වසර අවසාන මෙහෙයුම් වාර්ථාවෙහි සාරාංශය...
එය වසර අවසාන නිවාඩුවට පෙර, මා විසින් මට පවරා ගෙන තුබූ අවසන් කාර්යය...මා සිතා සිටියේ එය වරුවකින් නිමා කරන්නට...
දැනට ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති (research projects) හතරක්...නිමා කල එක් ව්‍යාපෘතියක්...ඒවායේ ලිඛිත ප්‍රගති වාර්ථා සකස් කිරීම් සහ වාචික ඉදිරිපත් කිරීම් (presentations)...2024/2025 අරමුදල් ලබා ගැනීම සඳහා සකස් කරන ලද තරඟකාරී පර්යේෂණ ව්‍යාපෘති යෝජනාවලි (research proposals) හයක්...නිමා කරන ලද පර්යේෂණයක දත්ත ඇතුලත් පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශනයක් සහ දැනට සකස් වෙමින් පවතින එවන් පත්‍රිකා දෙකක්...පේටන්ට් බලපත්‍රයකට අවශ්‍ය දත්ත...ඩොලර් මිලියන ගණනාවක් වටිනා පර්යේෂණ ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාතු...එකී මෙකී නොකී කළ කී දෑ, අනිකුත් රාජකාරී මැද සාරාංශ ගත කොට හමාර වන විට දවසක් ගත වී හමාරයි...
මේ දෙවන ජෛව ආරක්ෂණ මට්ටමේ (Bio safety level 2) පර්යේෂණාගරයක් පරිපාලනය කරමින්, එහි සියලු පර්යේෂණ වැඩ කටයුතු මෙහෙයවන, පර්යේෂණාගරයේ ඇති අන්තරායකර ජීවී ද්‍රව්‍ය (biohazardous waste) බහලාන ඇසුරුම දක්වාම වග කිවයුතු විද්‍යාඥයෙකුගේ වගකීම් සම්භාරයෙන් කොටසක්...කෙතරම් සහායකයින් සිටියද, රැකියාව කෙරෙහි ආශාවෙන්, ඉතා නිවැරදිව සහ මනා කළමනාකාරිත්වයෙන් යුතුව, වගකීමෙන්, විශ්වාසදායක ප්‍රථිපල ලබා දෙන පර්යේෂණ සහයකයෙක් හමු වන්නේ ඉතා කලාතුරකින්...එවැනි තත්වයක ප්‍රධාන විශ්ලේෂක (Principal Investigator) සහ අධ්‍යක්ෂක වරයා ලෙස වගකීම් දරන විද්‍යාඥයෙකුගේ මොළයේ සියලු ස්නායු, අංශක තුන්සිය හැටක පරාසයක් ආවරණය කරන, රේඩාර් පද්ධතියක් සේ හසුරුවා ගැනීම ඉතා වැදගත්...
මා මේ සඳහන් කරන්නේ ලාභ නොලබන (non-profit), ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂණ (medical research) ආයතනයක් යටතේ පවතින, පර්යේෂණාගරයක් පරිපාලනය කිරීමේදී දරන්නට වන වගකීම් වලින් කොටසක්...විද්‍යාගාර අධ්‍යක්ෂක වරයෙකුගේ ප්‍රධානම අභියෝගය වන්නේ ඵලදායිතාවයෙන් යුක්ත, නව්‍ය පර්යේෂණ ව්‍යාපෘති නිර්මාණය කිරීම සහ නව ව්‍යාපෘති සඳහා අරමුදල් සොයාගැනීම... මේ පර්යේෂණ සඳහා සම්බන්ධ වන බොහොමයක් විද්‍යාඥයන්ගේත්, ඔවුන්ගේ සහායකයින්ගේත්, සම්පුර්ණ පඩිපතෙහි බරත් (full burdened salary), පර්යේෂණයට අදාළ සෘජු පිරිවැයත්, ඒ මත ගොඩ නැගෙන ආයතනීය වක්‍ර පිරිවැයත් (direct and indirect costs), මේ අරමුදල් වල අයවැයට ඇතුලත්...එහෙයින් පර්යේෂණාගරයක් පරිපාලනය කරන්නාවූ ප්‍රධානියෙකුගේ හිස මත ඇත්තේ ඉතා විශාල බරක්...එම පර්යේෂණාගාරයේ සහ එම විද්‍යාඥයාගේ වෘත්තීය ගමන් මග තීරණය වන්නේ, ඔහු හෝ ඇයගේ දැනුම සහ බුද්ධිය මත ගොඩ නගන්නාවූ පර්යේෂණ යෝජනාවලියන් විසින්...අධි පීඩන කලාපයක, මැරතන් කාල සටහනක් දුවන්නා වූ ඔවුන් තම ආත්මයෙන්ම මේ පර්යේෂණ වලට ඇබ්බැහි වූවන්...තර්කානුකූල බුද්ධිය, දැනුම සහ රාමුවෙන් එපිට සිතීමේ හැකියාව මෙහිදී අතිශය වැදගත්...එමෙන්ම, හිරු එළිය විනිවිදන ගැඹුරු විලක් වන් නිරවුල් මනසක්ද එවැන්නෙකුට අත්‍යාවශ්‍යමයි...
