tag:blogger.com,1999:blog-7176648103183096346.post7835474321160560724..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ෆිල්-ටී ගේ ෆිල්ති වීඩියෝව සහ ලාංකීය ලිංගික අසහනය WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7176648103183096346.post-41030577500000421462018-07-08T17:49:29.257-04:002018-07-08T17:49:29.257-04:00//මගේ ජීවිතය තුල මා නොකරපු සහ නොවිඳපු කිසිම නරක වැ...//මගේ ජීවිතය තුල මා නොකරපු සහ නොවිඳපු කිසිම නරක වැඩක් නැහැ.//
මේ තමයි ඔබේ මහත්මා ගතිය. ඔබ වැන්නවුන්ගේ ජීවිත අත්දැකීම් නොලියා ඉදීම, මේ සමාජයට ඔබෙන් විය යුතු යුතුකම් ඉෂ්ට නොකිරීමක්. ඒ අත්දැකීම් ලියවිය යුත්තේ ඒ හා සමගාමීව ඔබ විසින් අත්වින්ද මිනිස් හැඟීම් ඉස්මතු කරමින්. ඒ නිසා නැවතත් ඔබේ අවුල් වූ කතාන්දරය ලියාගෙන යන්නැයි මා ඔබෙන් ඉල්ලනවා. ඔය මැතිණියනි වගේ වචන නම් අනවශ්‍යයි. තව එකක් ඔය උගත්තු බොහොමයක් "මහත්තුරු" නෙවෙන වග ඔබ මට වඩා හොඳින් දන්නවා ඇතිනේ.
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-68768069502094417692018-07-04T11:37:44.123-04:002018-07-04T11:37:44.123-04:00ගරු මැතිනියනි....අර මහත්මයා කෑල්ල නිසා මට මෙහෙම ලි...ගරු මැතිනියනි....අර මහත්මයා කෑල්ල නිසා මට මෙහෙම ලියන්න හිතුනා. මා එතරම් උගත් "මහත්මයෙක්" නොවේ. නමුත් මට යම් සමාජ ඉවක් තියෙනවා. මම හොරකමයි, බොරුවයි නැතිව ජීවිතේ සෑම අඳුරු සහ ආලෝකමත් වීදි තුල සැරිසරා තිබෙනවා. ඒ සමාජ අත්දැකීම්, මේ අද දකින සමහරක් වැඩ තුල , ලැජ්ජා ඇති කරනවා. මගේ ජීවිතය තුල මා නොකරපු සහ නොවිඳපු කිසිම නරක වැඩක් නැහැ. ඒව එහෙමයි. ඒත් මේවා නම් හරි" බබ්ල් ජනකයි". බබ්ල්වල ඉන්න එවුන් ගැන මම ලියන්න ඕන නැහැනෙ මැතිනියනි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-86650471650643344502018-07-04T10:08:19.861-04:002018-07-04T10:08:19.861-04:00සම්පුර්ණයෙන් එකඟයි නංගි. ලංකාවේ ඕනෙම වයසක ගැහැණු ද...සම්පුර්ණයෙන් එකඟයි නංගි. ලංකාවේ ඕනෙම වයසක ගැහැණු දරුවෙක් හෝ ගැහැණියක් සෑම නිරන්තරයෙන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ලක්වීමේ සම්භාවිතාවක් තිබෙනවා. අප නියම ලෙස සමාජ පර්යේෂණයක් කරලා දත්ත රැස් කලොත් අපිට ඒ ගැන දැන ගන්න ලැබේවි. බොහෝ ගැහැණු අය ඒ ගැන ප්‍රසිද්ධියේ කථා කරන්න පවා අකමැතියි, මොකද පුරුෂ පාර්ශවය එය සලකන්නේ බොහෝ සාමාන්‍ය දෙයක් ලෙසින් නිසා. එය ඔබට පේනවා ඇති ඔවුන්ගේ අදහස් දැක්වීම අනුව. ඒ නිසයි මේ සඳහා දෙමාපියන් දරුවන් අතර විවෘත සාකච්ඡා අවශ්‍ය වන්නේ. මොකද තමාගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වැඩියෙන්ම වග කිව යුත්තේ දෙමාපියන් මිසක, ෆිල්ටිලා හෝ කිසිම දෙයක් විශ්ලේෂණය නොකර ඒවා අනුමත කරන්නවුන් නෙවෙයි. අනිත් අතට නංගි, ඔය ඔබ සඳහන් කළා වැනි සිද්ධියකදී, ලාංකික සමාජය ඇඟිල්ල දිගු කරන්නේ ඒ දැරිවියට මිසක, මෙය සමාජ ගැටළුවක් ලෙස සලකන්නේ නැහැ. එහෙම වෙන්න නම් හේතුවක් නිසා පලයක් හට ගන්නා බවට අවබෝධ කර ගත හැකි මිනිසුන් මේ සමාජයේ සිටිය යුතුයි. කණගාටුව වන්නේ එහෙම මිනිසුන් සිටින්නේ අතලොස්සක් වීමයි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-83307784945259283242018-07-04T09:56:42.154-04:002018-07-04T09:56:42.154-04:00බොහොම ස්තුතියි අරුණ මහත්මයා. මගේ මිත්‍රයෙකුත් මට ඒ...