Monday, October 3, 2016

ඉඳුල් මල් දරාගෙන...ඇය මග බලාගෙන...

බස් නැවතුමක හිඳින තරුණියක් 




ඉර හිතේ ගින්දරෙන් මද්දහනෙ ඇවිලෙන 
විළිබියක් නැති සඳ එතූ සළුපිළි ලිහන 
අහසින් සෙනේ නැති ඒ කතරේ කොනක
ඇය ලතා මඩුල්ලකි පල ඇති කෙම් බිමක...

ඒ දුරු කතර මැද කෙම් බිම් සොයා යන 
අතරමං වූ දන පිපාසෙන් ඇවිදින
හෙම්බත් දනන් එන මල් මුවරද සිඹින 
සෙවනේ ගිමන් ලන තුරුලේම සැතපෙන...

විළිකුන් සුරත් පැහැ පල වලට ලොබ බඳින
පිණි කඳුළෙන් වැහුන ලපලු නම් නොදකින
ඇය මුවකින් නොබැන විසුල අතු පතරින
සිසිලෙන් සෙමෙර ලන එන දනා සනසන...

ඉඳහිටක ඉපැදෙන පැටි පැල නසාලන 
කම්පා වන සුසුම් සුළඟටද නෑසෙන 
කලාතුරකින් වහින වැස්සකට ඇය තෙමෙන 
අකල් වැහි නොරැදෙන...මතක විතරක් රැඳෙන...

කාලයක් දුටු හීන මුල් යට දිරා යන 
මහළු කොළ රොඩු වසා දූවිලි උලාගෙන 
ඉඳුල් මල් දරාගෙන ඇය මග බලාගෙන 
නොඉඳුල් පිං වතුන් යති ඇස් වසාගෙන....

WW

....................................................................................................................................................

ජිවිතේ අලුත් පිටුවක් පෙරලුව නිසා බ්ලොග් ලියන්නත්, බ්ලොග් කියවන්නත් වෙලාව හොයා ගන්න අමාරුයි මේ දවස් වල...පිටුව අලුත් කිව්වට පරණ පොතට, අළුතින් පිටු එක්කාසු කළා...අද තමයි පළමු දවස...ඒ කිව්වේ රැකියාව අලුත් කළා...කලින්ට වඩා ටිකක් විතර වගකීම් වැඩියි...ඒ වුනත් මැලේරියාවට එන්නතක් හොයන සිහිනයට ලඟයි...

අලුත් කතන්දරයක් ලියනකල්, පැරණි පද පෙළක් හොයල බ්ලොග් එක පිරෙව්වා...

21 comments:

  1. කවිය අපූරුයි, පොකුරු. ඒ වගේම රැකියාව සාරථකව කරගෙන යන්න මගෙන් සුභපැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී සුබ පැතුමට සහ ඇගයීමට...

      Delete
  2. නව වගකීම ඉහලින්ම ඉටුකිරීමට සුභ ප්‍රාර්ථනා. ලංකාව මැලේරියා නැති රටක් වීමේ සහනය ලෝකයටම ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්...එය තමයි අපේ අරමුණ...

      Delete
  3. සුබ පැතුම් වෙනසට. සාර්ථක වේවා සිහිනය akka.

    ReplyDelete
  4. ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ - කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම...ඒ ජිවිත වල ඇතුලාන්තයේ ඇති කතාව...

      Delete
  5. ජීවිතේ වටින, වැදගත් ඒ අලුත් පිටුවට සුබ පැතුම් !
    ඒ ළඟාවෙමින් සිටින සිහිනයේ වැදගත්කම නිසා ටික දවසකින් බ්ලොග් නොලියූ, නොකියවූ එකට සමාව දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රභාත් සුබ පැතුමට...වෙලාවක් ලැබුන ගමන් ඔක්කොටම කලින් බ්ලොග් ටික කියවල ඉන්න ඕනේ :)

      Delete
  6. අලුත් කතන්දරයක් කියනකන්/ලියනකන් පරණ පද පෙළක් කියෝල හිත පුරෝ ගත්තැයි කියලා හිතාගන්න...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චෙෆාකි මහත්තයෝ...