ඔව්, මා දැන් මේ මැරතන් තරඟයට ඇබ්බැහි වී, ඉතාම කුඩා පර්යේෂණ ප්‍රථිපලයකින් පවා කිව නොහැකි තරමේ ආත්ම තෘප්තියක් ලබන්නියක වී හමාරයි...මෙයින් වසර විස්සකට පමණ පෙරාතුව, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයෙන් පටන් ගෙන නිව්යෝක් විශ්ව විද්‍යාලය හරහා ලෝකයේ ප්‍රධාන, ඇමෙරිකානු පර්යේෂණ බලඇණියක් දක්වා මා ආ මේ ගමන...පැය දහසයකට වඩා නොකඩවා පර්යේෂණාගරයේ ගත කල දින ගණන්...කරන්නා වූ කුමන හෝ දෙයක, ඉතා ක්ෂුද්‍රමය හෝ නොවැදගත් යැයි සිතෙන කොටසක් පවා පරිපූර්ණ ලෙස නිමා කිරීමට ගත් උත්සාහයන්...ඉතා උසස් ගණයේ මාර්ගෝපදේශකයින්...කුමන අන්දමකින් හෝ සෑහීමකට පත් නොවූ විද්‍යාඥයින්...මේ සියල්ලම අද දිනයේ "මා" යන පුද්ගලයා සහ වෘත්තිකයා නිර්මාණය කිරීමට බොහෝ සේ ඉවහල් වූ සාධක...
ඕනෑම මිනිසෙකුගේ අදහසක ඇති හරය පමණක් විශ්ලේෂණය කර එහි ඇති චිත්තාවේගයන් එසේත් නැතිනම් ඉමොශන්ස් (emotions) පෙරා වෙන් කරන්නට ඇති හැකියාව පසු ගිය අවුරුදු කිහිපය තුල මා හුරු කල දෙයක්...එමෙන්ම ඉමොශන්ස් වලින් තොරව පැහැදිළිව තමන්ගේ අදහස අනිකාට ප්‍රකාශ කිරීමද මා මේ කාලය තුල ප්‍රගුණ කරමින් පවතින දෙයක්...මේ අදහස මෙතන ලියා තබන්නට හේතු වූයේ තමන් කරනා දෙය පිළිබඳව අනිකාගේ ප්‍රශංසා හෝ අදහස් බලාපොරොත්තු වීම පිලිබඳ ඉයන් ලියා තුබූ අපූරු ලිපිය නිසාවෙන්...
මගේ අදහස නම්, තමා වෙහෙස වී, කාලය, ශ්‍රමය සහ දැනුම කැප කරමින් කරන්නාවූ රාජකාරියකට හෝ කරන්නා වූ නිර්මාණයකට හෝ නඩත්තු කරන්නා වූ සම්බන්ධයකට දිය යුතු අගය පිලිබඳ හොඳම මිම්ම ඇත්තේ තමන් එයින් ලබන ආත්ම තෘප්තිය තුල... මිනිසුන් බොහෝ සේ ප්‍රතිචාර මත යැපෙන්නේ තමන් විසින් අතිශය ලෙස වින්දනය නොකරන්නාවූ සහ තමන් ඉතා ආත්ම විශ්වාසයෙන් නොකරන්නාවූ දෑ සඳහා බවයි මගේ නම් අදහස...අනිත් අතට, නොයෙකුත් සැඟවුණු න්‍යාය පත්‍ර ඇතුව ප්‍රතිචාර ලබා දෙන මිනිසුන් සිටිනා ලෝකයක, මේ සියලු අදහස් පෙරා උරා ගැනීමත්, ඒවායින් වල්මත් නොවී එළඹි සිහියෙන් සිටීමත්, තමාගේ අරමුණු කරා යාමට ඉතා වැදගත්...එමෙන්ම, අප සියල්ලෝම පෘතග්ජනයන් වූ ලෝකයක, යම් කෙනෙකුගේ සිත සුවපත් වෙන ප්‍රශංසාත්මක අදහසක් හෝ ප්‍රතිචාරයක් ලබා දීම අපට නොමිලයේම කරන්නට හැකි දෙයක් හෙයින්, එය කිරීමට කිසිවෙක් මැලි විය යුතුත් නැහැ....සමහර විටක අප තබා යන්නා වූ ඉතා ක්ෂුද්‍ර වූත්, අතිශය සුන්දර වූත් එවන් මතකයක් හෝ සටහනක් එය ලබන්නාගේ ජීවිතයම වෙනස් කල හැකි දෙයක් වෙන්නට පුළුවන්...
