Tuesday, November 22, 2016

මහරගමදී...

ගිලන් සයනයක ඉන්නා යුවතියකගේ අත අල්ලා හිඳින දසුනක් 

පාන්දර මං ඇවිත් යද්දිත්
නුඹ උන්නේ ඇස් දෙක පියාගෙන 
වෙහෙස වුනු ඉරි කැබලි වැනි වැනි 
සුසුම් ගැන්නා ඇඳේ ඉහපත 
ඉස්සරක මං කළා වාගෙම...

තුන් හුලස් ඉරි ටික කපාගෙන 
තනි ඉරක් ඇඳෙනවා දුටුවෙමි 
ඊයේ රෑ ඇහැ පියවිච්ච ඩිංගට 
මතක නැත ආ හැටි පාන්දර 
දුක දන්නෙ ඉස්ටේෂමේ බංකුව...

වැටෙන නැගිටින තැනක නවතින 
තුන් හුලස් ඉරි දෙස බලාගෙන 
අදත් හිස පිරිමදින විට මම 
නොනැවතී ගිය රටාවක් විය 
රහස දන්නේ නුඹම පමණය...

ඉරට ඉස්සර උනත් කොච්චර 
නුඹ හොයා ගේ පුරා මුර දෙන
මුල්ලකට වී කඳුළු ඇහිදින 
පොඩි උන්ට මං තාම පරදින 
පුරවන්ට බැරි අඩු බොහෝමය...

නිල් පැහැති කටු ගැසූ තැන් වල
ඇනී හිත ඉඳිමුනත් සොඳුරිය 
නුඹේ ඔසු පැන් ගොටුව පුරවමි 
පෙරා වත්කර අපේ ප්‍රේමය 
තියා යමි ගැට ගැසූ බාරය...

ඉතින් සොඳුරිය හෙටත් මම එමි 
ඇහැකි නම් නෙතු විවර කල මැන 
නුඹේ කෙහෙරැලි වලින් ගිලිහුන 
සිළුමිණක් ඇත හිත තනාගෙන 
යලි ඇවිත් කොත පලන්දනු මැන...


WW
02/28/16

16 comments:

  1. පෙමක සුව ඇත බෙහෙතකට වැඩි මගේ පෙම්බර සාමිනේ
    නෙතක නොපෙනෙන සිතක දුක් ගිණි ඇවිළිලා යයි අද අනේ
    හෙටක පැතුමක් නැතිය දරුවන් රකිනු දී මව් පිය සෙනේ
    දිනක ගියමුත් පතන්නේ යළි නුඹවමයි උපදින තැනේ.......

    පොකුරු. දුක හිතෙන සිද්දියක් අපූරුවට ලියලා. හැම කවියකම ඒ සංවේදී බව පිරිලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමි, ඔයාගේ පද පෙළත් හරිම ලස්සනයි....

      ජය !!!

      Delete
  2. එල ද බ්‍රා ....
    හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ....ඒ වගේම ස්තුතියි මේ පැත්තට ගොඩ වුනාට...

      Delete
  3. සංවේදි ලස්සන කවි පෙළක්...

    ReplyDelete
  4. ////නුඹේ කෙහෙරැලි වලින් ගිලිහුන 
    සිළුමිණක් ඇත හිත තනාගෙන 
    යලි ඇවිත් කොත පලන්දනු මැන...////

    හරිම අපූඍුයි අක්කේ.. සංවේදී සිදුවීමක්.. හැමදාම කියනවා වගේ ඔයාගෙ නිර්මාණ එකතුවක් කළානම් අගයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නඟා...දැන් නම් අලුතින් කවි ලියවෙන්නේ නැති තරම්...මේ සේරම කලින් ලියු ඒවා...බලමු ඒ ටිකවත් එකතු කරන්න...

      Delete
  5. මේ කවිය කියවද්දි මට සිහිවුණේ මගේ තාත්තා පිළිකාවකින් රෝගාතුරව මහරගම පිළිකා රෝහලේ සිටි කාලයේ අම්මා, මා සහ මල්ලිලා විඳි අත්දැකීම්. එවැනි දුකක් කිසිවකුටත් විඳින්නට නොලැබේවා ! මහරගමදී වඩාත්ම කඳ්‍රළු නැගෙන්නේ පිළිකා වැළඳී සිටින පුංචි දරුවන් දකිද්දි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතකයන් වලින් දුකක් දැනුන නම් සමා වෙන්න ඕනේ ප්‍රභාත්...මගේ ප්‍රර්තනාවත් එයමයි...කිසිවෙකුට මේ වගේ දුක් වේදනා ලබෙන්නේපා කියල...

      Delete
  6. ලියන්නට සොයා ලතවී
    අහිමි තැන අකුරු පැටලී
    කිසිත් නිකියාම ඉමී
    ඔබ ලියන්නේ මම දෝ සිතමී

    අක්කි ලියන්නේ ජිවිතේ දැනෙන විදිහට හැමෝටම.... එකත් පිනක් අක්කි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගා...එත් දැන් නම් අලුතින් ලියවෙන්නේ නැහැ...වෙලාව හොයාගන්න එක හරිම අමාරු වැඩක්...

      Delete
  7. සැරටම දැණුනා
    ජයවේවා..!!

    ReplyDelete