ඉලංදාරියා දොරකඩින් මතු වෙද්දිම, මගෙ හිතේ පිපුරුනේ ගිනි කන්දක්...සිසිර තාරක නින්දට වැටිලා උන්නු ගිනි කන්දක්...
ඒ එක්කම උඹ ආවා අතීතයෙ ඉඳන්...
"මට ටාශිව මැරි කරන්න වෙනවා...ටාශිගෙ අම්ම ඊයේ නැති උනා...එයාට දැන් වෙන කවුරුත් නෑ..." කොහේදෝ ඉඳන් හදිසියෙම ඇවිදින් කැන්ටිමේ පෝලිමේ ඉඳන් උඹ කිව්වේ දරා ගන්න බැරි තරමෙ අසරණ කමකින්, මා දිහාවේ බලාගෙන...
එතන නොකියූ කථා දාහක් තිබුනා කියල මට දැනුනේ නිකමට වෙන්නැති...
එතන නොකියූ කථා දාහක් තිබුනා කියල මට දැනුනේ නිකමට වෙන්නැති...
...අදටත් ඒක මතක් උනාම මං හිත හදාගන්නේ එහෙම හිතලා...
සමහර වෙලාවල් තියනවා අතීතයම තත්පරයකට කොටු කරන්න පුළුවන්...මේකත් එහෙම වෙලාවක්...
කොහොමද බං අවුරුදු ගාණකට පස්සෙත් හරියට පපුවෙ හරි මැද බලලා පපුව හෑරුවේ උඹ...
මං මටම මුමුණ ගත්තා...
ඔළුවට දැනුනේ මහා බරක්...
මං වටපිට බැලුවේ ළඟම තිබුන පුටුවකට වාරු වෙන්න...ඒත් එහෙම බැහැ..
"හව් ආ යූ"...මං ඇහුවේ ණයට ගත්ත හිනාවක් පොඩි එකාට දෙන ගමන්...පොඩි එකා කිව්වේ අලුත් ඉලංදාරියට...
කොල්ල ඔළුව හොලවන ගමන් කතා කලේ උඹේ ආරෙට...
"ඉට් ෆීල්ස් ලයික් අයෑම් ඇට් හෝම්..." දවසක උඹ එහෙම කිව්වේ තත්පරේකට සෝපාව උඩ ඉඳගන්න ගමන්...මං හිටියේ තුන්වෙනි තට්ටුවෙන් පපුව බිමට වැටෙයි කියල බයේ, තදින් හුස්මක් අල්ලාගෙන...
ගෙදර වගේ දැනෙන්නේ තමන්ගේ මිනිස්සු ඉන්න තැන්වල...එවෙලේ මට හිතුනේ එහෙම...
ඒ වෙද්දී අනුන්ගේ වෙන්න ඔන්න මෙන්න හිටපු උඹව, මට කවදත් දැනුනේ මගෙ වගේ...ඒත් උඹට...මං උඹේ කවුද....
වචන සීයක් උඹ කියවද්දී අනූනවයක උන්නේ ටාශි...උඹ බොහොමයක් වෙලාවට එයා ගැන කිව්වේ එයා හැබෑ නොවෙන හීනයක් ගානට දාල...මං උඹ ඒ කියවන ඒවා අහන් හිටියේ සංසාරේ එහෙම දේවල් අහන් ඉන්න මං කරපු පව ගෙවා ගන්න ගමන්...
ගෙදර වගේ දැනෙන්නේ තමන්ගේ මිනිස්සු ඉන්න තැන්වල...එවෙලේ මට හිතුනේ එහෙම...
ඒ වෙද්දී අනුන්ගේ වෙන්න ඔන්න මෙන්න හිටපු උඹව, මට කවදත් දැනුනේ මගෙ වගේ...ඒත් උඹට...මං උඹේ කවුද....
වචන සීයක් උඹ කියවද්දී අනූනවයක උන්නේ ටාශි...උඹ බොහොමයක් වෙලාවට එයා ගැන කිව්වේ එයා හැබෑ නොවෙන හීනයක් ගානට දාල...මං උඹ ඒ කියවන ඒවා අහන් හිටියේ සංසාරේ එහෙම දේවල් අහන් ඉන්න මං කරපු පව ගෙවා ගන්න ගමන්...
"මට ඔයාව බලන්න ඕනේ"
ටාශිගේ උපන්දිනේ දවසේ උඹ ආවේ මාව හොයාගෙන...
මං ඒ ඇයි කියල ඇහුවේ නෑ...ඒ ගෙවී ගිය සෑම මොහොතකම තාවකාලික බව මං හොඳින් දැනන් උන්නා...
මං ඒ ඇයි කියල ඇහුවේ නෑ...ඒ ගෙවී ගිය සෑම මොහොතකම තාවකාලික බව මං හොඳින් දැනන් උන්නා...
එක දවසක උඹ කාර් එක කොහේදෝ දාල, මාත් එක්ක ඇවිදගෙන ගියේ බස් එකේ යන්න...මට කිව්වේ කාර් එක කැඩිලා කියල...ඒත් උඹේ හොඳම යාළුවා මගදි හම්බඋනාම, උඹට කියන්න උත්තරයක් තිබුනේ නෑ...
උඹ එදා ඔහේ කථාවක් නැතුව, බස් එකේ හිටගෙන යන ඩිංග දුර ඇවිදින් බැහැල ගියේ කථාවක් නැතුවම...