Really proud of the work and achievements of a fellow sri lankan..
ReplyDeleteThank you Ian..
Deleteජීවිතේ ගැන ලියවුණු තවත් අපූරු විස්තරයක් .
ReplyDeleteජයවේවා !!!
බොහොම ස්තුතියි දුමී...
Deleteඔබේ මිතුරිය ගැන කණගාටුයි. එවැනි දේ වෙනවා. මමත් කතා කරන්නම් කියා හිතා හිටි දෙදෙනෙකු මේ අවුරුද්දේ නොකියම ගියා. කිසියම් වේදනාවක් ඉතුරු වෙනවා, අනික් පැත්තේ ඔබේ කාර්ය බහුලත්වය අමතක කරන්න් බැහැනේ. මමකාලයක් ආශාවෙන් යොමුවෙන්නට හිටි රැකියාවක් තමා ඔබ කරන්නේ. මගේ එක දියණියකට ඒ පැත්තට යොමු වන්නට උනන්දු කලත් අවශ්‍ය කරන උසස් සාමාර්ථ තිබියදී පවා ඇය ඒ උත්සාහය අත හැරියා. ඒ මේ රටවල තරුණ ප්‍රජාව අතර පැතිර යන , "වැඩිය මහන්සි නොවී" සිටිමු යන තේමාව නිසා. මම ඒ ගැන දියණිය සමග අමනාපයක් නැහැ. ඒ කැපවීම කරන්නට බැරිනම් යොමු නොවන එක වඩා හොඳයි. ඒ නිසා අඔබ කරන දේ, පර්යේෂණ ඉතාම අගය කරනවා.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත්. ඒත් මට හිතෙනවා අපි හැමදේම කරන්නේ අපේ ඔලුව ඇතුලේ තියන ප්‍රයෝරිටි එකට අනුව...ජීවිතේ ඒ ඒ වේලාවන් වල තියන මානසික මට්ටම් අනුව මිනිස්සු හිතා මතාම දේවල් වලින් ඈත් වෙනවා...රාජකාරියේ කලබලේට චෝදනා කළාට මන් හිතන්නේ මට වුනේ ඒ වගේ දෙයක්...කොහොම උනත්, මම ලොකු පාඩමක් ඉගන ගත්තා මේ සිද්ධියෙන්...
Deleteඔබ කියනවා වගේ දැන් ඉන්න තරුණ පරම්පරාව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ බොහොම ලෙහෙසියෙන්...දැන් හරිම අපහසුයි ගුණාත්මක මට්ටමේ ඉන්න රිසර්ච් ඇසිස්ටන්ට්ල, පී එච් ඩී සයන්ටිස්ට්ස් ල පවා හොයාගන්න..ඉස්සර අපි වගේ වැඩ කරන්න එයාල කැමති නෑ, අනිත් අතට එයාලගේ වැඩ වල කොලිටි එක ගොඩක් අඩුයි, මිස්ටේක්ස් වැඩියි..ඇත්තටම ඉතින් රිසර්ච් කියන්නේ රස්සාවටම කරන්න පුළුවන් දේකුත් නෙවේනේ...එහෙම කියල පොඩි උන්ට බලපෑම් කරන්න බෑ..එයාල හොයන්නේ ලයිෆ් එකේ කොලිටි එක මිසක වර්ක් කොලිටි නෙවේ...ඒ නිසා මං හිතනවා ඔබේ දියණියගේ තීරණයට අපට බලපෑමක් කරන්න බෑ..හැබැයි ඉතින් රිසර්ච් වෙනුවට පී එච් ඩී හරහා කරන්න පුළුවන් ඉතා හොඳින් වැටුපක් සහිත, අඩු පීඩනයක් තියන රැකියා තියනවා...
