, just published it...(I thought that I already published that)...

      Delete
  9. මාව අවුරුදු 40කටත් එහා ගැටවර වයසට එක්කන් ගියා පොකුරු...ගම් මැද්දේ, පන්සලේ සල්පිලේ ගැටවර අප පොදුවේ සෙනෙහේ පෑ එක් සොඳුරු යුවතියක් වෙනුවෙන් දිවිතොරකරගත් මගේම යහළුවෙක් මතක් උනා..පොකුරුගේ නිර්මාණයේ අනිත් පැත්තයි ඒ කථාවෙ ලියවෙන්නේ....!

    ReplyDelete
    Replies
    1. බොහොම සංවේදී කතාවක් චෙෆාකි මහත්තයෝ...සමහර වෙලාවට අපි ප්‍රේමයට ඕනේවාට වඩා සංවේදී වෙනවා කියලත් හිතෙනවා...

      Delete
  10. /හැමදාම ඇස් වල ලියාගෙන
    පරිස්සම් කල කවි අහන්නට
    ආයෙ නාවත් මගෙ පිච්ච මල
    පැහැය අඩු නැහැ නිර්මලා// පිච්ච මල් හැමෝටම තියනවා වගේ. ලස්සනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්...

      මට නම් පිච්ච මල් ගැන සම්බන්ධයක් නැහැ අජිත් :)...මෙතනට පිච්ච මල කියන වචනය යොදා ගත්තේ කෙනෙක් අතින් කෙලෙසිලා මිය ගියත් මේ තරුණයට තමන් ආදරේ කරපු කෙනා කොයි තරම් පිරිසිදුවට දැනෙනවද කියනඑක හඟවන්න...

      Delete