බොහොම ස්තුතියි අරුණ මහත්මයා. මගේ මිත්‍රයෙකුත් මට ඒ වග කිව්වා. ඒ වගේම මමත් ඒ ගැන හිතුවා, වැදගත් කමටත් වඩා, අනියම් ලෙස මේ වීඩියෝ පටයට හිට්ස් ලබා දීමට මා දායක වන වග. දත්ත මූලික කරගනිමින් පර්යේෂණ වල ප්‍රථිපල විශලේෂණය කරන පුරුද්ද නිසා තමයි ඔය වීඩියෝ එක ඔතන ඇලෙව්වේ. නමුත් මා එය ඉවත් කළා. ඔබට නැවතත් බොහෝම ස්තුතියි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60341355424326035582018-07-04T09:52:51.851-04:002018-07-04T09:52:51.851-04:00නැහැ අරූ. අපි දකින අසන හෝ කරන්නාවූ සියලු දෙයට යම් ...නැහැ අරූ. අපි දකින අසන හෝ කරන්නාවූ සියලු දෙයට යම් අරුතක් තිබේ. ධර්මයට අනුව සියලු දෑ පුස් වෙඩි වුවද ලෞකික සමාජය තුල ඔබ හා මම අසන දකින කරන සියලු දෑ සඳහා අර්ථයක් ඇත. එමෙන්ම ඒ සියලු දෙයින් තමා වටා සිටින සමාජයට යහපතක් හෝ අයහපතක් සිදු වනු ඇත. ඔබ හා මා මේ සමස්ත මහා සමාජ පද්ධතියේ හැඩහුරුකම, දිග පළල, නම්‍යතාවය, යනාදී සියලුම දෑ තීරණය ඒක පුද්ගල කොටස් වේ. එබැවින් අප සියලු දෙනාම මේ සමාජ පද්ධතිය තුල සිදු වන හොඳ හෝ නරක යම් ඕනෑම දෙයකට අනියම් ලෙස වගකිවයුතුය. තමාගේ බුද්ධියට අනුව යම් දෙයක හොඳ නරක විවේචනය කිරීම හෝ ඒවාට අනුබල දීම, හෙට දිනයේ අප වටා ඇති වන සාමාජයීය වෙනස් කමකට අනියම් ලෙස දායක වනු ඇත. ඔබ හෝ මා මේ සමාජයේ කොටසක් මිස තනි පුද්ගලයෙකු නොවන බැවින් අද සමාජයේ සිදු වන යහපත් හෝ අයහපත් ක්‍රියාවන් වල ප්‍රථිපල අප සියල්ලෝම භුක්ති විඳිය යුතු බව ඔබ මතක තබා ගත යුතුය. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29813233864156079522018-07-04T09:40:10.852-04:002018-07-04T09:40:10.852-04:00බොහොම ස්තුතියි නංගි.බොහොම ස්තුතියි නංගි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28804273628959204832018-07-04T09:39:08.363-04:002018-07-04T09:39:08.363-04:00බොහොම ස්තුතියි ඔබට, බ්ලොගයට ගොඩ වැදීම වෙනුවෙන් සහ ...බොහොම ස්තුතියි ඔබට, බ්ලොගයට ගොඩ වැදීම වෙනුවෙන් සහ ඔබේ අදහස වෙනුවෙන්WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-67525012217806177652018-07-04T09:38:20.249-04:002018-07-04T09:38:20.249-04:00True, agree, that is why the consumers should have...True, agree, that is why the consumers should have their mind and eyes wide open to avoid scams. Thank you Pra.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-79255629368765580182018-07-04T09:37:15.272-04:002018-07-04T09:37:15.272-04:00ඉයන් ඔබට බොහොම ස්තුතියි.