මේ රෙස්පොන්ස් එක කියෙව්වට පස්සේ මට හිතන්නේ මම පොඩ්ඩක් වැරදියට කීවේ කියල. මගේ දුවල වත් අනිත් ළමයි වත් කම්මලිම නැහැ රිසර්ච් කරන්න, ඒ ගොල්ලෝ කැමති නැහැ වැඩි වැඩ වලට. ඒ කියන්නේ ග්‍රාන්ට්ස් ඉල්ලන්න ලියන්න, ෆන්ඩ් හොයන්න වගේ දේ වලට එයාල කැමති නැහැ. එයාලගේ අදහස ආණ්ඩුව ඒවාට මුදල් වෙන් කළ යුතු බව කෙලින්ම. මෙහෙ ළමයි මෙඩිසින් ඉගෙන ගන්න යන්නේ නැත්තේ ඇයි? යන්නේ හුඟක් වෙලාවට අම්ම තාත්ත ඩොක්ටර්ස් ල නම් විතරයි. මොකද ජුනියර් ඩොක්ටර්ස් ලට වැඩ වැඩියි අසාධාරණ ලෙස. ළමයි මේ හැම දෙයක්ම හොයනවා.
Deleteදුවට වුනේ මෙහෙම දෙයක්. එය පොඩි කාලේ ඉන්ද්ලාම් එන්ජිනියරින් සහ hands-on වැඩ වලට කැමතියි. ඒ කියන්නේ ගෙදර රෙපෙයාර් වැඩක් වුණත් මම වගේම එයා කරන්න කැමතියි. අපි වෙනම ටූල් සෙට් දෙකක් එයාට අරන් දීල තිබ්බ. එයා ජෙනරල් එන්ජිනියරින් කරන්න ගියේ පස්සේ ස්පෙෂලිටි එකකට යන්න. නමුත් මුල් අවුරුද්දෙම වැඩිපුර තිබුනේ Programming. එයා කැමති නැහැ ඒකට. එයාගේ තර්කය වුනේ එයාට Programming කරන්න ඕනේ නම් ඒ ලෙවල් වල සබ්ජෙක්ට් එකක් හැටියට computer science කරන්න තිබ්බ කියල. යුනි එකේ කරන්නේ ජෙනරල් එන්ජිනියරින් ළමයි AI වලට යොමු කරන එක. එයාට ඕන වුනේ ඒක නෙමේ. අනිත් එක තමා ගොඩක් පිරිමි ළමයි කලින් කරල තිබ්බ. ඉතින් මුල් Programming කෝඩ්ස් එය මගෙන් ඇහුව. මට වෙලා නැති වෙනකොට ප්‍රොෆෙසර් කියල තියනවා පිරිමි ළමයින් ගෙන් අහගන්න කියල එයා ඒකට කැමති වුනේ නැහැ.තනියම ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නිසා එයාහිතුවේ ඒක අසාධාරණයි කියල මම පස්සේ දන්නේ එයත් එක්ක තව ගැහැණු ළමයි 5 ක් අයින් වෙලා තිබ්බ කියල. So much for STEM for girls. 😀
Deleteමේක කියෙව්වම මේ ලමයින් ගැන පුදුම වුනා වගේම සතුටකුත් දැණුනා. ඔවුන්ගේ තර්කය හරි.
Deleteස්තූතියි. මටත් ඉතින් කියන්න දෙයක් තිබ්බේ නැහැ.
