Sunday, March 11, 2018

ප්‍රේමයක නැත හිමි අහිමි කම්....

https://www.threadless.com/product/1811/let_go


සයුර මත්තේ හැපී වැලපී  

ගඟක් සිය දිවි නසාගත් හැටි  
බලාගත් අත බලාගෙන සඳ 
මතක බණ පද අහනවා ඇති... 

අදත් මහ රෑ නිදිවරාගෙන 
හූල්ලන උලමියේ  දැන් ඇති
ප්‍රේමයට දොස් කියා පල නැති 
හිතට හිමිකම් ඔප්පුවක් නැති...

මල්සරා විස පෙවූ හීයක 
පැසව පැසවා ආ රසෝඝය
ඇසෙන් බට දේවතා එළියක 
පැටලි පැටලී ආ විරාගය...

හී උගුල්ලා පලා ගිය දා 
කලත් හිත කඩවරට යාගය 
මාත්‍රා වස් නොමැති කවියක 
ලියා තැබුවෙමි මම වියෝගය...

රනින් කල රන් දමක මුදුවක 
මැණික ඇති නම් වී පරිස්සම් 
සින්නකරගනු බැරිව නොතැවෙමි 
ඉඳහිටක දැනුනත් කෙනිත්තුම්...

අයිතියක් ඉල්ලමින් නාඬමි 
බින්න ගිය ප්‍රේමයක වත්කම් 
නොදුටුවා සේ මගැර යමු අපි  
අපේ හිත් වල කැළැලි හිස් තැන්...

...............................................................

ww 
03MAR 2018


37 comments:

  1. අදත් මහ රෑ නිදිවරාගෙන
    හූල්ලන උලමියේ දැන් ඇති
    ප්‍රේමයට දොස් කියා පල නැති
    හිතට හිමිකම් ඔප්පුවක් නැති..

    මේකනම් හිතට දැනෙනවා අක්කා... අපූරුයි... ඉඩක් තිබුනොත් පිලිතුරක් ලියනවාමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නගා...ලියන්නකෝ එහෙනම්....

      Delete
  2. හුඟ කාලෙකට පස්සෙයි ඔයාගෙ අපූරු පද පෙළක් කියෙව්වෙ (ඔයා ලියන්නැති මං කිව්වෙ මට කියවන්න ලැබුණෙ නෑ කියලා)

    විරහවට වුණත් අමුතු රසයක් එකතු කරන්න පුළුවන් ඔයා වගේ කිවිඳියකට

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්ව දැක්කෙත් ගොඩක් කාලෙකට පස්සෙ. ආයිත් ලිපි පෙළක් ලියන්නෙ නැද්ද?

      Delete
    2. ඔයාගේ කතා මං කියව්වා. ඒවා හරි ලස්සනයි. ඇයි දැන් ලියන එක නවත්තලා තියෙන්නේ.. ආයේ ලියන්න පුලුවන් නම්..

      Delete
    3. දුමී...

      ඔව් ගොඩ කාලෙකට... මං හිතන්නෙ අවුරුදු එක හමාරකට විතර පස්සෙ තමයි මං මේ ආපහු බ්ලොග් කියවන්න පටන් ගත්තෙ. හැබැයි ආපහු බ්ලොග් ලියන අදහසක් නම් නෑ

      Delete
    4. අරූ,

      ඔයාගෙ මේ කමෙන්ට් එක පොකුරුටද මටද දුමීටද කියලා හිතාගන්න අමාරුයි.

      ඒක මටනම් දෙන්න තියෙන උත්තරේ දැන් එහෙම ලියන්නවත් හිතන්නවත් වෙලාවක් නෑ අනේ කියන එක තමයි

      Delete
    5. සඳ, ඔයාට තමා ලිව්වේ.මං කොමෙන්ට් කරද්දි දුමිගේ කොමෙන්ටුව තිබ්බෙ නැහැ. ඒත් මගේ මේ කොමෙන්ටුව නම් බොහොම මොංගල් පාටයි.. කොහොම උනත් ඔයාගෙ කතා මාර ලස්සනයි.ඒ නිසා තව ලියන්න කොහොම හරි... ඉඩ හොයාගෙන. මේ වගේ වැඩක් නැති බ්ලොග් වලට කොමෙන්ට් නොකරනවා නම් ලියන්න වෙලාව ඉතිරි වෙයි. හික්ස්....

