Saturday, July 30, 2016

මං එනව ඉවසපන් රන්කඳ...





අරාබියේ සිට ලියමි...


අඬන "රාහුල" සනසවාගෙන 
තොල් විකා ඉන්නවද හිමිසඳ 
වරිගයේ උන් ඇස් ලිහාගෙන 
ඉන්නෙ මං පානකල් පෙළහර...

ළඟ පාත උඹ නැතුව රන්කඳ 
තදින් දැනෙනව විටක රස්නය 
අපේ ගඟ නේරංජනා වගෙ නෑ
නිතර හීතල කඳුළු විතරය...

"සුරා බී ප්‍රීතියෙනි හිමිසඳ" 
තිගැස්සෙමි දැක සඳැස් පණිවුඩ 
"ඉක්මනින් එනවාද අම්මේ"
යදියි උරුමය සොයන "රාහුල"...

සය වසක් දුක දරා මෙහෙවර 
කලත් "බුදු බව" ලැබෙන ඉඟි නැත
මරඟනන් පරදවාලන්නට 
පාරමී මදි වගෙයි හිමිසඳ...

මාළිඟාවේ අත්තිවාරම 
වල් වැදෙන්නට අරිමු...කම් නැත...
නොකෑවත් අපි එකට ඉන්නට 
මං එනව ඉවසපන් රන්කඳ...

මීට උඹේ ආදර යශෝධරා...



WW


24 comments:

  1. මරු කතර මැද
    බුදු නොවූ ළඳ

    අපූරුයි..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැසි දැරිය...

      Delete
  2. ++++++++++++++++++++++

    මෙම කවිය වසරේ කවිය ලෙස නම් කරමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට ඉයන්...

      Delete
  3. සුපිරියි.
    ජිවිතය කියන්නෙ සල්ලිම නෙවේ. ඒත් සල්ලි නැතුව ජීවත් වෙන්න අමාරු වුනාම ජීවිතට දුරස් වෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්...වර්තමානයේ මිනිස්සු සල්ලියි, ජීවිතෙයි මැද අතරමං වෙලා...

      Delete
  4. අපූරුයි පොකුරු වැහි. පළමු කවිය කියවගෙන යද්දී 4වන පේළියට තවත් වචනයක් ආවොත් හොදයි කියළත් හිතුණා. නැතත් ගැටලුවක් නෑ.
    'නෑවත් වතුර මල යට සිට නල වතුර
    තාමත් සිතින් කිමිදෙමි ගග දිය අතර
    කීවත් ගීත මැදපෙරදිග මරු කතර
    කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර.....'
    නන්දා මාලනියන්ගේ ඒ ගීතය මතක් වුණා.

    ජයවේවා!!!.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී...මට ඒ හතරවැනි පදයේ අඩුවක් දැනුනේ නම් නැහැ...අදහසට බොහොම ස්තුතියි...

      මේ ගීතය මීට කලින් අහල නැහැ...මෙතැනට එකතු කලාට බොහොම ස්තුතියි...

      Delete
    2. https://www.youtube.com/watch?v=WfMwVs3_vW4

      Delete
    3. නන්දා මාලනියන්ගේ තවත් අපූරු ගීයක්. මේක සිරස රේඩියෝවෙන් "අහසින් එහා" කියන වැඩසටහනට කරපු තේමා ගීතයයි. හොයාගෙන අහන්න. ලස්සන ගීතයක්.

      විලක් වුණත් නිල් දිය පිරි විලක් නොවේ
      මලක් වුණත් සුවඳක් ඇති මලක් නොවේ
      සඳක් වුණත් පසලොස්වක සඳක් නොවේ
      රටක් වුණත් මගෙ රට වැනි රටක් නොවේ.....

      නෑවත් වතුර මල යට සිට නල වතුර
      තාමත් සිතින් කිමිදෙමි ගග දිය අතර
      කීවත් ගීත මැද පෙරදිග මරු කතර
      කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර......

      සාගිනි පෙලෙන දූ දරුවන් උදෙසාම
      ආවෙමි මෙහෙවරට නොරටුන් ලග මෙහෙම
      ....................
      හීනෙන් මගෙ රටේ නිදියමි හැමදාම....

      Delete
    4. බොහොම ස්තුතියි ඇනෝ, මැද පෙරදිග ජීවිතේ තිත්ත ඇත්ත තියන, මා කලින් අසා නැති නන්දා මාලිනියගේ ඒ ගීතය එකතු කළාට...