ඉයන් ඔබට බොහොම ස්තුතියි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30434250388611955512018-07-04T09:36:52.855-04:002018-07-04T09:36:52.855-04:00බොහොම ස්තුතියි නංගි. ඔබලා වැනි අයගේ අදහස් සහ උපකාර...බොහොම ස්තුතියි නංගි. ඔබලා වැනි අයගේ අදහස් සහ උපකාරය මෙවන් සමාජ ගැටළු සම්බන්ධව ඉතා වැදගත්.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-1413749326384447282018-07-04T09:35:36.824-04:002018-07-04T09:35:36.824-04:00ඔබේ මතයට මා ගරු කරනවා රස්ති. ඒ වගේම මගේ අදහස ඔබේ බ...ඔබේ මතයට මා ගරු කරනවා රස්ති. ඒ වගේම මගේ අදහස ඔබේ බ්ලොගයේ ලියා තැබුවා.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-83377475862021735722018-07-04T09:34:50.461-04:002018-07-04T09:34:50.461-04:00බොහොම ස්තුතියි කවිඳු ඔබට.බොහොම ස්තුතියි කවිඳු ඔබට.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-26601274951376029782018-07-04T08:51:44.419-04:002018-07-04T08:51:44.419-04:00වැඩියමක් නොකියමි, මගේම අත්දැකීමක් කියමි.මට ඉතා සමී...වැඩියමක් නොකියමි, මගේම අත්දැකීමක් කියමි.මට ඉතා සමීප දුවක් දවසක් වයස අව්.8 දුරකථන ආමතුමක් රැගෙන කිව්වා "ආන්ටි මගේ යාලුවෙකුට කරදරයක් අර ******* තිබුණා වගේම් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාගේ ඇදුම්ෆො නැති ටෝස් අරගෙන ගිහින්. ආන්ටිට පලුවන් ද එයාට උදව් කරන්න"
අක්කි සමහර කාරණා වටහාගන්න කාලය අවශ්‍යයි. එත් ඒ කලාය ත් හරිම අනතුරුදායකයි.
ස්තුතී අක්කි.!Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-53368633761385410992018-07-04T03:55:20.777-04:002018-07-04T03:55:20.777-04:00මුන්ට පිස්සු ලමයෝ. ඔය වීඩියෝ ක්ලිප් එක ඔයාගේ බ්ලොග...මුන්ට පිස්සු ලමයෝ. ඔය වීඩියෝ ක්ලිප් එක ඔයාගේ බ්ලොග් එකෙන් අයින් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. වැදගත් තැනක තියන්න හොඳ එකක් නෙමේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-26564490435540728172018-07-03T19:08:45.927-04:002018-07-03T19:08:45.927-04:00නමුත් මේ සටහනේ මා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දර...නමුත් මේ සටහනේ මා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන් සමඟ විවෘත සාකච්චා හරහා ඒ අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දෙන ලෙස. එය ඔබට පෙනෙන්නේ කුහක කමක් ලෙස නම් එතනින් එහා මේ සංවාදය බොහෝ නිෂ්පලයි. ඇත්තෙන්ම මේ සංවාද හරහා මිනිසුන්ට දැන ගත හැකි වෙනවා තව කෙනෙක් හිතන පතන විදිය. ගැහැනියකට හෝ පිරිමියෙකුට තමන් වටා ඉන්න මිනිසුන් හඳුනා ගැනීමට එය ඉතා වැදගත්.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-83059231194368405602018-07-03T19:01:53.391-04:002018-07-03T19:01:53.391-04:00ඔබට කලින් ඉතා දිගු පැහැදිලි කිරීමක් මා කලේ ඔබේ තර්...ඔබට කලින් ඉතා දිගු පැහැදිලි කිරීමක් මා කලේ ඔබේ තර්ක බිදීමට නොව අන්තවාදී නොවී මෙය කියවන්නෙකුගේ වටහාගැනීම පිණිස. ඔබේ මතයට මා ගරු කරනවා වගේම ඔබට බොහොම ස්තුතියි මේ සන්වාදයට.

