උඹව උස්සගෙන බං හංදියක් ගානෙ මං
කාර් පෙන්නන්නම් ඇස් ඇරලා බලපන්
පෙරහැරේ යන්ට මං, ගෙනා තම්මැට්ටම්
වලට තඩි බාපන්...බැන්නෙ බොරුවටනේ මං...
උල් කර කොට කරන උඹේ පැන්සල් වගේ
ජීවිතේ ගෙවෙන වග දැනන් උන්නත් මං
අම්මයි මමයි මැද බලි කුරුටු රූපේ
උඹව ඒ මැද්දේ...අඳින්නේ කවුද දැන්...
එදා උඹ පෙරහැරේ කර තියං යනකොට
මළ බෙරේ සද්දෙට උඹව ඇහැරෙනකල්
කනත්තට එනකල්ම බලන් උන්නා මං
පොඩි සද්දෙටත් උඹ...ඇහැරෙනවානේ බං...
අදත් මං හැන්දෑවේ උඹේ තනි නොතනියට
කන්දර කියමින් සොහොනෙ ඉන්නකොට බං
"අප්පච්චි මං මෙහේ"රත්තරනේ උඹේ හඬ
කොහේදෝ ඈතකින් හුරතලෙන් ඇහුන බං...
......................................................................................................................................................
දරුවෙකුගේ වියෝව. හරිම සංවේදීයී.
ReplyDeleteඇත්තෙන්ම...මේකේ නිමිත්ත මගේ හිතට දැනුන සත්‍ය සිදුවීමක්..මගේ මල්ලිගේ ලොකු දියණියගේ මොන්ටිසෝරියට එන පුංචි පුතෙක්ගේ වියෝ වීම...මගේ අම්මා කියූ විදියට ඒ තරුණ අම්මයි තාත්තයි තමයි මේ පුංචි පැටියගේ දෙන කර තියාගෙන ගිහින් තියෙන්නේ...
Deleteහරිම සංවේදී දසුනක් තමයි මැවෙන්නෙ. වචන 100කින් කියන්න ඕනෑ දේ කෙටියෙන් කදිමට කියල තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට...ඒ වගේම අගය කිරීමට...
Deleteපිය සෙනෙහසක අරුමය. අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී...
Deleteබොක්කටම වැදුනා ලොක්කා....
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම අගය කිරීමටත්...
Deleteවියෝ දුක, දරු දුක. මේ ගැන අද්දැකීමෙන්ම කියන්න පුලුවන්. වසර 10ක් ගිහින් වුනත් තවම ඒ ගැන කියන මතක් කරන හැටි?
ReplyDeleteගොඩක ස්තුතියි කසුන් බ්ලොගයට පැමිණියාට...කාලය ඔසුවක් කිව්වට කසුන්, සමහර වියෝ වීම් වලින් ඉතිරි වන වේදනාව මැරෙනතුරු නැති වෙන්නේ නැහැ...
Deleteඅක්කි.... මේත් මගේ හිතෙන් ඇද ගන්න බැරිවුණු මගේම කවියක්... හිත ඉකි ගැහෙන රිද්මයටම ලියවිලා අක්කි
ReplyDeleteමේ මිනිත්තු දහයකින් වගේ කල නිර්මාණයක් නංගෝ...හිතට බොහෝ දැනුන දෙයක් ගැන ලියද්දි ආයාසයකින් තිරවම ලියවෙනවා...බොහොම ස්තුතියි...
Deleteමේ වගේ වියෝවක් අත්විදින්න ලැබුන කෙනෙක්ට කොයි තරම් දැනෙනවා ඇද්ද???????????
ReplyDeleteකවියට නිමිත්තත් කියෙව්වා... කනගාටුයි.. හරිම සංවේදී සිදුවීමක්...
පද පෙල නම් ලස්සනයි පොකුරු....