      Delete
    5. දුමී, බොහොම ස්තුතියි ගීතයේ පැදිපෙළ සටහන් කලාට...

      "හීනෙන් මගෙ රටේ නිදියමි හැමදාම...."........මොන තරම් අරුතක් තියන පද පෙලක්ද...විදේශ ගත වෙලා ඉන්න හැමෝගෙම ජිවිත අත්දැකීම් මේ ගීතයේ තියනවා...

      Delete
    6. දුමින්දගේ ප්‍රතිචාරයේ නිවැරදි විය යුතු කාරණයක් පෙන්වා දෙන්න කැමතියි. නන්දා මාලිනිය විසින් මෙම ගීතය ගායනා කරන ලද්දේ 80 දශකයේදී 'සත්‍යයේ ගීතය' හෝ 'පවන' ප්‍රසංගයන්/කැසට්පට සඳහාය.

      ගීතයේ අසම්පූර්ණ තැනට අදාළ පදය මෙසේය.
      ''බානෙන් බැඳී සිටියත් යදියන් සේම...''

      Delete
    7. බොහොම ස්තුතියි ප්‍රභාත්, ගීතයේ අඩුව පුරවලා නිවැරදි කලාට...

      Delete

  5. හුටා යශෝදරා අරාබියට ඇවිදින්ද?

    මට පොඩ්ඩක් මේල් ඇඩ්‍රස් එක එවන්න.
    කාලය හරහා යන විදිය දැන ගන්න.
    පෙර වැරැද්දක් තියේ හදා ගන්න..

    ReplyDelete
    Replies
    1. ලලිත් ඔය පරණ වැරදි හදන්න ගිහින් අමාරුවේ වැටෙන්නයි හදන්නේ..."අතීතය සිහිනයක් පමණයි කියල" යශෝධරා කිව්වා මේල් ඇඩ්‍රස් එක දෙන්න බැහැයි කියල...

      Delete
  6. වැදුන හිතට තදටම වැදුන. හරි අපූරුයි පොකුරු . මේ කවිය මුහුණු පොතේ කියෙව්වත් මේ කවි මාතෘකාව ඇස ගැටුනේ නෑ. අද ආයෙම වතාවක් කියවද්දී කවිය හොඳටම දැනුන.පොකුරු හරි දක්ෂයෙක් ^_^ සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසි මේ ඇගයීමට...

      මුහුණු පොතේ ඔයා මුල් වරට දැක්ක කවියට පස්සේ මම මේක තුන් හතර වතාවක් වෙනස් කළා තැන් කිහිපයක්ම...ඒ නිසයි ඔයාට ඒ දේ ඇහැ නොගැටෙන්න ඇත්තේ...නැවත වතාවක් බොහොම ස්තුතියි :)

      Delete
  7. කියන්න වචන නැත...
    ඒ තරං සුපිරිය.. පොකුරුගේ පබැදුම් කෝමත් මට නං පිස්සු වට්ටන සුළුයි...
    ලස්සනයි කියන්න හොදනෑ ඊට වඩා වටිනව. දිනෙක කවි පොතක් කල යුතුමයි
    ජයෙන් ජය ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් ඔබේ ඇගයීමට...මේ ඇගයීම් බොහොම දිරියක්...

      කවි පොතක් කරන්න හිතාගෙන ඉන්නවා...බලමු ඉතින් හොඳ නිර්මාණ ටිකක් එකතු කරගන්න...

      Delete
  8. නූතන යසෝදරාවන්, රාහුලයින් හා බැඳුණු සමාජ ඛේදවාචකය ඔබ අපූරුවට ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. යසෝදරාවන් රට පටවා විනිමය උපයන, ධර්මද්වීපයේ අාඩම්බරකාර පුරවැසියෝ අපි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රභාත්...

      ඇත්තෙන්ම, ඒ යශෝධරාවන්ගේ ජීවිත වලට බද්ධ වුන අනේක දුක් වේදනාවන් මේ වගේ වචන ටිකකට සිමා කරන්න බැහැ...රට කරන ඇත්තන්ට ඒවායේ හැඟීමක් නැහැ...

      Delete
  9. රාහුල සමග සිය නෑ පිරිවර හැර ගිය යෂෝදරාවනි. එනු මැනවි යලි විගසින් මාලිගයට මා පුතුගේ සිහිනත් රැගෙන.

    හරිම ලස්සනයි අක්කේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන් මල්ලි...මව් සෙනෙහස අහිමි වුන රාහුල ලා කී දෙනෙක් නම් මග බලාගෙන ඇතිද...

      Delete