Deleteඒ අවබෝධය, තර්කණය සහ කුතුහලය සහ සොයා වැලීම වැදගත් වෙන්නෙ, මෙහෙම දේත් වෙන නිසයි:
Deletehttps://www.youtube.com/watch?v=8DNRBa39Iig
බස්සා, බොහොම ස්තුතියි සේක්ෂුවල් හරස්මන්ට් ගැන මේ ලින්ක් එක දැම්මට. ගැහැණියක් විදියට කැරියර් එක සහ තමන්ගේ ආත්ම ගෞරවය බේරාගන්න මාර ශක්තියක් ඕනේ. ප්‍රයිවෙට් සෙක්ටර් සහ ඇකඩමික් සෙක්ටර් එකේ මේක අමාරුයි. මට දෙවිවරු වගේම සිවුපාවොත් හම්බ වෙලා තියනවා. දැනට මිලටරි රූල්ස් වලින් පාලනය තැනක ඉන්න මං ඒ අතින් ගොඩක් ආරක්ෂිතයි. රිසර්ච් කියල නෑ, කොහෙත් ඕක තියනවා. (පොකුරුවැහි)
Deleteකම්මැලි කම නෙවෙයි මං අදහස් කලේ ඇත්තටම. පහසුව කිව්වම පැය අටක් හොඳින් රාජකාරිය කරලා හොඳ වැටුපක් ගන්න රැකියාවක්. ඒවා ඕනේ තරම් තියනවානේ. රිසර්ච් රැකියාවට කරන්න බෑ. හැබැයි සයන්ටිස්ට් කියන්නේ ප්‍රින්සිපල් ඉන්වෙස්ටිගේටර්ම නෙවේ. ප්‍රින්සිපල් ඉන්වෙස්ටිගේටර් හෝ ලැබ් හෙඩ් හෝ ලැබ් ඩිරෙක්ටර් කියන්නේ ඒ අදාල ලැබ් එකේ රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවන කෙනා. ෆන්ඩ්ස් ගේන එකයි, රිසර්ච් ප්‍රොපෝසල් ලියන එක එයාගේ ඔලුව කැක්කුමක්. එයා යටතේ වැඩ කරන සයන්ටිස්ට්ල සහ රිසර්ච් ඇසිස්ට්ටන්ට්ල තමයි රිසර්ච් එක කරන යන්නේ. පී එච් ඩී කරන සයන්ටිස්ට්ලගෙන් අතළොස්සයි ප්‍රින්සිපල් ඉන්වෙස්ටිගේටර් ලෙවල් එකට යන්නේ. මොකද ඒක ගොඩක් දුර ගමනක්. පොස්ට් ඩොක්ටෝරල් ලෙවල් එකේ ජොබ් එකක් අවුරුදු දෙක තුනක් කරලා, ඊළඟට සයන්ටිස්ට් ලෙවල් එකේ ඉඳල රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක රිසර්ච් ලැබ් එකක් බාර ගන්න නැත්නම් ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් විදියට ජොයින් වෙලා යුනිවර්සිටි එකක සයිඩ් රිසර්ච් එකක් කරගෙන යන්න ඒ මනුස්සයට තමන්ගේම කියල රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකක් ඩිවලොප් කරගන්න විෂන් එකක් තියෙන්න ඕනේ. ඒ ඔලුව කැක්කුම නොගෙන ඒ වගේ අය යටතේ මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් සයන්ටිස්ට් කෙනෙක් විදියට පී එච් ඩී කරලා. නැත්නම් ඉන්ඩස්ට්‍රී සයිඩ් එකේ ප්‍රයිවට් සෙක්ටර් එකේ හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. ආසාව තියෙන්න ඕනේ. දුවට ප්‍රෝග්‍රෑමින් තියන නිසා එපා වෙන්න ඇති. එයාලට අපිට වගේ නෙවේ යුරෝපයේ ඉපදිලා, ගොඩක් අවස්ථා තියන නිසා හැමදේම ප්‍රශ්න කරන්න පුළුවන්. ඩිමාන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ඒ දේ නිසා මෙහෙ ළමයි ගොඩක් වෙලාවට සැහෙන කාලයක් ට්‍රයි කරලා තමයි තමන්ට ඕනේ දේ හොයාගන්නේ. සමහර වෙලාවට එයාල ලොස් වෙනවා. දුව ගැන නෙවේ මම කියන්නේ, මට මෙහෙ හම්බෙන තරුණ ළමයි එන්නේ තමන් සියල්ල දන්නවා කියල හිතන්. එයාල ලග ලොජිකල් තින්කින් නෑ. තමන්ගේ මතේට වැඩ කරන්න කැමති නෑ. දෙයක් කියල දුන්නම ඒ ගැන තව දුරටත් ඉගන ගන්න