      Delete
    6. ගොඩක් කාලෙකින් සඳා...කොහොමද තොරතුරු...මම ලියන්නෙත් කලාතුරකින්...වෙලාවක් නැහැ ලියන්න...

      බොහොම ස්තුතියි අගය කිරීමට...අඩුම තරමේ කමෙන්ටුවක හරි දකින්න ලැබීම සතුටක්...

      Delete
    7. @අරු, දැන් මේ වැඩක් නැති බ්ලොග් කිව්වේ මගේ බ්ලොග් එකටද...කොහොම උනත් මම නම් බ්ලොග් ලියන්නේ කාටවත් වැඩක් ගන්න නෙවෙයි..මගේ ආත්ම තෘප්තියට...කමෙන්ට් කරන්නේ තමන්ට හොදයි කියල හිතෙන දෙකට...කියන්නන් වාලේ හැම එකකටම ගිහින් පට්ටයි කියන කට්ටියක් ඉන්නවා...හැබැයි එහෙම නැතුව විචාරාත්මක සංවාද කරගෙන යන අයත් ඉන්නවා...ඔය අස්සේ සම්මාන වලට ලියන අය, තව තව පුද්ගලික න්‍යාය පත්‍ර වලට ලියන අය, ඒ වගේම හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් ලියන අය, එකී මෙකි නොයෙක් අය ලියනවා...

      හැබැයි පැහැදිලිව මේ ටික මතක තියාගන්න, ඔය කිසිම බ්ලොග් එකක් වැඩකට නැති එකක් නෙවේ...ඒවායේ තියෙන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ජිවිතේ ගැන කියවන විදිය...සමහරු හරි සරලයි...සමහරු බොහොම විචාරශීලි...සමහරු බොහොම බුද්ධිමත්...මතුපිටින් බොහොම ෆන් වගේ පෙනුනනට සමහර ලියවිලි ඇතුලේ බොහොම ගැඹුරු කියවීම් තියෙන්නේ...මිනිහෙක් නිර්මාණශීලිව යම් අදහසක් ලියල දාන එක වැදගත්, වචන දහයක් ගලපලා ලියන්න බැරිව ලත වෙනවට වඩා...





      Delete
    8. පොකුරු

      මට හිතෙන්නෙ අරුට වැඩක් නැති කොමෙන්ට් කියන එකටයි වැරදීමකින් වැඩක් නැති බ්ලොග් කියලා ලියවෙන්න ඇත්තෙ

      මන්දා මට ඒක දැක්කම හිතුනෙ එහෙමයි. මොකද මම දකින දකින බ්ලොග් වල කමෙන්ට් දාලත් නෑනෙ

      Delete
    9. මේ ලෞකික ලෝකේ කිසිම දෙයක් වැඩකට නැති දේවල් නෙවේ සඳා...එක වචනයක් පවා මැරෙන්න යන කෙනෙක්ව ජිවත් කරවනවා වෙන්න පුළුවන්...මට මතකයි එක පාරක් මට ගෑනු ළමයෙක් ලියලා එව්වා, එයා එක කවියක් කියවලා එය සිය දිවි නසාගන්න හිතපු එක වෙනස් කළා කියල...

      අරු ලියන්න ඇත්තේ හිතා මතා නෙවේ...නමුත් එහෙම ආකල්ප මිනිස්සු තුල තිබිය යුතු නැහැ ...අපිට බොළඳයි කියල හිතෙන දේවල් වලින් තව කෙනෙක් ගොඩක් සතුටු වෙනවා වෙන්න පුළුවනි...

      Delete
    10. අප්ෆා... හිත රිදුන එකට සමාව.. මං ඇත්තටම කල්‍ර්‍ර් විහිලුවක්...
      //මේ වගේ වැඩකට නැති බ්ලොග් වලට කමෙන්ට් නොකරනවා නම් වෙලාව ඉතිරි වෙයි //
      මං ලිව්වේ සඳවියමන්ට ලියන්න කියලා, වෙලාව නැහැ කියන දේටයි මං විහිලුවට ඒ වගේ දෙයක් කිව්වේ...
      කමෙන්ට් වලට වෙලාව හොයාගන්නවා වගේ ලියන්න කියලා.. නැතුව ඒක හිත රිදෝ ගන්න දෙයක් නෙවෙයි අක්කේ..... මොකද පොකුරු කියන්නේ හොඳ ලියන්නේක් කියලා ආයේ කියන්න දෙයක් නෑ.. ඒක හැමෝම දන්න කාරණයක්නේ. අනේ හිත රිදුන එකට සමා වෙන්න

      Delete
    11. සමාව ඉල්ලන්න ඕනේ නැහැ අරු...හිත රිද්දගන්න වයස පහු වෙලා දැන්...මම එහෙම ලිව්වේ, ඔයා ලියපු වාක්‍ය මම අනුමත නොකරපු නිසයි...මම දන්නවා ඔයා එහෙම ලිව්වේ විහිලුවට කියලත්...ඔයා ඔයාගේ අදහස කිව්වා..මම මගේ අදහස ලිව්වා...

