Tuesday, June 28, 2016

අප්පච්චි මං මෙහේ...


උඹව උස්සගෙන බං හංදියක් ගානෙ මං
කාර් පෙන්නන්නම් ඇස් ඇරලා බලපන් 
පෙරහැරේ යන්ට මං, ගෙනා තම්මැට්ටම් 
වලට තඩි බාපන්...බැන්නෙ බොරුවටනේ මං...

උල් කර කොට කරන උඹේ පැන්සල් වගේ 
ජීවිතේ ගෙවෙන වග දැනන් උන්නත් මං
අම්මයි මමයි මැද බලි කුරුටු රූපේ
උඹව ඒ මැද්දේ...අඳින්නේ කවුද දැන්...

එදා උඹ පෙරහැරේ කර තියං යනකොට 
මළ බෙරේ සද්දෙට උඹව ඇහැරෙනකල්
කනත්තට එනකල්ම බලන් උන්නා මං 
පොඩි සද්දෙටත් උඹ...ඇහැරෙනවානේ බං...

අදත් මං හැන්දෑවේ උඹේ තනි නොතනියට 
කන්දර කියමින් සොහොනෙ ඉන්නකොට බං 
"අප්පච්චි මං මෙහේ"රත්තරනේ උඹේ හඬ 
කොහේදෝ ඈතකින් හුරතලෙන් ඇහුන බං...


......................................................................................................................................................



36 comments:

  1. දරුවෙකුගේ වියෝව. හරිම සංවේදීයී.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම...මේකේ නිමිත්ත මගේ හිතට දැනුන සත්‍ය සිදුවීමක්..මගේ මල්ලිගේ ලොකු දියණියගේ මොන්ටිසෝරියට එන පුංචි පුතෙක්ගේ වියෝ වීම...මගේ අම්මා කියූ විදියට ඒ තරුණ අම්මයි තාත්තයි තමයි මේ පුංචි පැටියගේ දෙන කර තියාගෙන ගිහින් තියෙන්නේ...

      Delete
  2. හරිම සංවේදී දසුනක් තමයි මැවෙන්නෙ. වචන 100කින් කියන්න ඕනෑ දේ කෙටියෙන් කදිමට කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට...ඒ වගේම අගය කිරීමට...

      Delete
  3. පිය සෙනෙහසක අරුමය. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  4. බොක්කටම වැදුනා ලොක්කා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම අගය කිරීමටත්...

      Delete
  5. වියෝ දුක, දරු දුක. මේ ගැන අද්දැකීමෙන්ම කියන්න පුලුවන්. වසර 10ක් ගිහින් වුනත් තවම ඒ ගැන කියන මතක් කරන හැටි?

    ReplyDelete
    Replies
    1. ගොඩක ස්තුතියි කසුන් බ්ලොගයට පැමිණියාට...කාලය ඔසුවක් කිව්වට කසුන්, සමහර වියෝ වීම් වලින් ඉතිරි වන වේදනාව මැරෙනතුරු නැති වෙන්නේ නැහැ...

      Delete
  6. අක්කි.... මේත් මගේ හිතෙන් ඇද ගන්න බැරිවුණු මගේම කවියක්... හිත ඉකි ගැහෙන රිද්මයටම ලියවිලා අක්කි

    ReplyDelete
    Replies
    1. මේ මිනිත්තු දහයකින් වගේ කල නිර්මාණයක් නංගෝ...හිතට බොහෝ දැනුන දෙයක් ගැන ලියද්දි ආයාසයකින් තිරවම ලියවෙනවා...බොහොම ස්තුතියි...

      Delete
  7. මේ වගේ වියෝවක් අත්විදින්න ලැබුන කෙනෙක්ට කොයි තරම් දැනෙනවා ඇද්ද???????????
    කවියට නිමිත්තත් කියෙව්වා... කනගාටුයි.. හරිම සංවේදී සිදුවීමක්...

    පද පෙල නම් ලස්සනයි පොකුරු....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි මේ පැත්තේ ආවාට...ඒ වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි...

      මේ දේ අහපු මට ඒ තරමට වේදනාවක් දැනුන නම්, ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්ට ඇති වෙන වියෝ දුක අපට මෙහෙම කවියකින් මතු කරන්න කවදාවත් බැරි වෙයි නිර්මාණි...

      Delete
  8. හරිම කණගාටුදායක සිදුවීමක්.
    පද පෙළ නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හේමමාලි...මේ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න දෙමාපියෝ අපි අතරේ ඕනේ තරම් ඉන්නවා...මතු පිටින් සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙනුනට ඒ මිනිස්සුන්ගේ හිත් වල තියන වේදනාව කුණක් වගේ ජිවිත කාලේ පුරාම පැසවනවා...

      Delete
  9. ලස්සන සංවේදී සටහනක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් ඔබේ ඇගයීමට...

      Delete
  10. බොහම සංවේදී සටහනක්.. පුද්ගලිකව මට මෙහෙම දේවල් දැනෙනවා වැඩියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට. දරුවෝ සම්බන්ධයෙන් මේ වගේ දේවල් ඇහෙද්දී අපි බොහෝ දෙනෙක්ට ඒ සංවේදී කම දැනෙනවා වෙන්න ඕනේ...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  11. හපොයි..මට ඔයවගේ ඒවා කියවගෙන යනකොට පපුව බර වෙලා උගුර හිරවෙනවා...අනේ හම්මේ...
    සංවේදී වීමත් එක්තරා විදියක දුකක් දෙයියනේ....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චෙෆ් මේ පැත්තේ ආවට...සමහර වෙලාවට සංවේදී කමත් දුකක් තමයි...සංවේදී නොවීම කියන්නෙත් දුකක්...ගස් ගල් වගේ හිත් තියන මිනිස්සු එක්ක සමාජගත වෙන එක හරිම අසීරු කටයුත්තක්...දෙයක් මැදහත් සිතින් වීඳ ගැනීමයි, සංවේදී නොවීමයි කියන්නේ වෙනස් මාර්ග දෙකක්...අර ඔබේ නිර්මාණයේ ඉන්න බිරිඳ වගේ ගැහැනුන්ට දුක් විඳිනට වෙලා තියෙන්නේ ඔය කියන සංවේදී නොවෙන මිනිස්සු නිසා...