බොහොම ස්තුතියි නිර්මාණි මේ පැත්තේ ආවාට...ඒ වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි...
Deleteමේ දේ අහපු මට ඒ තරමට වේදනාවක් දැනුන නම්, ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්ට ඇති වෙන වියෝ දුක අපට මෙහෙම කවියකින් මතු කරන්න කවදාවත් බැරි වෙයි නිර්මාණි...
හරිම කණගාටුදායක සිදුවීමක්.
ReplyDeleteපද පෙළ නම් අපූරුයි.
ඔව් හේමමාලි...මේ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න දෙමාපියෝ අපි අතරේ ඕනේ තරම් ඉන්නවා...මතු පිටින් සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙනුනට ඒ මිනිස්සුන්ගේ හිත් වල තියන වේදනාව කුණක් වගේ ජිවිත කාලේ පුරාම පැසවනවා...
Deleteලස්සන සංවේදී සටහනක්.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් ඔබේ ඇගයීමට...
Deleteබොහම සංවේදී සටහනක්.. පුද්ගලිකව මට මෙහෙම දේවල් දැනෙනවා වැඩියි...
ReplyDeleteබොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට. දරුවෝ සම්බන්ධයෙන් මේ වගේ දේවල් ඇහෙද්දී අපි බොහෝ දෙනෙක්ට ඒ සංවේදී කම දැනෙනවා වෙන්න ඕනේ...බොහොම ස්තුතියි ඔබට...
Deleteහපොයි..මට ඔයවගේ ඒවා කියවගෙන යනකොට පපුව බර වෙලා උගුර හිරවෙනවා...අනේ හම්මේ...
ReplyDeleteසංවේදී වීමත් එක්තරා විදියක දුකක් දෙයියනේ....!
බොහොම ස්තුතියි චෙෆ් මේ පැත්තේ ආවට...සමහර වෙලාවට සංවේදී කමත් දුකක් තමයි...සංවේදී නොවීම කියන්නෙත් දුකක්...ගස් ගල් වගේ හිත් තියන මිනිස්සු එක්ක සමාජගත වෙන එක හරිම අසීරු කටයුත්තක්...දෙයක් මැදහත් සිතින් වීඳ ගැනීමයි, සංවේදී නොවීමයි කියන්නේ වෙනස් මාර්ග දෙකක්...අර ඔබේ නිර්මාණයේ ඉන්න බිරිඳ වගේ ගැහැනුන්ට දුක් විඳිනට වෙලා තියෙන්නේ ඔය කියන සංවේදී නොවෙන මිනිස්සු නිසා...
Deleteහප්පා වැදුනා බං බොක්කටම.හරිම සංවේදීයි.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට බ්ලොගයට ගොඩ වැදුනට..ඒ වගේම අගය කිරීමට...මා අතින් මේ වචන ටික ලියවුනෙත් මටත් ඔබ ඔය කියපු විදියටම එය දැනුන නිසා...
Deletehttp://nelumyaya.com/?p=6114
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් නෙලුම් යායෙන් දෙන මේ සහයෝගයට සහ දිරියට...ඔබ එතැන යොදා ගෙන තිබෙන පින්තුරය දැක්කම මට ඇහැට කඳුළක් ආවා...එක මොහොතකට මට අමතක උනා ඒ නිසදැස ගැලපුවේ මම කියනෙකත්...ඒ තරමට ගැලපෙනවා...
Deleteමේ වදන් ලියන්න පෑන හසුරවාගත්තෙ කොහොමද ? හරිම සංවෙද් නිමැවුමක්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ඇගයීමට...
Deleteඇත්තෙන්ම කියනවා නම් සමහර නිර්මාණ ගලපද්දී බොහෝ විට ඇහෙන් කඳුළු වැටෙනවා...මේකත් එහෙම නිර්මාණයක්...එතැන තියෙන්නේ බොළඳ කමක් නෙවේ...නිර්මාණයේ ජිවත් වීම කියන දේ...මම මහා ලොකු ලියන්නෙක් නොවුනාට, ලියන හැමදේටම උපරිම සාධාරණයක් දෙන්න උත්සාහ කරන කෙනෙක්...
