නැන්දා කී කවිය
.....................................................
සුදු පුතේ ලේ රැහැනක
උඹව එල්ලගෙන නාවට
සංසාරයෙ අපේ බන්ධන
සැතකින් කපනු හැකි වෙද...
සුර විමානෙන් බැහැගෙන
උඹ ආ දවසෙ හරි හෙමිහිට
සලු දුන් පත්තිනි විතරමයි
උන්නෙ හිත දන්න කෙනෙකුට...
ජිවිතේ කළුවරම කාලෙක
උඹ ආවෙ නෙක පාට ගාගෙන
සක්වලේ තරු සේරම
ඔය ඇස් දෙකට අරගෙන..
අම්මයි, මායි අපි දෙන්නම
රෑනක ඇතින්නියො වාගෙම
පුතේ එක වෙනසයි ඇත්තෙ නම්
මයෙ ගාව කිරි සුවඳ නැති කම...
සුදු පුතේ උඹ මැණිකකි
සක්විති කිරුළක්ය පැතිය යුතු
කළල මඩ වැහි මත්තේද
ගැටි ගැටී තව ඔප වැටිය යුතු...
තුන්සිය හැටපහට වැඩියෙන්
තව දවසක්ද ඉවසිය යුතු
පුතේ අම්මෙකුට වැඩියෙන්
දුකක් මං ඉවසියම යුතු...
සුදු පුතේ හැම පෝය දාටම
හඳ දිහාවෙමු අපි බලං ඉමු
ආයෙමත් මං ගෙදර එනකල්
ආදරේ අපි හඳේ තවරමු....
.......................................................................
WW
ජනවාරි 28, 2017

ඔය ඇස් දෙකට අරගෙන..
අම්මයි, මායි අපි දෙන්නම
රෑනක ඇතින්නියො වාගෙම
පුතේ එක වෙනසයි ඇත්තෙ නම්
මයෙ ගාව කිරි සුවඳ නැති කම...
සුදු පුතේ උඹ මැණිකකි
සක්විති කිරුළක්ය පැතිය යුතු
කළල මඩ වැහි මත්තේද
ගැටි ගැටී තව ඔප වැටිය යුතු...
තුන්සිය හැටපහට වැඩියෙන්
තව දවසක්ද ඉවසිය යුතු
පුතේ අම්මෙකුට වැඩියෙන්
දුකක් මං ඉවසියම යුතු...
සුදු පුතේ හැම පෝය දාටම
හඳ දිහාවෙමු අපි බලං ඉමු
ආයෙමත් මං ගෙදර එනකල්
ආදරේ අපි හඳේ තවරමු....
.......................................................................
WW
ජනවාරි 28, 2017

කිරි අම්මාවරුන්ගේ කවිය...!!
ReplyDeleteඔව්...අම්මලා නොවුන අම්මලාගේ කවිය...
Deleteඅපූරු මානයක්.. මේ බ්ලොග් ලෝකෙ හැම කවියාටම මාර නිමිති පහළ වෙන එකනෙ පුදුමෙ
ReplyDeleteඇත්තම කිව්වොතින් කොච්චි මේ නම් මගේ අත්දැකීමක්...මගේ මල්ලිගේ කෙලි පැටව් දෙන්න...මගේ දරුවෝ වගේ තමයි..
Deleteස්තූතියි ...
ReplyDeleteවින්ඳෙ සෙනෙහස නුඹෙන් මා වෙත නොවඩුවම මම එදින වින්ඳා
ReplyDeleteවැදුව නැති මුත් රුහිරු උණුහුම මතකයන් මා අවට බැන්දා
සිදුව ඇතිදේ සසරෙ දිනයක කඳුල අතරෙම මියෙන හින්දා
හැදුව පින ඇති මවයි නුඹ මට සදා කල් නුඹ මගේ නැන්දා....
ලස්සන කවි ටික පොකුරු.
ජයවේවා!!!
පොකුරු.
Delete"වින්ඳෙ සෙනෙහස" නෙවෙයි "පිදුව සෙනෙහස" වෙන්න ඕනේ.
ජයවේවා!!!