ඔව් එහෙම දවස් තිබුනා, උඹයි මමයි විතරක්ම දන්න...
මං දවසක් උඹේ උපන්දිනේට තෑග්ගක් හොයන්න, කකුල් රිදෙනකල් නුගේගොඩ පුරා නොගියපු තැනක් නැතුව ඇති...ඒත් උඹේ ටාශි ඉද්දි මං කවුද උඹට තෑගි දෙන්න...උඹ ළඟටම ගෙනාව ඒ තෑග්ග, අන්තිමේ මං උතුම් තෑග්ගක් කරලා, පුංචි ආදරවන්තියෙකුට දුන්නා...
උඹට කියන්න බැරි, මට හිතුන දාහක් දේවල්, මං කලේ ලියන එක...
ඒ කොහොම උනත්, මිනිස්සු ලියන්නෙ, කියන්නේ නැති දේවල් බොහොමයි...උඹ ගැන මගෙ හිතේ තියන තරමක් තිබුනේ එහෙම දේවල්...
ඒ කොහොම උනත්, මිනිස්සු ලියන්නෙ, කියන්නේ නැති දේවල් බොහොමයි...උඹ ගැන මගෙ හිතේ තියන තරමක් තිබුනේ එහෙම දේවල්...
උඹේ වෙඩින් එකට ඇවිත් උඹේ අලුත් ජීවිතේට සුබ පතන්න බැරි තරම් කහටක් මගෙ හිතේ තිබුනේ නෑ...
උඹලා මධු සමයට යන්න සමුදෙන වෙලාවේ, මං වෙනදා වගේම හිනාවේගන උඹ ලඟට ඇවිදින්, උඹව තදින් වැළඳගත්තේ, ඕන එකෙක් ඕන දෙයක් හිතුව දෙන් කියලා...ඒ මං උඹව දකින අන්තිම දවස හන්ද...
"උඹ මට එක තත්පරේකට හරි ආදරේ කලාද..."
මට එහෙම හිතෙන එකේ වැරද්දක් තියනවද...
ඒක දන්නෙත් උඹයි, මායි විතරයි...
උඹ මට ආදරෙයි කිව්වේ නෑ...මං කවදාවත්ඇහුවෙත් නෑ...
සමහර දේවල් ගැන කථා කරලා පලක් නෑ...
ඒත්, උඹ දන්නේ නැතුව ඇති, කථා නොකරන දේවල් වලින් තමයි හිතේ නිදන ගිනි කඳු හැදෙන්නේ...යටින්
දැන් ඩිංගකට කලින් පිපුරුනේ එහෙම ගිනි කන්දක්...ටික දවසක් ලාවා ගලලා ආයිමත් නිදා ගනීවී...ඒ තමයි ස්වභාවධර්මය...
..............................................................................................................................................
හිතුවාද හීනයක බොඳ වෙලා යයි කියා
නුඹේ ඇස් ලේසියට...අමතක වෙයි කියා
දුන්න දා තුරුළු කර...හාදු නළලේ තියා
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...
කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා
කවියක් ලියන්නට නිමිත්තක් දුන් නිසා
නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...
දුන්න දා තුරුළු කර...හාදු නළලේ තියා
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...
කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා
කවියක් ලියන්නට නිමිත්තක් දුන් නිසා
නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...
නිදි කුමාරිය නුඹේ පණටත් වැඩි කියා
නුඹ කියද්දී මට දැවෙන සුසුමක් හෙලා
දරාගෙන මං උන්නෙ...ඇය නින්දෙ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...
කොහේ හරි ඇති කියා...
ඇය අවදි වී ඇවිත් නුඹ අරගෙන ගියා
මං ඇවිත් නුඹලාට සුබ පතලා ගියා
අදටත් ඉන්නකොට ඉඳහිටක ඇස් පියා
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ
කොහෙද උන්නේ කියා...
පුදුමාකාර සංයමයක් මුළු කවිය පුරාම දිවෙනවා. හරියට අරන්‍යයක නිහඬ පරිසරයක් වගේ. කොතැනකවත් ද්වේශයක් මැසිවිල්ලක් නැහැ. සිසිල් පැන් පොදක් වගේ උපේක්ෂාවක් සිතට දැනෙනවා. සුභ පැතුම් ඔයාට
ReplyDeleteබොහොම ස්තුතියි ජයන්ත මහත්මයා ඔබේ අගය කිරීමට...
Deleteරහයි, පොකුරු වැහි. කවි පොකුරත් හොදින් දැණුනා. කියවගෙන යද්දී අදහස් දෙකක් හැගෙනවා. ඒ නිසාම ආයිත් කියවන්න වෙනවා.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී...
Delete///අදටත් ඉන්නකොට ඉඳහිටක ඇස් පියා
ReplyDeleteමං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ
කොහෙද උන්නේ කියා...////
හරිම අපූරුයි... කවි පෙළට ගොඩාක් හිතගියා...
බොහොම ස්තුතියි නිර්මාණි...
Deleteහරි අපූරුයි... උඹ උඹ කියපු නිසා ටිකක් වෙනසක් දැනුනා... සුන්දරයි
ReplyDeleteබොහොම ස්තුතියි නගෝ...ටිකක් වෙනසකටත් එක්ක තමයි එහෙම ලිව්වේ...
Delete