ලොකු ආසාවක් නෑ. රිසර්ච් කරන්න යන මනුස්සය පිපාසවෙන් ඉන්න කෙනෙක් වගේ. තමන්ට ඕනෙ දේ හම්බ වෙනකල් හොයනවා, කියවනවා, මිනිස්සුන්ගෙන් අදහස් ගන්නවා, අපි ලඟට එන පොඩි උන්ව එකට ට්‍රේන් කරන්න ඕනේ. ස්ටෙම් ප්‍රෝග්‍රෑම් වලට දාපු ඇප්ලිකේෂන් වල පිටු ගනන් තමන් ගැන ලිව්වට, ඒව අපි සාමාන්යෙන් ෂුවර් කරන්නේ නෑ, ළමය ලැබ් එකට යනකල්. රිසර්ච් වලට තරඟකාරී අදහස් යෝජනා බලල සල්ලි දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මොකද මං පුද්ගලිකව දන්නවා අපේ ඔලුවට එන හැම රිසර්ච් අයිඩියා එකක්ම සාර්ථක වෙන්නේ නෑ කියල. අවුට්කම් එක, ෆීසිබිලිටි එක, කොස්ට් එක, ඒ එක්ස්පරිමන්ට් ප්‍රැක්ටිකල් ද කියන එක කවුරු හරි රිවීව් කරලා ඕනේ අරමුදල් දෙන්න. නැත්නම් ලොකු පාඩු සිද්ධ වෙනවා. මොකද ෆ්‍රෙෂ් පී එච් ඩී කෙනෙක් එන්නේ මාර මොරාල් එකක. ඒ ඇවිත් හුඟාක් දේවල් කරන්න දඟලනවා, කිසිම හේතුවක් නැතුව. එක්කෝ කෙනෙක් කලින් අත්හදා බැලු දෙයක්. එතකොට ඒ අයිඩියාස් ක්රිටිසයිස් කරන්න රිවීව් කරන්න වෙනවා මුදල් දෙන්න කලින්. අපි ලාභ ලබන්නේ නැති රැකියාවක් කරන්නේ. එතකොට ඉතින් ෆන්ඩ්ස් වලට ෆයිට් කරන්නම වෙනවා. ඕව ඇතුලේ අක්මුල් පතුරගත්තු සයන්ටිස්ට්ල තමන්ගේ ප්රෝජෙක්ට්ස් වලට ෆන්ඩ්ස් ගන්න හැටිත් දන්නවා. (පොකුරුවැහි)
Deleteඅදාල වෙන්නෙ අජිත් සහ දියණියට වුවත්, බොහොම ස්තූතියි මේ දීර්ඝ විස්තරයට. අපටත් මේ ක්ෂේත්‍රය, මුහුණ දෙන බාධක ගැන සෑහෙන වැටහීමක් ආවා.👌🙏
Deleteබසු බොහොම ස්තූතියි ඒ ලින්ක් එකට. රෙඩ් ජෝන් කියවල හෝ බලල තියනවද , නියුක්ලියර් චේන් රිඇක්ෂන් එක ඇත්තටම හොයා ගත්තේ එයා. නමුත් එයාට විහිළු කලේ තේ හදන එක්කෙනා, නැත්නම් රෙදි වෙළඳන් මැෂින් තියනවා වගේ කියල. අන්තිමට එයා පරමාණු බොම්බේ හදන්න අවශ්‍ය තියරි ටිකක් සෝවියට් දේශයට දුන්න. බ්‍රිතාන්‍යයට විරුද්ධ හින්ද නෙමේ. ආයුධ බැලන්ස් එක තිබ්බොත් නැවත හිරෝෂිමාවක් එන්නේ නැහැ කියල හිතල. https://www.imdb.com/title/tt7615302/
Deleteමගේ දුව රිසර්ච් කරන්න අකැමැත්තක් නැහැ. ඔයා කියන දේවල් සෑහෙන්න අපි දැනගෙන හිටියේ. මොකද අපේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නව එහෙම රිසර්ච් වැඩ කරණ . අනික ඉම්පීරියල් කොලේජ් එක වැඩ කරන ලංකාවෙන් ආපු මහාචාර්යවරයෙක් ඉන්නවා, මම එයාව අඳුනන නිසා එයාගේ ලැබ් එක්ෂිබිෂන් එකටත් දුවව අරන් ගියා. රිසර්ච් ලැබ් එකක හැන්ඩ්ස් ඔන් වැඩ වලට එයා කැමති වුනාට එයාට ගොඩක් අය කිවිවෙ එයාගේ සුපර්වයිසර් හෝ ඔයා ඔය කියන ඩිරෙක්ටර ඵන්ඩ්ස් හොයා ගන්න ඕනේ. අවුරුදු දෙක තුනකට පස්සේ වෙන ලැබ් එකකට සෙට් වෙන්න වෙයි. ඒ වගේ කතා. නමුත් එයාට ඕන වුනේ මුල ඉඳන්ම වැඩ කරන්න තියන කෝස්. දැන් එහෙම ඒවා නැහැ. අපි පස්සේ දැන ගත්ත ලන්ඩන් underground කම්පැනි එකේ තියනවා කියල. (සිවිල්, එලෙක්ට්‍රිකල්, සහ මෙකනිකල්, නමුත් එතකොට පමා වැඩි.
