“මගෙ කියා කෙනෙක් නැත” බුදු බණේ කිව්වාට
“උඹ මගේමයි” හිතුවෙ, මං නොතේරුම් කමට
හීනි පෙති අගිස්සෙන්, නටු වලට ඇලුනාට
මල් මැරුනෙ ආදරෙන් හිත පැලිල බඹරුන්ට …
මං උඹේ ඇහ වැටුන සතර මහ ධාතුවක්
විඥානෙන් උඹේ, අත් ඇරපු සලකුණක්
උඹ හීන් සීරුවෙ ඇනපු රත් වෙච්ච ගිණි හුලක්
ඇවිලෙනව පපුව මැද සංසාරෙ ගින්දරක්….
ඉඳහිටක මං උඹට අනා කැවු බත් පිඩක
බත් නෙවේ තිබුනෙ බං ආදරේ මහමෙරක
කාලෙ හරි රත්තරනෙ අභිනිෂ්ක්‍රමණයට
පිං උඹට පෙන්නාපු සසර පෙර නිමිත්තට….
+++++++++++++++මල් උනත් කැමති මල් විකසිත කරන ඉර එලියට නෙමෙයි....රොන් ගන්න බඹරුන්ට කියනවා..
ReplyDelete- Mayya-
Thank you Mayya, yes sadly that’s true sometimes (pokuruwahi)
Deleteහරිම ලස්සනයි!
ReplyDeleteThank you (pokuruwahi)😊
Deleteලස්සනයි. මේක මම අමු සින්දුවක ටය්ප් එකට ගහන්නද
ReplyDeleteThank you Ajith, yes feel free.
Deleteඅනේහ්...ඒක දුක වැඩී
ReplyDeleteකලකින් ලිව්වා කවියක්...බොහොම ස්තුතියි නගේ...
Deleteකාලෙ හරි රත්තරනෙ අභිනිෂ්ක්‍රමණයට ??
ReplyDeleteකවිය රහ කරන්න ලියපු වචන ඉයන්...
Deleteරහ පිරි අපූරු නිර්මාණයක් පොකුරු වැහි .
ReplyDeleteජයවේවා !!!
බොහොම ස්තුතියි...
Deleteපෙර-නිමිති නං අනේකවත් පේනව දැන්! රටකරන අයත් පෙන්නමින්නෙ ඉන්නෙ
ReplyDeleteවැඩේ කියන්නෙ මොන තරම් පෙර නිමිති පෙනුනත් අපේ මිනිස්සුන්ගේ මොළේ ඩේටා ප්‍රොසෙස් වෙන්නෙ බොහොම හෙමින්...
Delete