      අනිත් එක සඳා මම හිතන්නේ අවුරුද්දකටත් වඩා පස්සෙයි බ්ලොග් එකක කමෙන්ට් කරනවා දැක්කේ...

      Delete
    12. අනේ දෙයියනේ මට උන වියෝයා වගේ වැඩක් මේක... 😢😢😢

      Delete
    13. ගණන් ගන්නෙපා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කිව්වේ ඕකට තමා...☺☺

      ස්ට්‍රේට් ටෝක්....

      Delete
  3. මේ පද පෙළ හැගීම් දනවන සුළුයි .

    ReplyDelete
  4. අපූරුයි පොකුරුවැහි. ගොඩක් දවසකින් පස්සෙයි පොකුරුගේ නිර්මාණයක් දැක්කේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමි...දැන් වෙලාව ගොඩක් සිමා සහිතයි, තෘප්තිමත් දෙයක් ලියන්න වෙලාව යනවා...ඒ නිසා එහෙන් මෙහෙන් ලියන එක නැවැත්තුවා

      Delete
  5. මාත්‍රා වස් නොමැති කවියක
    ලියා තැබුවෙමි මම වියෝගය...

    රහයි මේක.......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හෂාන් මල්ලි...

      Delete
  6. අයිතියක් ඉල්ලමින් නාඬමි
    බින්න ගිය ප්‍රේමයක වත්කම්
    නොදුටුවා සේ මගැර යමු අපි
    අපේ හිත් වල කැළැලි හිස් තැන්...//


    හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. රස වින්දාද නැතිද නම් දන්නේ නැහැ, නමුත් කියෙව්වාට ස්තුතියි...

      Delete
  7. මුලින්ම අදයි ආවේ.ඇත්තටම වෙනස්ම හැඟීමක් දනවන පද පෙළක්.සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට..ඇගයීමටත්, බ්ලොගයට ගොඩ වැදුනාටත්...

      Delete
  8. One of the best from your pen. First verse is the best one.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඉයන්...ටිකක් විතර වෙලාව අරන් කල නිර්මාණයක් නිසා වෙන්නැති...

      Delete
  9. කවදත් වගේ සොඳුරු කවි - පොකුරු කවි!

    ReplyDelete
  10. නොදුටුවා සේ මගැර යමු අපි
    අපේ හිත් වල කළැලි හිස්තැන්.........

    හරිම ලස්සනයි.
    අපි හැමෝම ජීවත් වෙන්නේ ගොඩක් කඩතොළු සෝබනෙන් වහගෙන.වේදනාවල් හිනාවෙන් වහගෙන.ඒත් අපි ජීවත් වෙන්නම ඕනි.අපි නිසා හුස්ම ගන්න ජීවිත වෙනුවෙන්........

    ReplyDelete
    Replies
    1. ජීවිතය කියන්නේ කොහොමත් දුකක් සමනලී...ප්‍රේමය කියන්නේ එහි බොහොම සුළු කොටසක් විතරයි...

      බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම අදහසටත් ගොඩක් ස්තුතියි

      Delete
  11. නොදුටවා සේ මගැර යමු අපි
    අපේ හිත් වල කැළලි හිස් තැන්
    ..........................
    අනිත් අයට නොපෙනෙන්න කඩතොළු ගොඩක් වහගෙන අපි ගොඩාක් දෙනෙක් ජීවත් වෙන්න එක පුංචි හේතුවක් හොයනවා

    ReplyDelete
  12. අහම්බෙන් පාර හොයගෙන ගොඩවෙලා තියෙන්නෙ බොහොම රසවත් අකුරු ලෝකෙකටනෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට නෙරංජන්...

      Delete
  13. Replies
    1. Thank you Sir. Sorry for taking longer to approve the comment. I haven't been actively checking the blog.

      Delete