      Delete
  12. හප්පා වැදුනා බං බොක්කටම.හරිම සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට බ්ලොගයට ගොඩ වැදුනට..ඒ වගේම අගය කිරීමට...මා අතින් මේ වචන ටික ලියවුනෙත් මටත් ඔබ ඔය කියපු විදියටම එය දැනුන නිසා...

      Delete
  13. Replies
    1. බොහොම ස්තුතියි අජිත් නෙලුම් යායෙන් දෙන මේ සහයෝගයට සහ දිරියට...ඔබ එතැන යොදා ගෙන තිබෙන පින්තුරය දැක්කම මට ඇහැට කඳුළක් ආවා...එක මොහොතකට මට අමතක උනා ඒ නිසදැස ගැලපුවේ මම කියනෙකත්...ඒ තරමට ගැලපෙනවා...

      Delete
  14. මේ වදන් ලියන්න පෑන හසුරවාගත්තෙ කොහොමද ? හරිම සංවෙද් නිමැවුමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට...

      ඇත්තෙන්ම කියනවා නම් සමහර නිර්මාණ ගලපද්දී බොහෝ විට ඇහෙන් කඳුළු වැටෙනවා...මේකත් එහෙම නිර්මාණයක්...එතැන තියෙන්නේ බොළඳ කමක් නෙවේ...නිර්මාණයේ ජිවත් වීම කියන දේ...මම මහා ලොකු ලියන්නෙක් නොවුනාට, ලියන හැමදේටම උපරිම සාධාරණයක් දෙන්න උත්සාහ කරන කෙනෙක්...

      Delete
  15. අපොයි, ඇස් දෙකම බොඳවුනා පොකුරු, කවිය කියවල ඉවර වෙනකොට...

    අපිව වලළන්ට චිතකයට ගිණි තියන්නට,
    උන්නු උඹ වළදමා එතැන තනි රකින්නට,
    සිද්දවුනෙ මට පුතේ පෙර කරුම ගෙවන්නට,
    පතන්නෙමි මෙවැන්නක් යලි සසර නොවන්නට,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී...ඇත්ත තමයි රවී, ඔබේ පදපෙලේ මා අතින් නොලියවුන ඒ යථාර්තය තියනවා...පෙර කරපු කර්ම අනුව තමයි මේ වගේ දේවල් අත් විඳින්න වෙන්නේ...

      Delete
  16. 1987 වර්ෂයේදී එවකට මා පදිංචිව සිටි නිවස අසලදී අවුරුදු 12 ක දැරියක් බස් රථයකට යටවුනා, බයිසිකලයක් පැදගෙන යද්දී. බස් රියදුරා බසය දමා පන දිව්වා. මේ දැරිය අපි හොඳින් දන්නා පවුලක දැරියක්. බස් රථයේ ඉදිරිපස වම් පැත්තේ රෝදය ඇගේ හිස පොඩි කරමින් හිස මත නැවතී තිබුණා. අසල් වැසියකු බස් රථය ඉවතට ගනිද්දී, මා එම දැරියගේ දේහය ඔසවාගත්තා. නමුත් බලන්න මුහුණක් ඉතිරිවී තිබුනේ නැහැ. අදටත් මේ සිද්ධිය මගේ හිතේ දැඩි වේදනාවක් ලෙස තැන්පත්ව තිබෙනවා.

    මේ කවි පෙළ ඒ අතීතයට මා රැගෙන ගියා. ඒ වේදනාව නැවතත් නැගුනා.

    ReplyDelete
    Replies
    1. බ්ලොගයට පැමිණියාට බොහොම ස්තුතියි ඔබ තුමාට...මට ඔබේ සටහන කියවගෙන යද්දී ඒ අවස්ථාවේ ඔබට මොනවා දැනෙන්න ඇතිද කියල හිතුනා..ඒ වගේ දේවල් වල මතක පපුවේ ඇති සුව නොවෙන තුවාල වගේ.. ඒ අමිහිරි මතක පෑරුවට සමාවෙන්න...ඇත්තටම මේක ලියවුනේ මමත් බොහොම තනිකමෙන් උන්න වෙලාවක, මට මගේ මල්ලිගේ පොඩි උන් දෙන්නව මතක් වෙලා, ඒ එක්කම ඇහින් දැකල නැති උනත් අර මිය ගිය පොඩි පුතා ගැන මතක් වෙලා...දරු පැටව් කියන්නේ අපට සම්පත් කාගේ දරුවෝ උනත්...

      පාසැල් කාලයේදී බොරැල්ල කනත්ත ළඟ තරුණ අම්ම තාත්ත දෙපොලක් ඉතාම කුඩා මිනී පෙට්ටියක් කර තියාගෙන ගිය දසුන අදටත් මගේ හිතේ නොමැකෙන චිත්‍රයක්...එහෙම දේක කොටස් කරුවෙක් උන ඔබට ඇති වේදනාව ගැන මට හිතා ගන්න පුළුවන්...

      Delete
  17. ඔබේ සුන්දර අදහස් වලට බොහෝ කැමැත්තෙමි...

    ReplyDelete