Saturday, May 14, 2016

මරණ මංචකයේදී බිරිඳක කී කව...






හිත බැඳුන බැමි ලිහිල් නොකරම 
යන දවස ඉක්මනින් ආ හැටි 
ලියන්නට කියලා හිතා උන් 
කතා කිසිවක් තව ඉවර නැති...

මෙතැන් සිට එය ලියා ගන්නට               
සොඳුර දිරි ඇති නුඹ සිතට හැකි             
ඉඳහිටක පටලැවුන තැන්වල
කොතෙක් නුඹ හැදුවාද ඉස්පිලි...                            

මේ ටිකත් මං මෙහෙම ඉන්නම්               
බදා ඉස්සර වගේ නුඹ ළය                      
එදා රහසින් ඇසුන ස්වරයම                  
උස් හඬින් අද ඇසෙනවා මට...              

එදා වාගේ නොවේ හිමිසඳ                        
මෙදා ඇත දෑතෙහිම කරගැට                   
පිරිමදින්නට මිස ලඟින් හිඳ                    
දමා යන්නට හිතට ලෝබය...

තව දොඩන්නට හුඟක් දේ ඇති 
කිව්වාට වැඩි සෙනේ හිත ඇති 
ඉඳ හිටක රොස් පරොස් බස් ඇති 
රෑක නුඹගේ හිත රිදෙන්නැති...

එදා වාගෙම නුඹේ කඳුලක් 
අදත් මං ඇස දකිනු රිසි නැති 
මක් කරන්නද සොඳුර මේ අපි 
පතාගෙන ආ හැටිය වෙන්නැති...

මිදුණි කිරි කළ හතම ලැම අග 
හිතට කහටක් නොම දැනීයන්
නුඹම මිස මට වෙන හීන නැති 
සිව්වරම් දෙවි පිහිට වීයන්...

නින්ද නේනා රෑක තරුවක් 
ලඟදි නුඹ මා මුණ ගැහීයන්  
බදා ගන්නට හැමට ඉස්සර
මතු සසරෙදිත් මගෙම වීයන්...


.......................................................................................................................



ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...

ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~

22 comments:

  1. අපුරු පද ගැලපුමක් පොකුරු, දුක හිතෙනා කවියක්.

    ReplyDelete
  2. දුක හිතෙන කවි.. :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ.

      Delete
  3. හිත රිද්දන කවි......... පොකුරු කවි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු...

      Delete
  4. නුඹම මිස මට වෙන හීන නැති
    සිව්වරම් දෙවි පිහිට වීයන්...////////

    අපූරු කවි පන්තියක්!!!!! හිතට මහා සාංකාවක් දැනුනා. කවුරු හෝ පළමුව වෙන්ව යායුතුවේ කියන පරම සත්‍යය සිහිකර ගත්තාම දෙන්නාගෙන් කවුරු ඉක්මන් වුනත් දුක දුකමයි කියන දේ අපි දෙන්නා වටහාගෙන ඉන්නවා. හොඳ කවි පෙළක් පොකුරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ. ඇත්තෙන්ම එක්කෙනක් අනිකාට පෙර නික්ම යාම අපි කාටවත් වලක්වන්න බැහැ. ඒ වේදනාව හිතට තේරුම් කරලා දෙන්නම වෙනවා.

      Delete
  5. ගොඩක් සංවේදී විදියට ලියලා , ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලලිත්...

      Delete
  6. මුල ඉදලා කියවන්න වෙලා නැති නිසා මැදින් එකක් තෝරාගත්තා

    ඔයාගෙ කවි ටික තදින්ම හිතට දැනුනා.

    මේ ටික ගොඩක්ම දැනුනා
    //ඉඳහිටක පටලැවුන තැන්වල
    කොතෙක් නුඹ හැදුවාද ඉස්පිලි... //

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සඳා, දහසක් වැඩ අතරේ වෙලාවක් වෙන් කලාට...ඒ වගේම ඇගයීමටත් බොහොමත්ම ස්තුතියි...

      Delete
    2. වැහි පොකුරකට තෙමිලා මට හෙම්බිරිසාවත් හැදුනා.

      ඔයාගෙ කවි ටික කියවද්දිම ටික කාලෙකට කලින් කියවපු මේකට සමපාත වෙන, වෙනත් කවි ටිකක් ගැන මතකය ඇවිස්සුනා. ඒත් ඒක කියෙව්වෙ කොහෙද කියලා මතක නෑ. ඒක ලියලා තිබ්බෙ, මෝචරියක වැඩ කරන සැමියට එයාගෙ බිරිඳගෙ දේහය ලැබුණ වෙලාවෙ දැනුන සිතුවිල්ලක් විදිහට. කොච්චර උත්සහ කරත් පද මතක නෑ. ආසන්න වශයෙන් ඒක පටන්ගෙන තිබ්බෙ මෙන්න මේ වගේ අදහසක් දෙන පද ටිකකින්,

