රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන
මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට ඩයරියක්
...............................................................................
ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ
ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට
රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්
WW
//ඩයරියක්// දිනපොතක් වගේ උනානං...
ReplyDeleteම්ම්ම්.. වදිනවා හිත පතුලටම..
අදහසට ස්තුතියි කමි...අලුත් පොස්ට් එකේ වචනය වෙනස් කළා..
Deleteමම මූණු පොතේ මේ කවිය දැක්කම කියපු දේම තමා දැනුත් කියන්නේ.. හදවතටම එල්ලය අරන් වෙඩි තියන කවි මෙව්වා
ReplyDeleteඅපූරුයි පොකුරු.
ReplyDelete//ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්//.......
කවි ටිකෙන් මගේ ඇස් දෙකත් නතර වුණේ මෙන්න මෙතන.
ජයවේවා!!!
ReplyDeleteරෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්
ලස්සනයි මේ පද
කවි නියමෙට ලියලා තියෙනවා...
ReplyDeleteCongrats..!
ReplyDeleteහිතට වදින්න ලස්සනට ලියලා
ReplyDelete