      Delete
  7. කවිය අපුරුයි වගේම අලුතින් පෙරළුව පිටුවටත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් සුබ පැතුමට සහ ඇගයීමට...

      Delete
  8. මැලේරියාවට ආය අහවල් එන්නත්ද බං?

    ඩේලි බිෆෝ ඩිනර් ගල් කාලක් ගැහුවනං බඩුම තමයි. අද්දුටුවයි සත්තයි තීන්දුයි නිවාරණයි! බොලා මේ නිකං අනීවාරතේ සල්ලි නහත්ති කරනව රීසර්ච් රීසර්ච් කිය කිය....ෂෙක් අම්මප...

    මැලේරියා එන්නත්.... මයි ෆුට්...:)

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ අගේ ඇති කතාවක්...

      එතකොට අර අප්‍රිකාවේ මැරෙන පොඩි උන්ටත් ඕවයින් ටිකක් පෙව්වා නම් හරි යාවි නේද...

      අනේ අම්මප ලංකාවේ හිටපු මැලේරියා පරපොෂිතයට වඩා අනික් රටවල ඉන්න ඈයෝ මාරාන්තිකයි...උණ හැදිලා වෙව්ලලා නිකා ඉන්නේ නැහැ...මොළේ, අක්මාවේ, වකුගඩුවේ වගේ අවයව ඇතුලේ තියන රුධිර නාල ඇතුලේ උන් කල්ලි ගැහෙනවා...උන් ඉන්න රතු රුධිරාණු සෛල එක පොදියට අර හීන් නාල වල ඇලෙනවා...මොලේ ඇළුනොත් කෝමා, නැත්නම් අවයව අක්‍රියතාවය නොහොත් ඕගන් ෆෙලියර්...මැරෙනකල් දන්නේ නැහැ...මොකද එතකොට බ්ලඩ් ටෙස්ට් වලින් හොයන්න බැහැ...

      ඒ තරම් ලේසි වුනා නම් මේ තරම් රිසර්ච් කරන්නේ නැහැ මහත්තයෝ...

      අපේ කාටවත් වෙලා නැත්නම් ඕක දැනෙන්නේ නැහැ...මං පිටරට ට්‍රේනින් එකකට ගිහින් ඉද්දි 2006 දී, එතන ඇවිත් උන්න අප්‍රිකන් ප්‍රොෆෙසර් කෙනෙකුට කෝල් එකක් ආවා දවසක...එයාගේ හිතවතෙකුට මැලේරියාව හැදිලා දවස් දෙකයි කෝමා තත්වයෙන් පස්සේ නැති වෙලා...එදා මට දැනුනා ඒ මිනිස්සු කොයි තරම් ඒවායින් විඳවනවද කියල...

      ලෝකේ රවටන්න රිසර්ච් කරන එව්වොත් ඇති...හැබැයි මට ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වුනා මේ ලෝකේ වෙනුවෙන් මේ අවුරුදු දහතුනට...ඒ බොරු නොකරන ඈයොත් එක්ක වැඩ කරන්න ලැබුන නිසා...

      හිත රිදෙනවා අප්පා මෙව්වා ඇහෙද්දී...ගල් බෝතලේට යට වෙච්චි බොලාල හිතන විදිය හරිම අමානුෂිකයි...
      මයි ෆුට්.. :(

      Delete
    2. හයියෝ...විහිලුවටනෙ මැඩම් කිව්වෙ....