      අනේ දොස්තර,
      කමා වී මට,
      දෑස මදකට,
      වසාගනු මැන...
      මධුසමය දා ඉනූ රෙදිපිළි......
      ඉතිරි ටික ලියන්න බෑ නෙවෙයි මතක නෑ. (සිසේරියන් සැත්කමක කැළල දැකලා දරුවනුත් මතක් වෙන කොටසකුත් තිබ්බා )

      ඔයාගෙ කවි ටික වගේම හිතට දැනෙන ලස්සන කවි ටිකක්. අර "කොතෙක් නුඹ හැදුවාද ඉස්පිලි" වගේම දැනෙන එකක්. කොයි ලෝකෙක හරි ඔය කවිටික දැක්කොත් කියන්න, මට ආයෙ පාරක් කියවලා හෙම්බිරිසාව හොද කරගන්න

      Delete
    3. ඔන්න ඉතින් ලෙඩ වැඩි උනොත් දොස් කියන්නෙපෝ...

      මේ කියන නිර්මාණය කලේ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න මල්ලි...එයාගේ ආලවක ආලිංගන කියන පොතේ මම හිතන විදියට මේ නිර්මාණය තියෙන්නේ මගේ ප්‍රියතම නිර්මාණ කරුවෙක් සහ ජීවිතේටම මතක හිටින නිර්මාණයක්...

      ඒ කවිය චමින්ද මල්ලිගේ මුහුණු පොතේ තියනවා...වෙලාවක් අරගෙන මෙතැන ටයිප් කරන්නම්...

      මේ කවිය මුලින්ම "අපි" කවි පිටුවේ පල කරපු වෙලාවේ ගොඩක් අය එයාලගේ අත්දැකීම් කිව්වා...මට පණිවුඩ තිබ්බා..මේ නිර්මාණයෙන් මට අද වෙනකල් ඇහැට නොදැක්කට හදවතින් බොහොම ලෙන්ගතු සොයුරියක් මුණ ගැහුනා...

      https://buddhikaerandijayasinghe.blogspot.com/

      මේ බ්ලොගය ලියන නැගණිය...එදා ඉඳන් මම විශ්වාස කරනවා නිර්මාණයකට කරන්න පුළුවන් දේ බොහෝ බව...

      Delete
    4. අක්කිගෙ කවි හුස්ම ගන්නවා...... හිතුවේ නැති උනාට අක්කිගෙ කවි වලට පුළුවන් ජිවිතයක් ජිවත් කරන්න.... ඒ පිණ හැමෝටම නෑ අක්කී......
      අක්කිගේ මේ කවිය මගේ ජිවිතේ සංක්‍රාන්තිය ඇති කරපු මුල බීජය... අක්කිට වගේ කවිකාර පිණක් මට නැති උනාට ඒ ඇසුර මගේ ලියවිලිවල රටා අදිනබව මට දැනෙනවා......

      ඔබ පිං වන්තයි
      මම වාසනාවන්තයි ..... :)

      Delete
    5. ස්තූතියි පොකුරු වැහි ලෙඩේ සනීප කරන්න පොරොන්දු වුණාට.

      ඔයා ඔය කියන කෙනා හෝ පොත ගැන මම දන්නෑ. බොහෝවිට මම ඒක කියවන්න ඇත්තෙ එයාගෙ කවිය වෙන මම දන්න කෙනෙක් FB Share කරපු වෙලාවක වෙන්නැති. මොකද බ්ලොග් එකක කියෙව්වනම් මතක තියෙනවා.

      නිර්මාණයකට කරන්න පුළුවන් දේ බොහොයි. සමහරවිට නිර්මාණකරුවා නොහිතන තරම්.

      මෙන්න මේ පද ටික ඉරිදා පත්තරේක මම කියෙව්වෙ 7/8 පන්තියෙදි. ලියපු කෙනා කවුද කියන්න නොදන්නවා වුණාට ඔය පද ටික ජීවිතේ ඇතුලෙ අදටත් තියෙනවා

      //වැහිදාට අත නැති
      ඇතිදාට වැහි නැති
      කුඩයක්‍ ය...ගැහැණි//

      Delete
  7. //එදා වාගේ නොවේ හිමිසඳ
    මෙදා ඇත දෑතෙහිම කරගැට
    පිරිමදින්නට මිස ලඟින් හිඳ
    දමා යන්නට හිතට ලෝබය..// මම කැමති මේ කොටසට .. අපේ හිතට සමීපයි ඒ වගේ කොටස්.. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු මේ පැත්තට ආවට...

      ඇත්ත...ජිවිතේ එක්තරා තැනකදී මෙහෙම වෙන් වෙන දාකදි මේ විදියට හිතෙන එක නම් වලක්වන්න බැරි වෙවී...

      Delete