Sunday, March 25, 2018

ප්‍රේමයෙන් බැඳීම යනු...(Falling in love is)...




හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
බොහෝ ඝණ අන්ධකාර වූ මීදුමක
අතිශය දීප්තිමත් ආලෝකයට කෑදරකමින්
සෑම අවිනිශ්චිත වූ මොහොතක් පාසාම
අරමුණකින් තොරව ඇවිද යාමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ජනාකීර්ණ මං මාවත් වල
බොහෝ ජනී ජනයා වටකොට සිටිද්දී පවා
මෘදු කෙඳිරුමක් සහිත අවතාරයක්
ඔබ අසල ගැවසීමය...ඔබව ලුහු බැඳීමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
මහා කුණාටුවකට හසුවී කරකැවීම
මිලිතත්පර වලින් හඟිමින්
මයික්‍රොතත්පර වලින් ආවර්ජනය කිරීමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ආලෝකමත් විචිත්‍ර දවාලක පවා
සිහින බැලීමට ඇබ්බැහි වීමය...
නිසැකවම,
ඔබට ඒ සඳහා පෙනීම අවැසි නැත...

හිතවත,
මා විශ්වාස කරන්න...

ප්‍රේමය පූර්ණ ලෙස අන්ධය...


එහෙයින්,

ප්‍රේමයෙන් බැඳීමට,
පෙනීමක් හෝ දසුනක් අවැසි නැත...



Falling in love is,
Wandering in thick mist
Craving for the dazzling light
In every moment of uncertainty...


Falling in Love is,
Haunted and stalked
By a shadow mingled with a soft voice
In busy streets...among the crowds...

Falling in Love is,
Rolling in a cyclone
Feeling in milliseconds
& rewinding in microseconds...

Falling in love is,
An addiction to dreaming
In brighter daylight
& obviously
No sight is needed...

Trust me,

Love is totally blind
& no sight is needed....




(WW)

19 comments:

  1. අදුරු මීදුම් පටල විනිවිද දකින එලියෙන් මත්වෙලා
    කොදුර කොදුරා රහස් මුමුණයි සවන් යුග කුල්මත් වෙලා
    සොදුරු හීනෙක පාට සිතුවම් නුවන් යුග මන්මත් කලා
    ඉදුරු පිනවන ප්‍රේමයද මේ සබද පවසනු පහදලා

    ඈත දිදුලන පහන වෙත යයි නොමදිලේවිද නොමහැගී
    මෑත සවනත ඇසෙන කෙදිරුම අසල ගැවසෙයි ලුහුබදී
    ගීත සිහිනය මැවෙයි නිබදව පියවි නෙතු අවැසිම නොවී
    දූත කම් තව අවැසි නොමනෙද පෙමක් පහදනු නොමදනී

    Nelliප්‍රින්ස්

    ReplyDelete
    Replies
    1. අගෙයි නෙරන්ජන්...නිර්මාණයක තියන අපූරු කම තමයි මේ..එකම අදහසට නොයෙකුත් අර්ථ දෙන්න තිබෙන හැකියාව...බොහොම ස්තුතියි...

      Delete
  2. හිත පසාරු කරන වචන ...... අපූරුයි...

    ReplyDelete
  3. සෑම හදකම නොසිතු මොහොතක දැවි දැවී යයි ඇවිළිලා
    නාම යක් වුව ගතට වද දෙයි මතක මත්තෙම හිරවෙලා
    කෝම කියමිද පදවැලක් ලෙස අරුත නිසිලෙස ගළපලා
    ප්‍රේම බන්දන නොවන්නට අද ලොව රැඳේවිද සැරසිලා.......

    ලස්සන නිර්මාණයක් පොකුරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවිය රහයි දුමී...බොහොම ස්තුතියි ...

      Delete
  4. අපූරු පද පෙල..
    සෑහෙන කාලෙකින් ුාවෙ ඉතිං..
    ජය

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමයි දැක්කේ...මමත් නිතරම බ්ලොග් පැත්තේ එන්නේ නැහැ ඉතින්...බොහොම ස්තුතියි මහේෂ්...

      Delete
  5. හරිම ලස්සණයි !

    The dark side of falling in love is that, in one way or another, it will break your heart. To love is to suffer. But I'll love ...

    ReplyDelete
  6. Replies
    1. මේ ඉසව්වට සාදරෙන් පිළිගන්නවා. ඔබේ කමෙන්ටුව ස්පෑම් වෙලා තිබිලා අදයි දැක්කේ. ඒකට සමාවෙන්න.

      බොහොම ස්තුතියි ඔබට.

      Delete
  7. අද මේ බ්ලොග් එකට ආවේ..දැකපු ලස්සනම එක..ඔයාට ජය අයියේ..මාරම ලස්සනයි..❤️❤️

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සමාවෙන්න කමෙන්ට් එක පෝස්ට් කරන්න ප්‍රමාද වුනාට. නිතර බ්ලොගය පැත්තට එවෙන්නේ නැහැ.

      Delete