Tuesday, July 12, 2016

සුදු ඇත්තු....



පඬුරු තිබ්බා මදිද මන්දා 
කියා මං අද හූල්ලනකොට 
සුදු ඇත්තු හරි ගණන් ඇති දැන් 
එයා කිව්වේ හිනාවීගෙන 
ඇස් වලට මගෙ අඩ තියාගෙන...

ඉඳහිටක සුදු ඇතෙක් ආවත් 
ලඟට නෑවිත් හැරී යනකොට 
නෙළුම දොරකොඩ වැටී තිබුනා 
මං දිව්වෙ පස්සෙන් අඬාගෙන 
එයා පෙති ඇහිලුවා නාඬම...

ඇනුම්පද එක දෙක අසාගෙන 
හිඳිමි මං නෙළුමක් පතාගෙන 
නෙළුම් මල් පොදි අත දරාගෙන 
පතිනි මව්වරු යති රවාගෙන
එයා බැලුවේ එදා වාගේම...


25 comments:

  1. මේකත් වෙනදා වාගෙම හිතේ පතුලටම ඇණෙන දැනෙන නිර්මාණයක් පොකුරු

    ReplyDelete
  2. එයා පෙති ඇහිලුවා නාඬම...
    එයා බැලුවේ එදා වාගෙම...
    එච්චරයි ඕන....

    ReplyDelete
    Replies
    1. //එයා කිව්වේ හිනාවීගෙන
      ඇස් වලට මගෙ අඩ තියාගෙන...//
      ඒකත් ඕනැ :)

      Delete
    2. ඔව් ඉතින් මෙහෙම වෙලාවට එයත් අහක බැලුවොත් ඒක දරා ගන්න ඊට වඩා අමාරුයි...

      Delete
    3. බොහොම ස්තුතියි චෙෆාකී..රන්දිල් ඔබ දෙදෙනාටම...

      Delete
  3. literally i'm going through the same ordeal right now. very sensitive, beautifully written.

    ReplyDelete
    Replies
    1. I wish that you would be blessed with all the strength and courage to survive that...It is always the time...you just have to wait...I know that is easier said than done..

      Thank you so much...

      Delete
  4. Know the feeling exactly from my own first hand experience.

    අපූරු නිර්මාණයක්....පොකුරු...Brilliant

    ReplyDelete
    Replies
    1. තව කෙනෙක්ගේ වේදනාවක් නිර්මාණයට ගැලපුවට, ඔබ වගේ එය අත්දැකපු කෙනෙක්ම පමණයි, ඒකේ දුෂ්කර කම දන්නේ...

      බොහොම ස්තුතියි ඇගයීමට රවී...

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි ඉයන් අගය කිරීමට...100% ක් දැක්කම පුංචි කාලේ වගේම ආස හිතුනා :)

      Delete
  6. ෂාහ් හරිම අර්ථ පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ, ඔබතුමාට...

      Delete
  7. අපූරුයි පොකුරු.

    ජයවේවා!!!

    ReplyDelete
  8. සුදු ඇත්තු ගණන් ඇති තමා , නියමයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට ගොඩ වැදුනට ස්තුතියි...ඒ වගේම නිර්මාණය රස වින්දටත් බොහොම ස්තුතියි ඉවාන්...

      Delete
  9. එයා එහෙම ඉන්නවා නම් එච්චරයි... සමහර විට එහෙම නො වෙන කොට සුදු ඇත්තු එනකල් බලන් ඉන්න හිතට කොච්චර වේදනාවක් දැනෙනවා ඇද්ද?

    ලස්සනයි... හරිම අපූරුයි පොකුරු..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි..කාගෙන්වත් සරණක් නැතුව එහෙම විඳවන අය අපි අතරේ ඕනේ තරම් ඇති...හැඟීම් අකුරු කරන එක ලේසියි...ඒත් ඒවායේ සැබෑ අයිතිකරුවන්ට මේ අකුරු වලින් සාධාරණයක් කරන්න අමාරුයි...

      Delete