Saturday, August 13, 2016

උඹ කතා නොකළත් හිතවතී...





උඹ කතා නොකළත් හිතවතී 
මේ නිහඬ ප්‍රේමය මිහිරැතී 
ඇහි දාරයක් යට සුව ඇතී 
නොදොඩාම ඉඳපන් කම් නැතී...

වසන්තය ගැන දන්නැතී 
ඉරි තැලුන පොළවක අරුමැතී 
තෙත අඩි තියන්නට බර ඇතී 
හැම වැස්සටම බෑ හිතවතී... 

උඹ කතා කෙරුවොත් හිතවතී 
ඒ අඩි ලකුණු පෙන්නුව හැකී... 

හිරු සඳුද තරු හා මල් පෙතී 
ගැන ලියූ දහසක් කවි ඇතී 
ඒ උවම් ගෙන ගලපනු බැරී 
පෙම් කවක් ලියපන් හිතවතී...

උඹ කතා නොකළත් හිතවතී 
මේ ප්‍රේමයට උපමා නැතී...


-----WW---

20 comments:

  1. ඉඳුන් රවටා ගෙන ඇතී
    පිස්සො ප්‍රේමෙට රැවටෙතී
    ඒකෙ බොරුවට අසුවෙතී
    සසරෙ ඒ වුන් හිරවෙතී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්...සසරේ හිරවෙන්නේ ප්‍රේමය නිසාම පමණක් නෙවේ ඉයන්...අපි පෘතග්ජන මිනිස්සු විදියට කරන බොහෝ ක්‍රියාවන් වලින් වෙන්නේ සසරේ හිර වීම තමයි...

      Delete
  2. සිංදුවක් ලියන්නකො වත්සලා. හිතට දැනෙන ලස්සන සිංදුවක් ලියන්න ඔයාට පුළුවන්

    ReplyDelete
    Replies
    1. :) බලමු උත්සාහයක් දරල සඳා...කෙනෙක් මගෙන් අහල එවල තිබුනත් එක්ක අර අරාබියේ කවිය සිංදුවක් කලොත් හොඳයි නේද කියල...

      Delete
  3. වසන්තය ගැන දන්නැතී
    ඉරි තැලුන පොළවක අරුමැතී
    තෙත අඩි තියන්නට බර ඇතී
    හැම වැස්සටම බෑ හිතවතී...

    අන්න ඒ ටික වැදුණා කියන්නෙ වැදිල්ලක්.. හරිම අපූරුයි.මේක ගීයක් වෙලා හර්ෂණ දිසානායක සහෝදරයගෙ වගෙ අපූරු කටහඬකින් ඇහෙනව නම්..))

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි වර්ෂා...හිතල බලන්න ඕනේ...දැන් සඳාත් කිව්වනේ මේ වගේම දෙයක්...බලෙන් ගායකයින්ට කියල සිංදු කියවන්න බැහැනේ ඉතින්...එයාල කැමති වෙන්නත් එපැයි මේ පද පෙලට...

      උඹ කියල ලිව්වේ, මේක ගීයක කරන අදහසකින් නොලිව්ව නිසා...හැබැයි ගීයක් වෙනවා නම් නුඹ/ඔබ වෙන්න ඕනේ...ඒ අදහසට එකඟයි :)

      Delete
  4. ම්ම්ම්.... හඬක් එකතු වෙලා ලස්සන තනුවක් මුසු උනා නම් කියල වැඩක් නෑ...

    ලස්සන පද පෙළ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එහෙම හිතුනනේ ඉතින්...හැමෝම එහෙම යෝජනා කරන නිසා දැන් නම් මටත් හිතෙනවා මේක ගීතයක් කළා නම් හොඳයි කියල...

      බොහොම ස්තුතියි නිර්මාණි...

      Delete
  5. දැනෙන හැගෙන නුඹෙ ආදරෙ ගලන නෙත
    ඉදිරියෙ මගේ වචනය ගොලුවෙයි නැවත
    පෙම්බස් නොකීවත් ගෙන මා නුඹෙ සුරත
    සබද නුඹට සින්නයි දැන් මගේ හිත.......
    කවි පෙල අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හරිම රහයි මේ පද පෙළ දුමී...අන්තිම පේළිය බොහොම ලස්සනට ගලපලා තියනවා...

      බොහොම ස්තුතියි...

      Delete
  6. කවියේ රටාව දැක්කම මට මතක්වුනේ

    ඉක්මන් නොවුනා නම් අපි
    අපි අපගෙයි තාමත් හිතවතී කියන සිංදුව

    ReplyDelete
    Replies
    1. මේ මගේ ප්‍රියතම ගීතයක් ඉවාන්...මා අතින් මේ නිර්මාණය ලියවෙද්දී මටත් ඒ ගීතය මතක් වුනා...හැබැයි ඒ වෙද්දී මගේ හිතට ආපු වචන ඇතුලේ, ඒ රටාව ලියවිලා ඉවරයි...ඒ හන්ද වෙනස් කලේ නෑ, ලියාගෙන ගියා...

      Delete
  7. හරිම ලස්සනයි පොකුරු වැහි. නිහඬ ප්‍රේමය වැඩියෙන් ලස්සනද මන්දා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නී...මට හිතෙන්නේ විටකදී නිහඬ ප්‍රේමය බොහොම සුන්දරයි...සීමාවන් වලින් තොරව ප්‍රේමය තමන්ගේ කරගෙන විඳින්න පුළුවනි...මොකෝ කාගෙන් අවසර ගන්න කියලද...

      Delete
  8. හරිම ලස්සනයි වත්සලා අක්කෙ. හරි අපූරුවට වචන හොයාගෙන. නිකන්ම කවි කියවනවට වඩා මං ආස රිද්මයකට කියවෙන කවි කියවන්න... මේක අපූරුයි.
    වේලිච්ච පොළවෙ තෙත අඩි තියන්න හැම වැස්සකටමත් බෑ... මරු අයිඩියාව.
    සින්දුවකට ගලපගන්න අනිත් අය කියන්න වගේ.
    සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි නගෝ මේ ඇගයීමට සහ ඔයාගේ විඳීමට...

      බලමු, කෙනෙක් ගායනා කරන්න කැමති වෙන්නත් ඕනැනේ ඉතින්...හොයල බලන්නම්කෝ එහෙම කෙනෙක් ඉන්නවද කියල...

      Delete