Sunday, February 11, 2024

හැමෝම ඒ වගේ මැරෙන් නෑ…


ඉස්සර වගේ දැන්, කවි වල හංගලා 

ඔයා ගැන ලියන්නට හිතක් නෑ 
අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම 
වැහි මිසක ඉර එළිය වැටෙන්නෑ…


ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු 
උන් නම් කියන දේ ඇහුවෙ නෑ
නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා 
ඒ වුනත් උන් තාම මරුනෙ නෑ…


ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු 
ඉඳිකටු පාර නම් මැකෙන් නෑ 
ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා 
දැන් ඉතින් කවුරුවත් දකින් නෑ…


සඳ කිඳුරු ජාතකේ, කින්නරිය  මැරුණාට 
හැමෝම ඒ වගේ මැරෙන් නෑ…
ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
ජීවත් වෙන එකත් ලේසි නෑ…

ww@2018