Saturday, March 28, 2026

තිත් කොමා නැවතීම් ලකුණු නැති...


සමහරක් කතන්දර රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

ලං නොවී ලත වෙනා හිස් තැනකි  
ප්‍රේමයෙන් වෙලී ඇති කඩ ඉරකි 
වෙන් වෙන්ව බැඳී ඇති ඡේදයකි  
රාමුවෙන් එපිට ඇඳි චිත්‍රයකි...
මේ කතන්දර වල සකි රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

ගැටපදය විවරණය කරනු බැරි 
පටුනේ පළමු පිට සොයනු බැරි 
යටි පෙළක අරුතක් කියනු බැරි 
ජීවිත පොතක ගොනු කරනු බැරි... 
මේ කතන්දර වල සකි රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

හදවත සසල කල කෙටි වැකි 
කම්පිතව මතකයේ ඇලී ඇති 
ඉසියුම් තැනක කලබල නැති 
යලි යලි රැඳෙන්නට හිත ඇති... 
මේ කතන්දර වල සකි රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

සමහරක් කතන්දර රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

ww@මාර්තු, 28, 2026









3 comments:

  1. කතන්දරයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ.
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුසියානු කෙටි කතා සහ ප්‍රංශ කෙටි කතා අපි සලකා බලමු.

    සාමාන්‍යයෙන් රුසියන් කෙටි කතා කුතුහලය දක්වලා තමයි අවසන් වෙන්නේ.

    ආන්ට් එක ඔෆ් ගේ කෙටි කතා පෙළක් ඔබ කියවා තිබෙනවාද.

    අතුරුදහන් වූ මාලය. සිය ජීවිතය කැප කළ ශ්‍රේෂ්ඨතයක්.

    ඉතින් එවැනි කෙටිකතා වලදී කමාවකින් කතාව අවසන් වීම ඇත්ත තමයි එනම් ප්‍රංස කෙටිකතා විශේෂයෙන්ම 18 වන සියවසෙන් වස්තුව මේ සම්බන්ධයෙන් විශේෂ කතාබහක් ඇතිව තිබෙනවා.

    ප්‍රංශ විප්ලවයට පෙර සහ පසු තත්වයත් වෙනසක් තියෙනවා.

    මේ සම්බන්ධව සටහන් කිරීම මෙම බ්ලොග් අඩවියේ ලේඛකයා වෙතින් සිදුකිරීම ගැන සතුටට කරුණක

    ReplyDelete
  2. //සමහරක් කතන්දර රීති නැති
    තිත් කොමා නැවතීම් ලකුණු නැති...// බොහොම ගැඹුරු අදහසක් , නිසඳසත් එහෙමයි . පංකාදුයි

    ReplyDelete