Deleteඔතැන මගෙත් පොඩි වැරැද්දක් තියනවා. මම එංගලන්තේ නෙමේනේ පළමුවෙනි උපාධිය කලේ. මම සෝවියට් දේශයේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් කරද්දී මුල් අවුරුද්දේ අපි වෙල්ඩින් වැඩ කළා, රිලේ හැදුව, සර්කිට් ටෙස්ටින් කළා. දෙවන අවුරුද්දේ ඊටත් වැඩියි. තුන්වෙනි අවුරුදේ කෙලින්ම පවර් ස්ටේෂන් එකේ පවා වැඩ. අනිත් සබ්ජෙක්ට් වලටත් ඒ වගේ ෆීල්ඩ් වැඩ තිබ්බ. එයාලට ඕවා කියල හරි කැමැත්තෙන් ඉන්ජිනියරින් ගියා. පළමු අවුරුද්දෙන් එපා වුනා. ප්‍රෝග්‍රෑමින් කරන්න තිබුන නිසා. එයා කියලයි තිබුනේ කොම්පියුටර් වැඩ -ප්‍රෝග්‍රෑමින්කැමති නැහැ කියල. (භාවිතා කිරීම හැර)
Deleteඒ ගොල්ලෝ තර්කානුකුල වැඩි කියලයි මටනම් හිතෙන්නේ. අනික් චොයිස් එක වැඩියි එයාලට. //. හැබැයි ඒ දේ නිසා මෙහෙ ළමයි ගොඩක් වෙලාවට සැහෙන කාලයක් ට්‍රයි කරලා තමයි තමන්ට ඕනේ දේ හොයාගන්නේ// ඒක හරි. මගේ ලොකු දුව ඉල්ලපු යුනිවර්සිටි දෙකම හම්බ වෙලත් ගියේ නැහැ අවුරුද්දක් ආර්ට් කළා. ඒකට කැමතිද බලන්න. ඊට පස්සේ දැන් කරන law ඩිග්රි එක කරන්න ගියේ ෆිනෑන්ස් සබ්ජෙක්ට්ස් එක්ක. පොඩි එකා අවුරුද්දක් ඉංජිනියරින් කරලා ඒක අත ඇරලා law & Accounts ගියා. ඒක ඩබල් ඩිග්රි එකක්. ඒ කියන්නේ ඉගෙන ගන්න ආස නැති නිසා නෙමේ එයාල ඒවා කරන්නේ. එයාල satisfy නැහැ යුනිවසිටි වල ඔප්ෂන් වලට.
Deleteසාර්ථක 2024 අවුරුද්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....ජිවීතයේ කාලෙක රැකියාව වෙනුවෙන් අපි නොයෙක් කැපකිරීම් කරනවා. . රස්සාව තමන්ගේ පැශන් එක උනාම මේ විදිහට රස්සාව වෙනුවෙන් කැප වෙන්න පුලුවන්.... වර්ක් ලයිෆ් බැලන්ස් එක තබා ගැනීම ගැනත් මේ අතර හිතන්න ඕනා තමයි... විශේෂයෙන් රස්සව තමන්ගේ පැශන් එක බවට පත් උනාම කියලා මට හිතෙනවා. - Mayya
ReplyDeleteබොහොම ස්තුතියි මය්යා..