අපොයි, ඇස් දෙකම බොඳවුනා පොකුරු, කවිය කියවල ඉවර වෙනකොට...
ReplyDeleteඅපිව වලළන්ට චිතකයට ගිණි තියන්නට,
උන්නු උඹ වළදමා එතැන තනි රකින්නට,
සිද්දවුනෙ මට පුතේ පෙර කරුම ගෙවන්නට,
පතන්නෙමි මෙවැන්නක් යලි සසර නොවන්නට,
බොහොම ස්තුතියි රවී...ඇත්ත තමයි රවී, ඔබේ පදපෙලේ මා අතින් නොලියවුන ඒ යථාර්තය තියනවා...පෙර කරපු කර්ම අනුව තමයි මේ වගේ දේවල් අත් විඳින්න වෙන්නේ...
Delete1987 වර්ෂයේදී එවකට මා පදිංචිව සිටි නිවස අසලදී අවුරුදු 12 ක දැරියක් බස් රථයකට යටවුනා, බයිසිකලයක් පැදගෙන යද්දී. බස් රියදුරා බසය දමා පන දිව්වා. මේ දැරිය අපි හොඳින් දන්නා පවුලක දැරියක්. බස් රථයේ ඉදිරිපස වම් පැත්තේ රෝදය ඇගේ හිස පොඩි කරමින් හිස මත නැවතී තිබුණා. අසල් වැසියකු බස් රථය ඉවතට ගනිද්දී, මා එම දැරියගේ දේහය ඔසවාගත්තා. නමුත් බලන්න මුහුණක් ඉතිරිවී තිබුනේ නැහැ. අදටත් මේ සිද්ධිය මගේ හිතේ දැඩි වේදනාවක් ලෙස තැන්පත්ව තිබෙනවා.
ReplyDeleteමේ කවි පෙළ ඒ අතීතයට මා රැගෙන ගියා. ඒ වේදනාව නැවතත් නැගුනා.
බ්ලොගයට පැමිණියාට බොහොම ස්තුතියි ඔබ තුමාට...මට ඔබේ සටහන කියවගෙන යද්දී ඒ අවස්ථාවේ ඔබට මොනවා දැනෙන්න ඇතිද කියල හිතුනා..ඒ වගේ දේවල් වල මතක පපුවේ ඇති සුව නොවෙන තුවාල වගේ.. ඒ අමිහිරි මතක පෑරුවට සමාවෙන්න...ඇත්තටම මේක ලියවුනේ මමත් බොහොම තනිකමෙන් උන්න වෙලාවක, මට මගේ මල්ලිගේ පොඩි උන් දෙන්නව මතක් වෙලා, ඒ එක්කම ඇහින් දැකල නැති උනත් අර මිය ගිය පොඩි පුතා ගැන මතක් වෙලා...දරු පැටව් කියන්නේ අපට සම්පත් කාගේ දරුවෝ උනත්...
Deleteපාසැල් කාලයේදී බොරැල්ල කනත්ත ළඟ තරුණ අම්ම තාත්ත දෙපොලක් ඉතාම කුඩා මිනී පෙට්ටියක් කර තියාගෙන ගිය දසුන අදටත් මගේ හිතේ නොමැකෙන චිත්‍රයක්...එහෙම දේක කොටස් කරුවෙක් උන ඔබට ඇති වේදනාව ගැන මට හිතා ගන්න පුළුවන්...
harima sanvedi padi pelak..
ReplyDeleteබොහොම ස්තුතියි ලලිත්...
Deleteඔබේ සුන්දර අදහස් වලට බොහෝ කැමැත්තෙමි...
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට :)
Delete