      සිත රිදුනි නම් සමා,
      අයදිනෙමි දණ නවා,

      Delete
    3. නෑ රවී මහත්තයෝ, ගොඩක් අය රිසර්ච් වලට සල්ලි නිකරුනේ නාස්ති කරනවා...ඒක ඇත්ත...බොහොමයක් තමන්ගේ නම වෙනුවෙන් මොකක් හරි ප්‍රෝඩාවක් කරලා ඒකට රිසර්ච් ෆයින්ඩින් එකක් කියනවා...මං රිසච් වලට පය තිබ්බේ මැලේරියා පර්යේෂණ වලින්...2006 දී අර උඩ කියු පණිවුඩේ එන වෙලාව වෙනකල් මමත් රිසර්ච් කලේ පීඑච්ඩි එක ඉවර කරගන්න...ඒත් එදා මට බොහොම තදින් හිතට දැනුනා...අද වෙද්දී මං මගේ පුද්ගලික ජිවිතේ සේරම හීන හැබෑ කරගෙන ඉවරයි...මං නොකා නොබී වැඩ කරන එකෙන් මේ ලෝකේ එක පොඩි එකෙක් හරි යහතින් ජීවත් වෙන්න ඕනේ...ඒ අරමුණට යන්න ඕනේ තැනට තමයි මං මේ පය තිබ්බේ...මගේ සමකාලීනයෝ කියන්නේ මැලේරියාවෙන් තොර ලෝකයක් මට නෑ කියල...මට පිස්සු කියල...ඉතින් ඔහෙටත් එහෙම හිතෙන එක අහන්න දෙයක් නෑ...

      Delete
    4. / මගේ සමකාලීනයෝ කියන්නේ මැලේරියාවෙන් තොර ලෝකයක් මට නෑ කියල...මට පිස්සු කියල...ඉතින් ඔහෙටත් එහෙම හිතෙන එක අහන්න දෙයක් නෑ... /

      නෝනේ..නෝනේ..නෝනේ...මම තුන් හිතකින්වත් ඔබට පිස්සුය කියා හිතුවේවත් ඔබ කරන දේ සමච්චලයට ලක්කලේවත් නැති බව මහවන මැද රාජකාරි කොට දශක දෙකකට අධික කාලයක් ගෙවීගියද තවමත් මා රුධිරයෙහි වසනා මැලේරියා පරපෝෂිතයින්ගේ නාමයෙන් දිවුරා පවසන්නෙමි.(බොරුවක් නෙවෙයි. අවුරුදු දෙකකට ඉස්සෙල්ල මම මෙහෙදි ලේ දුන්න. පහුවදාම මට S.M.S. එකක් එනව වහාම රෝහලට වාර්තා කරන්න කියල. දනිපනිගාල දුවල ගිහිල්ල බැලින්නම් මගේ ලේ වල මැලේරියා පරපෝෂිතයො ඉන්නවලු. ඒ පාර ඒකට බෙහෙත් දුන්න)

      ඉතින් මම මේ කියන්න ආවෙ අවම වශයෙන් හත් අට පාරක් හෝ මැලේරියා වැළඳී එහි ආදීනව හොඳින් දන්නෙකු ලෙස මම කිසිසේත් ඔබ කරනා කාර්ය භාරය අව තක්සේරුවට හෝ සමච්චලයට ලක් කිරීමට නොසිතුවෙමි.

      නැවතත් පවසමි හිතවත් මැතිණියනි,මා විශ්වාස කල මැනව. ඒ හුදෙක් කවටකමක්ම පමණෙකි...:)

      Delete
  9. පොකුරු ඔබේ ජීවිත පොතේ අලුත් පිටුවක් පෙරලුන වෙලාවක මෙහෙම කියන්න හිතුනා.. සාර්ථකවීම් අසාර්ථක වීම් එක්ක පිටු ගොඩක් ලියවිලා අන්තිමේ ආපස්සට බලලා සතුටු වෙන්න පුලුවන් පොතක් ලියවෙන්න ඔබේ මේ පෙරලුන අලූත් පිටුව ඔබට මඟ පෙන්නාවි කියල මම හිතනවා..

    ReplyDelete
  10. අක්කී.... comment එකකට ගත්ත කාලය වැඩි උනාට මෙහේ ඇවිත් ගියා අක්කි... හැමෝටම කියන්න කතාවක් තියෙනවා. හඬක් නැති මිනිසුන්ට ගරහනු වෙනුවට සානුකම්පිතව දකින්නට පුළුවන් අක්කි වගේ හිතත්තියකටම විතරයි...

    ReplyDelete