Deleteඔව්, මේ රටවල ජීවත් වෙනකොට කොයි තරම් රැකියාවට කැප උනත් කොහොමත් අපි පුරුදු වෙනවනේ ලයිෆ් එකට මුල් තැන දෙන්න. අත්‍යවශ්‍ය, ටයිම් සෙන්සිටිව් වැඩකදී ඇරෙන්න, අපි හවස හයෙන් වගේ පස්සේ සහ වීකෙන්ඩ් වල ඊ මේල් වලට රිප්ලයි කරන්නේ නැහැ. කවුරුත් කෝල් කරලා කරදර කරන්නේ නෑ. මන් කරන්නේ රැකියාවක්ම කියන්නත් බෑ..මොකද මගේ බුද්ධියේ /දැනුමේ වපසරියට අනුව සහ ප්‍රෝග්‍රෑම් එකේ අවශ්‍යතා අනුව මන් කරගෙන යන පර්යේෂණ මගේ උවමනාවට වෙන දේවල්..මගේ සහ මාත් එක්ක වැඩ කරන අයගේ වැටුප තියෙන්නේ මගේ පර්ෆෝමන්ස් මත..මා ඒ දේ නවත්තුපු දාට, මාව රීප්ලේස් කරන්න කවුරුත් එයාල හයර් කරන්නේ නෑ.. මොකද මගේ අවසානය, මන් ගෙනාපු ෆන්ඩ්ස් වල අවසානය...එතනදී වෙන්නේ මගේ ලැබ් ස්පේස් එක අවේලබල් වෙනවා අලුත් අදහස් තියන, ෆන්ඩ්ස් අරගෙන එන තවත් සයන්ටිස්ට් කෙනෙකුට..මේ කතන්දරේ හරිම අනිත්‍යයයි...ඒ නිසා හිතේ ආසාව නැත්නම් කවදාවත් මේ විදියේ රැකියාවකට ගොඩක් කාලයක් පවතින්න බෑ...ඉක්මනින් වෙහෙසට පත් වෙනවා..අලුත් දෙයක් හොයාගත්තම ලැබෙන ත්‍රිල් එක තමයි රිසර්ච් කරන කෙනෙකුට ලැබෙන රිවොර්ඩ් එක...
වැටුප කියන්නේ ඒකෙ සයිඩ් ඉෆෙක්ට් එකක්..
හැම තිස්සෙම මොකක් හරි කන්සෙප්ට් එකක් වැඩ කරනවා, එහෙමත් නැත්නම් කොහේ හරි හිරවෙච්ච් එක්ස්පරිමන්ට් එකක් ට්‍රබල්ෂුට් කරනවා, අපේ ඔලු ඇතුලේ...දැන් නම් මම ඒකෙන් ගැලවෙන හැටි ටිකෙන් ටික පුහුණු කරනවා...නමුත් බ්‍රේන් එකට කොන්ස්ටන්ට් චැලේන්ජ් එකක් දුන්නේ නැත්නම් කවදාවත් හොඳ නව්‍ය සොයා ගැනීම් කරන්න බෑ...එහෙම උනොත් අන්තිමට වෙන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් මනි මිස් යූස් කළා කියල ගිල්ටි වෙන්න...මොකද මේ ඔක්කොම මිනිස්සුන්ගේ බදු සල්ලිනෙ අපිට ෆන්ඩ්ස් විදයට එන්නේ...
මෙහෙ මිනිස්සු ගොඩක් වයසට යනකම් වැඩ කරනවා, එකක් හෙල්ත් ඉන්සුරවරන්ස් බෙනිෆිට්ස් නිසා, අනික එයාල ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න නිසා...ජීවිතේ හැටි තමයි ඉතින්...
ලෝක ස්වභාවය වටහාගෙන, කිසිම දේක ඕනෙවට වඩා නොඇලී තමන්ගේ වැඩේ හරියට කරගන්න එක තමයි දක්ෂම කියල මන් හිතන්නේ...
නැවතත් ස්තුතියි කමෙන්ට් එකට..මේ කරුණු හරි නම් ඇතුලත් වෙන්න ඕනේ පොස්ට් එකට...කාලයක් සිංහලෙන් නොලිය උන්න නිසා ඉස්සර වගේ සුභාවිත භාෂාවෙන් පොස්ට් ලියන්න අමාරුයි ඉක්මනින්..ඒ නිසා කරුණු මග ඇරෙනවා...
//මේ කරුණු හරි නම් ඇතුලත් වෙන්න ඕනේ පොස්ට් එකට...කාලයක් සිංහලෙන් නොලිය උන්න නිසා ඉස්සර වගේ සුභාවිත භාෂාවෙන් පොස්ට් ලියන්න අමාරුයි//
Deleteඑහෙම සුභාවිත භාෂාවෙන් ලියන්න අවශ්‍යම නෑ. වඩා වැදගත් වෙන්නෙ මේ ගැන ලියන එකයි. 🙏
බොහොම ස්තුතියි..ඒකත් ඇත්ත...හිතට එන භාෂාවකින් තමන්ගේ අදහස ලියා තබන එක වැදගත්...
Delete