කවිය වගේම Chef-Archi comment එකත් හරිම හැඟීම් බරයි. මගේ අම්මා මටත් මගේ චූටි අක්කටත් තාම හිනාවෙනවා ඒ අපිට අපේ දරුවන්ගේ පොඩි කාලෙට වඩා මතක අපේ ලොකු අක්කගේ දරුවෝ ගැන.ලොකු අක්කගේ පුතාලා මට අදටත් කතා කරන්නේ අම්මා කියලා. ඒ හැඟීම වචන කලාම හරියටම මෙන්න මේ වගේ අක්කි ...
ReplyDeleteගොඩක් ස්තුතියි නඟා...ඔව් අම්මා කෙනෙක්ම විය යුතු නැහැ දරුවන්ට ආදරේ කරන්නත්, දරු සෙනෙහස විඳින්නත්....
Deleteලස්සනයි අක්කා. හිතට දැනුන කවි පද පෙලක්... අපූරුයි
ReplyDeleteගොඩක් ස්තුතියි මහේෂ් මල්ලි...
Deleteපරක්කු වෙලා හරි ඔයාව කියවන්න ලැබුන එක මට පුදුම තරම් සතුටක් පොකුරු...මේ කතා කරන අකුරු මගේ හදවතටම දැනෙනවා
ReplyDeleteගොඩක් ස්තුතියි ශානි..මේ ඇගයීම ගොඩක් වටිනවා
Deleteකිරි සුවද මොට ද මව් සුවද ළය තුළනම් පොකුරු
ReplyDeleteඅනිවාර්යෙන්ම රොමා....
Deleteඅදයි මේ අහා ආවේ. ඔන්න මාත් ෆලෝව් පාරක් දැම්මා...ලස්සන කවි... ආයමත් හැමදාම මේ පැත්තෙ එන්න බලන්නම්...
ReplyDeleteගොඩක් ස්තුතියි සොඳුරු....මම නම් ඒ පැත්තේ ඇවිත් ඔයාගේ රස කතා කියවනවා...ගොඩක් ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...
Deleteකියන්න වචන නැහැ පොකුරු......
ReplyDeleteගොඩක් ස්තුතියි අරූ....
Deleteවටිනා කවි පෙළක්...
ReplyDeleteගොඩක් ස්තුතියි...
Deleteමාවත් පොඩි කාලේ හදාගෙන තියෙන්නේ සුදු නැන්දා. ඒ කියන්නේ තාත්තගේ නිවුන් සහෝදරී. මේ මටම ලියපු කවියක් වගේ
ReplyDeleteමටත් සුදු නැන්දේ කියන කෙලි පැටව් දෙන්නෙක්ම ඉන්නවා...ඒ අත්දැකීම තමයි මේ ලියවුනේ...ඒ බැඳීම් හරි ගැඹුරුයි මල් මල්ලි...
Deleteලෝකේ පුරාම ආදරය ලැබිය යුතු දරුවෝ ආදරය නොලැබී ජීවත් වෙනවා පොකුරු.. ඒ වගේ දරුවෝ හොයාගෙන ගිහින් තමන්ගේ වගේ හදා ගන්න පෙළබෙනවා නම් .....
ReplyDeleteමේ ලෝකේ සමහර දේවල් තියනවා කර්මය අනුව සිදු වෙන...මෙහෙම හදා ගන්න දරුවෝ බොහෝ විට ලොකු වෙලා හොයන්නේ තමන්ගේ නියම අම්ම තාත්තව...සමහර වෙලාවට මේ වගේ දරුවෝ කොයි තරම් ආදරේ ලැබුනත් සමාජෙත් එක්ක කලකිරීමෙන් ඉන්නේ...ඒ නිසා ඒ වගේ දේවල් කරන්න ඕනේ බොහොම කල්පනාවෙන් කියලයි මට නම් හිතෙන්නේ...එයාලට නැගිටගන්න උදව්වක් වෙන එකයි, දෙමාපියන්ගේ ආදරේ දෙන එකයි කියන්නේ ගොඩක් වෙනස් කරුණු දෙකක්...
Deleteඅපුරුයි පද
ReplyDeleteබොහොම ස්තුතියි
Delete