Monday, April 25, 2016

කලි යුගයේ දුයිෂෙන්ලාට...




උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට 
ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට 
ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න 
සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට...

අයිලයේ ගෑණුන්ට පෙම් කවි අමුණන්ට 
උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට 
ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න 
සලෙළෙකුට බෑ බං මගෙ දුයිෂෙන් වෙන්ට... 

බැරි උනත් කිසිදාක මගෙ දුයිෂෙන් වෙන්ට 
උඹට පුළුවන් තවම හොඳ මිනිහෙක් වෙන්ට 
පාන්දර කෝච්චියෙ යනවා මං යන්න 
ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

මං,

එදා ඉඳන්ම උඹේ හැටි දැනගෙන උන්න,

"අල්තිනායි"...


වත්සලා විජයලත් 

04/24/2016

14 comments:

  1. සලෙළෙකුට කීව කවියක් වගේ. දරුණු පහරක් ?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට ගොඩ උනාට බොහොම ස්තුතියි...එය බොහෝ දිරියක්...

      දුයිෂෙන් ලා වේශයෙන් එන සලෙළ වර්ගයාට පොදුවේ අයට ලියූවක්...දැන් කාලේ අහන්න දකින්න වෙන දේත් එක්ක ලියවුන දෙයක්...බොහොම ස්තුතියි අදහසට...

      Delete
  2. දුයිශෙන්ලා, අල්තිනායිලා හොයන්න සෑහෙන්න අමාරුවෙයි මේ කාලෙදී....හම්බවුනත් වැඩකුත් නැතිවෙයි.මේ කාලේ කවුද ආදරේ විඳිනේ, විඳවනවා මිස.

    වැඩිය කලබල නැතුව පෝස්ට් පබ්ලිශ් කරමු.එක දිගට පෝස්ට් පබ්ලිශ් කරන්න එපා.පුළුවන්නම් මේල්ලුවක් එවනන්න බ්ලොග් එක ගැන යමක් කියන්න.

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොග් එකට ගොඩ උනාට...අදහසක් දක්වලා යන එක බොහෝ දිරියක්...

      ඇත්ත...අද කාලේ දුයිෂෙන්ලත් නැහැ, අල්තිනයිලත් නැහැ...ප්‍රේමය විකිණෙනවා බොහොම ලාබෙට...

      බ්ලොග් එක ගැන ඕනෑම අදහසක විචාරයක් මෙතනම ලියන්න...ඒකට ගැටළුවක් නැහැ...මම කමෙන්ටු පල කරන්නේ බැලුවයින් පසුව...ඒ නිසා ඔයාගේ අදහස් කියන්න...

      බොහොම ස්තුතියි සුබ පැතුමට...

      Delete
  3. පොකුරු වැහි මේක වෙනස් ම කවියක් ... ඔව් මම මේ වෙනස් බවට ආසයි ... ලියමු අපි දිගටම :) පුළු පුළුවන් වෙලාවට ඇවිත් ගොඩවෙලා යන්න එන්නම්කො :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හංසි අදහසට... පොකුරු වැහිත් ඒ පැත්තට වැටෙයි ඉඩ ලැබෙන වෙලාවට...:)

      Delete
  4. මහේෂ්ගෙන් පාර අහන් අදයි මේ පැත්තට ගොඩ වුණේ. පද පෙළ අපූරුයි. අයෙමත් එන්නම්. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි වෙලාවක් අරගෙන මේ පැත්තට ගොඩ උනාට...අදහසට ගොඩක් ස්තුතියි...ඉඩ කඩ ලැබෙන වෙලාවක ඇවිත් යන්න...

      Delete
  5. සළෙලෙකුට ආදරේ කරන්නට තහනම් ද?

    ලස්සන කවි පෙළක් ඈ.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ...හොඳ ප්‍රශ්නයක්...සලෙලකුට ආදරේ කරන්න තහනම් නැහැ, ඒත් සලෙලුන් දන්නේ ආදරේ කරන්න නෙවේ ආස කරන්න...තමන්ට ඕනේ දේ ලැබුනට පස්සේ ඒ ආසාව අවසානයි...ඒකයි වෙනස...

      Delete
  6. Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබට...ලබා දෙන දිරියට...

      Delete
  7. ඔබට තියෙන්නෙ මහ පුදුම හිතක්.... ඔබ මගෙ හිත කියවනවද....
    ඔබ ලියන්නෙ ඌණ පුර්ණයකට ඉඩ නොතියාම..... ඔබ විරළ ගනයේ සිතුවිළි උල්පතක් අක්කී....

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි නංගෝ...මට ඔයාගේ හිත නම් ටිකක් කියවන්න පුළුවනි...

      Delete