ඉස්සර වගේ දැන්, කවි වල හංගලා
ඔයා ගැන ලියන්නට හිතක් නෑ
අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම
වැහි මිසක ඉර එළිය වැටෙන්නෑ…
ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
උන් නම් කියන දේ ඇහුවෙ නෑ
නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා
ඒ වුනත් උන් තාම මරුනෙ නෑ…
ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු
ඉඳිකටු පාර නම් මැකෙන් නෑ
ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා
දැන් ඉතින් කවුරුවත් දකින් නෑ…
සඳ කිඳුරු ජාතකේ, කින්නරිය මැරුණාට
හැමෝම ඒ වගේ මැරෙන් නෑ…
ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
ජීවත් වෙන එකත් ලේසි නෑ…
ww@2018
ලස්සන නිසැදසක් පොකුරු වැහි සොහොයුරිය...
ReplyDeleteආදරය ජීවීතය පුරාම හදවත බරින් තියෙනවා...
සමහර විට හිමි ආදරයත්, අහිමි ආදරයත්
වෙනස හිමි අහිමි විතරයි ...ආදරය එහෙමමයි...
මගේ හිත ගියම තැන..
//ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
උන් නම් කියන දේ ඇහුවෙ නෑ
නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා
ඒ වුනත් උන් තාම මරුනෙ නෑ…//
ආහ් හරිම ලස්සනයි නිර්මාණය පොකුරු වැහි.
ReplyDeleteජයවේවා !!!
++++++++++++👌
ReplyDeleteහිතට දැනෙන වැදෙන කවි...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete+++++++++++++++++++++++++++++
ReplyDeleteකවි.. ❤❤❤☺️
ReplyDeleteමං බැලුවා මේ අසිපත් පාරක් වාගෙ කවියක් ලියා තියෙන්නෙ කවුද කියා. පුදුම වෙන්න දෙයක්යැ. පොකුරු වැහි සහෝදරීනෙ! වැහි වැටෙන තැන ලීවාට බ්ලොග් කියවන්න වෙන්නෙ අඩුවෙන්. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. නිතර වහිමු පොකුරු වැහි!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteHi WW. No posts for a long time (same with my blog). Just wondering when you are planing to back in SL would you be able to give me a head up? Like to meet for lunch or something in colombo along with our common blog friends ie. ravi weerasinghe , Tks Ian
ReplyDelete