Sunday, October 30, 2016

ඔබේ කවි හදවතේ ඇවිද යමි...

ඔබේ කවි හදවතේ බිත්තියේ 
කේශ නාලිකාවක ඇවිද යමි
හදවතට කිට්ටුවෙන් ලියා ඇති 
කවි මගේ යැයි මම හිතා ගමි...

ඇතැම් කවියක දුක පිරී ඇති 
යුවතියක ඉකි ගසන හැටි දුටිමි 
ගැඹුරට ලප කැළැල් එමට ඇති 
සැත්කමින් කපා හල තැන් දුටිමි...

සියුම් රිදුමකින් හිත පාරවන 
ප්‍රේමයයි සිතූ තැන පිරිමදිමි 
අගුල් නොදමන ඔබේ හදවතට 
අහම්බෙන් ගොඩ වැදුන තැන සොයමි...

තවම ඔබ බයිපාස් නොකර ඇති 
මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
ඔබේ ඇස නොගැටී සීරුවෙන් 
වෙනදා වාගේම පිටව යමි...

WW
ඔක්තෝබර් 29, 2016

කිසිම දෙයක් නොලියා ඉන්නවට වඩා මුහුණු පොතට ලීයූ පද පේළියක් මෙතනත් අලවලා තියන එක හොඳයි කියල හිතුනා...

24 comments:

  1. සැත්කම තවම හද පතුලේ දුක දෙන්නේ
    සිත්තම නුඹයි නැහැ අමතක වී යන්නේ
    එක්වම ඉන්න හිතුවත් ඇයි වෙන් වෙන්නේ
    යන්නම ඕනෙ නම් නැහැ යළි නවතන්නේ....

    ලස්සන කවි පොකුරක් පොකුරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී...

      ඔබේ කවි පද පෙළත් හරිම රහයි...

      Delete
  2. කාලෙකින් කියවපු ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල් මල්ලි...

      Delete
  3. //තවම ඔබ බයිපාස් නොකර ඇති
    මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
    ඔබේ ඇස නොගැටී සීරුවෙන්
    වෙනදා වාගේම පිටව යමි...//
    ආසම ටික..
    මෙන්න මේ සින්දුව අහල බලන්නකො
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...

      සිංදුව ඇහුවා...හරිම රොමැන්ටික්, ඒ වගේම සංවේදියි...

      Delete
  4. ජිවිතේ දැනෙන්න මේ කවි කියෙව්වත් ඇති තරම් අක්කි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ...කියවන කෙනා නිර්මාණය විඳිනවා දකින එක තමයි තියන ලොකුම සතුට...

      Delete
  5. කවි ඔපරේශන් එකක් :D

    ReplyDelete
    Replies
    1. ඔව්නේ...සයන්ටිෆිකලි කවියක් ලියල බලන්න හිතුනා :D

      Delete
  6. සුපිරියි.......................

    ReplyDelete
  7. මම මේ බැලුවේ පොකුරු, හදවතේ බයිපාස් නොකරපු කවිය මොන වගේ ඇද්ද කියලා..ලේ රස දැනෙන සිතුවිල්ලක්....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඕව ඔය ලියාගෙන යනකොට හිතෙන දේවල් නේ...හැමෝගෙම හිත් වල බයිපාස් නොකරපු කවියක් ඇති කියලයි මට නම් හිතෙන්නේ...ඒක බොහොම ගැඹුරු තේරුමක් ඇති නිහඬ කවියක් වෙන්න ඕනේ මගේ ඉමැජිනේෂන් එක අනුව නම්...

      Delete
  8. /ඔබේ ඇස නොගැටී සීරුවෙන්
    වෙනදා වාගේම පිටව යමි.../

    අන්න එහෙම නම් කමන්නෙ නෑ.නොකියම හදවතට ආව වගේම කරදර නොකර ආපහු යනවනං ඕන තරං ආවට නෝ පොබ්ලම්.

    පලි -

    කමන්නෙ නෑ = කමක් නෑ කියන එක මම පොඩි කාලෙ කිව්වෙ එහෙමයි

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි වදයක් නොවී ආපු විදියටම පිට වෙලා යනවා නම් පෝලිමේ ඇවිත් ගියත් මොකෝ නේද රවී...

      ඔය කමන්නේ නැහැ කියන වචනය මම කලිනුත් අහල තියනවා කවුරු හරි කියනවා...

      Delete
  9. හරි භයානක ශල්‍යකර්මයක් නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම සීරුවට කරන්න ඕනේ දෙයක් :) බොහොම ස්තුතියි කොච්චි මේ පැත්තට ගොඩ වැදුනට.

      Delete
    2. බොහොම ස්තුතියි කොච්චි...

      Delete
  10. මේ පැත්තෙ එන්න නන් ටිකක් පරක් වුනා...
    කවි ටික නන් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්මි ප්‍රමාද වෙලා හරි මේ පැත්තට ආවට

      Delete