Thursday, June 16, 2016

මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...



ප්‍රේමය ඇත්තේම අඳුරු අහුමුළු වලය 
නුරාව වෑහෙනා ඉඳිමුණ තොල් වලය 
හංදියේ දිළිසෙනා රතු රෝස මල් වලය 
මල්සරා...ඒ ප්‍රේමයේ එදා වේලය...
ඉස්සර වගේ නොව ප්‍රේමයද අවතැන්ය...

මල්සරා ඉසුරුමුණි පෙම්වතුන් ළඟ 
තවම ඇති ඉපැරණිම නොඉඳුල්ම ප්‍රේමය 
නිකමට එහෙ ගිහින් බලන් හැඩහුරුකම 
ආවොතින් ලේසි වෙයි මල් දුන්න මානන්න...
සොඳුරු හිත් ඇත්තේම හුදකලා තැන් වල...

මල්සරා පිරියම් කරමු අපි මල් දුන්න 
මානන්න හැකි එවිට සොඳුරු පපුවක මැදට 
නාඳුනන කඳුලක් පවා පතුලට බහින 
අනෝරා වැස්ස යට හිනාවී ගී ගයන... 
මල්සරා විදිමු අපි එහෙම පපුවක මැදට...

පොකුරු වැහි....

-----------------------------------------------------------------------------------------------------------------------

17 comments:

  1. සොඳුරු සංකල්පනාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි...

      Delete
    2. අම්මෝ මෙන්න මෙයා ත..කාලෙකින් දැක්කේ

      Delete
  2. සැබෑ පෙම ණයවෙලා
    පොලිය අහසට වෙලා
    උහුලන්ඩ බැරිවෙලා
    මල්සරා හෙම්බත් වෙලා....

    ReplyDelete
    Replies
    1. අපූරු කවිය ලලිත්...ඒක නම් සහතික ඇත්ත...ණයට ගන්නත් අද කාලේ සැබෑ ප්‍රේමය හිඟයි...

      Delete
  3. තරුණ කවි හිතක සිතුවිළි

    ReplyDelete
    Replies
    1. :) කවි හිත් නම් වයසට යන්නේ නැහැ තමයි...

      Delete
  4. "සොදුරු හිත් ඇත්තේම හුදෙකලා තැන්වල"
    ඔව්. එහෙම සොදුරු හිත් දෙකක් පටලන්න මල්සරාට ඉස්සර වගේ පහසු නෑ. මොකද අද වෙද්දී සොදුරු හිත් දුර්ලභයි...
    කවිය රහයි.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත...අද කාලේ සොඳුරු හිත් බොහොම අඩුයි...බොහොම ස්තුතියි දුමින්ද බ්ලොගයට ගොඩ උනාට...ඒ වගේම නිර්මාණයට කල ඇගයීමට...

      Delete
  5. සුන්දර කවියක්.... ඔබ හරි අපූරුවට වචන තෝරන් තියෙනව. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට...:)

      Delete
  6. මල්සරාගෙ දුන්න අපේ අතෙයි තියෙන්නේ,
    මහබඹාට මඟුල් නැකත අපියි හදන්නේ,

    පරණ සිංදුවක් මතක් වුනා..පොකුරු...:)

    ReplyDelete
    Replies
    1. සිංදුව මතකයට නගා ගන්න බැහැ...සමහර විට මම අහල නැතුව ඇති...ඇත්තටම බැලුවොත් දැන් වෙන්නේ ඕක තමයි :)

      Delete
  7. අපෝ බැහැ පොකුරු මිස් මල් දුන්න මානන්න
    විදපු අය ගොඩදෙනෙක් උසාවියෙ වෙන්වෙන්න
    පත්තරෙයි පියුටරෙයි යෝජනා ඇතිවෙන්න
    මම ඉන්නෙ පෝලිමේ පෙන්සන්.. අරගන්න

    ReplyDelete
    Replies
    1. කවි පද ටික නම් හරිම රසයි ඉයන්...බොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට...

      ඔව් ඇත්තෙන්ම එක් වීම, වෙන් වීම දැන් බොහොම සුළු දෙයක් වෙලා...ප්‍රේමය කියන්නේ සංකල්පයක් පමණක් වෙන තැනට තමයි ලෝකේ යන්නේ කියලයි මට හිතෙන්නේ...

      Delete
  8. ඔබේ සුන්දර අදහස් වලට බොහෝ කැමැත්තෙමි...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබට...

      Delete