Tuesday, January 24, 2017

එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට...



විදුලි ගිණි බෝලයක් පොළොවේ ඇනෙන තැන
ඇවිලෙනා තරමටම උඹ ගැනය කැක්කුම
නළලේ තිලකයේ කැපුවොතින් හරස්කඩ
එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට...

දෑත දන් දුන්න දා තල් වැටේ ඉන්නකට
පිච්ච මල් සුවඳ මට දැනුනෙ ඇස් අරිනකොට
මායිමට බර තියා උතුරටම ඇදෙනකොට
දෙපැත්තෙම වෙඩි සද්දෙ ඇහුන මට බරටම...

උඹේ උන්, මගේ උන් අදත් මූනිච්චාවට
හිනැහුනත් මායිමක් තිබුන තැන් නැති ලෙසට
එක්කාගෙන කොහොම යන්නෙ උඹ දකුණට
පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට....

ආදරේ හිරවෙලා කවන හැම බත් පිඩක
දැවිල්ලක් දැනෙනවා පපුවේ කෙළවරක
මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
දෑත් පටලනු කොහොම දෑතම අහිමි කොට...







WW

18 comments:

  1. "මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
    දෑත් පටලනු කොහොම දෑතම අහිමි කොට..."

    පපුව හිරවෙන ඇත්ත
    බොහොම අගෙයි අක්කි

    ReplyDelete
  2. //පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට.... //
    මරු යෙදුම මේක නං...!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි චෙෆාකි මහත්තයෝ...

      Delete
  3. සැබෑ ප්‍රේමය හා ජාතිවාදය

    ReplyDelete
  4. දෙලොව අතරක හුස්ම සෙවු උඹෙ දිරිය මගෙ නෙත තෙත්කලා
    පරව යන්නට නොදුන්නේ මම රුධිර එක බව සළකලා
    බෙදුව ජාතිය ආගමෙන් ඇයි තවම මිනිසුන් ඇවිළිලා
    ගනුව දහිරිය වෙන්ව යන්නට තල් අරණ මට පෙම් කලා..........

    පොකුරු. කවි ටික පුරාම සංවේදීබව හොඳින්ම දැනෙනවා. හරිම රහයි. ඒ වචන ගැළපිල්ලේ අපූරුව නිසාම අපිත් එතන හිටි බවක් වගේ දැනෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය දුමී...

      ගොඩක් ස්තුතියි ඇගයීමට...

      ජය වේවා !!!

      Delete
  5. ගායනය : ගුණදාස කපුගේ
    සංගීතය : සේන වීරසේකර
    පද රචනය : රෝහණ දන්දෙණිය

    පොකුරු මේ සින්දුව අහලා තියෙනවා නේද....,

    ReplyDelete
    Replies
    1. අහල නැහැ අරුණ...බොහොම ස්තුතියි ලින්ක් එක දැම්මට...

      Delete
  6. අපූරුයි පොකුරු ...මට නිකන් ෆිල්ම් එකක් වගේ මේ වචනයක් වචනයක් ගානේ රූප හිතේ ඇඳුනා.

    එක්කාගෙන කොහොම යන්නෙ උඹ දකුණට
    පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට....

    අනේ මෙහෙම නොකියා එයාලට තිබුනනේ අර අසංක ප්‍රියමන්ත කියනවා වගේ කියන්න.

    දීපාවලී දාට දීපාවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඇගයීමට සඳවතී...

      හැමෝම ඒ සිංදුවේ වගේ හිතුව නම් මේ ලෝකේ කොයි තරම් ලස්සන වෙයිද...

      Delete
  7. //නළලේ තිලකයේ කැපුවොතින් හරස්කඩ
    එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට.// බොහොම ලස්සනයි පොකුරු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත් ඇගයීමට...

      Delete
  8. මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
    දෑත් පටලනු කොහොම දෑතම අහිමි කොට...

    හිතට දැනුනා මේ පද පේලි දෙක නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධනු...සාදරයෙන් පිළිගන්නවා පොකුරු වැස්සට...

      Delete
    2. ස්තුතියි පොකුරු.. ජයවෙවා!!!

      Delete
  9. //ආදරේ හිරවෙලා කවන හැම බත් පිඩක
    දැවිල්ලක් දැනෙනවා පපුවේ කෙළවරක// කවියෙම හැගීම මෙතනින් දැනෙනවා වගෙ..අගෙයි...

    ජාතිවාදය තියෙන්නෙ දේශපාලනය කරන්න මිසක ආදරය කරන්න නෙවෙයි කියලා මිනිස්සු දවසක තේරුම් ගනියි....

    ReplyDelete