Sunday, April 9, 2017
ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...
ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට
පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට
කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට
දුකක් දැනුනේ නෑලු මුදු රෝස මල් වලට...
දකින්නට හිතුවාම නොපෙනිච්ච හීනයක්
ඇස් වසා ගල බිඳිමි සිවුරු ලා ගීතයක්
මල් වලට නොහොබිනා දුප්පත්ම හාදුවක්
ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...
කුළු ගෙඩිය තිස්සේම වදිද්දී කළු ගලේ
මේ දැනුත් රිදෙනවා කළු කුහර හදවතේ
මල්සරා උඹ මගෙන් උදුරාන ගිය වෙලේ
බෝරයක් පිපුරුනා ඇතාගල මහගලේ...
අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තයි
එක අතක වාරුවෙන් ගල බින්ද සත්තයි
කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තයි
මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...
WW
Subscribe to:
Post Comments (Atom)
අපූරු අදහසක් අක්කේ... පද පෙලත් ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තුතියි නංගි...
Deleteඅපොයි මෙහෙම රිදෙන කවි ලියන්න එපා අප්පා
ReplyDeleteඑව්වා ලියනෙක පුරුද්දට ගිහින්...
Deleteමැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...
ReplyDeleteජය වේවා ..!!!
බොහොම ස්තුතියි සුමුදු...
Deleteදැනෙන ලස්සන නිර්මාණයක් පොකුරු.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමි...
Deleteමේක හොඳ ගී සංකල්පනාවක්...!!
ReplyDeleteදිවුල්ගනේගේ හරි එදිරිසිංහගේ හරි හඬින් ගැයුනානං අගෙයි...!!
බලමු ඉතින්...එහෙම කිව්වට ඕවා කවදාවත් සින්දු වෙන එකක් නැහැ...ඔක්කොම පුරා වස්තු ගොඩට එකතු වෙනවා මිසක...
Deleteබොහොම ස්තුතියි චෙෆාකි මහත්තයෝ...
අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තමයි
ReplyDeleteඑක අතක වාරුවෙන් ගල බින්ද සත්තමයි
කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තමයි
මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තමයි...
හරිම හරි අපූරුයි පොකුරු මේ ඇත්තමයි...
බොහොම ස්තුතියි රවී අගය කිරීමට....
Deleteලස්සනයි... අහපු දැකපු යමක් හේතුවෙන්න ඇති කියලා හිතෙනවා...
ReplyDeleteබොහොම ස්තුතියි තිසර...
Deleteතනි අතින් කළු ගල් කඩන කෙනෙකුගේ වීඩියෝ එකක් නැරඹුවා මේ ලඟදි...ඒ නිමිත්තෙන් පරිකල්පනය කරපු දෙයක්...
ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි යාත්‍රා ...
Delete"ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්"
ReplyDelete"මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි"
හරිම ලස්සනයි මේ කවි පෙල. ජය ඔබට පොකුරු වැහි..
බොහොම ස්තුතියි අරු...
Deleteජය වේවා...
ටජ් මහල වැරදුනු අය බොහොමයි
ReplyDeleteඇත්ත...මිනිස්සුන්ට ටජ් මහල් හදන්න ලැබෙන්නේ කලාතුරකින්
Deleteබොහොම අපූරුයි පොකුරු....
ReplyDeleteබොහොම ස්තුතියි විසිරි...
Deleteඅගේ ඇති කවියක!
ReplyDelete