අවසාන වතාවට එක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ හොදින් වටහාගෙන මේ ලිපිය කියවූවොත් මා කතා කලේ බටහිර රටවල ඇති ස්වයං විනය පිලිබදව. එයට හේතුව ඒ රටවල ඇති නීති. මේ ලිපියේ කොතැනකවත් මා බටහිර රටවල් සහ ලන්කාවේ සමාජයේ ඇති සියුම් ලක්ශන සන්සන්දනය කරමින් වර්ණනාවක් කර නැහැ. කෙලෙස් සහිත මිනිස් ලක්ශණ කොහෙත් පොදුයි. නමුත් ඔවුන් පාලනය කරන නීති සහ ඔවුන්ගේ ආකල්ප වල ඇති විවෘත භාවය වෙනස්. බටහිර රටක සමාජ අවබෝධය සහ ඔවුන්ගේ පද්ධතියේ, ආකල්ප වල වෙනස ඇත්තේ එතැනයි. ඒකෙ තේරුම ඔවුන් පර්ෆෙක්ට් මිනිසුන් කියන දේ නෙවේ. දියුණු වන රටකට වඩා වෙනස් කියන එකයි.

මේ දේවල් පිළිබද තර්ක කිරීම බොහෝ නිශ්පල ක්‍රියාවක්.

යමෙක් දෙයක් කියවා බලා අවබෝධ කරගැනීමට නම් ඔහුට අපක්ශපාතී තර්කානූකූල බුද්ධියක් සහ අනෙකාගේ සපත්තුවට බැස ඔහුගේ ගමනේ ස්වභාවය පිළිබද අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. එයට ඔබ ඇසූ දුටු දේවල් තිබීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබේ මේ පිළිතුරේ ඇත්තේ ඉතා ළදරු ස්වභාවයක්. අවුරුදු හතලිහක වැඩිහිටියෙක් ලෙස මා, විවේචනය කල සෑම අකුරකටම සහ මා ඉදිරිපත් කල සෑම අදහසකටම මා විසින් වග කියනු ලබනවා. එසේ නොමැතිව එය හුදෙක් ලන්කාව හෝ ෆිල්ටි හෝ ලාන්කීය ජනතාව හෝ ඔබ නියෝජනය කරන පුරුශ පක්ශය හෙලා දැකීමක් නොවන බව හොදින් වටහා ගන්න. ඔබ වැන්නවුන්ට ෆිල්ටිලා ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් තමයි සිනාසෙන්නේ. මොකද ෆිල්ටි ලාට අවශ්‍ය කුමන හෝ කුණුහරුපයක් කියා, මිනිස්සුන්ගේ පවතින මානසික දුර්වලතා ප්‍රයෝජනයට ගේන තමාගේ ජනප්‍රියතාවය ලබා ගැනීම සහ මුදල් ඉපයීම. ඔබ කරන්නේ ඉතා ආවේගශීලී ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම.

සෑම ගැහැණියක්ම ලොව කොහේ හෝ පුද්ගලයෙකුගේ මවක්, බිරිදක්, පෙම්වතියක්, සහෝදරියක් හෝ දියණියක් වන බව පමණක් මතකයේ තබා ගන්න. ඔබ ව්‍යංගයෙන් පවසන්නේ ගැහැණියක් වී ඉපදුනහොත් ලිංගික අපයෝජනයට මුහුණ දිය යුතු බවයි. හඳ පෙන්වූ කල ඇගිල්ල දෙස බලන්නෙකු සමඟ සංවාදය නිෂ්පල ක්‍රියාවක්.

ඔබ කියූ එක් දෙයකට එකගයි. ලන්කාවට අවශ්‍ය ලින්ගික අද්යාපනය නොලැබීමේ අවාසනාවට වග කිව යුත්තේ ලන්කාවේ ජනතාව තෝරා පත් කල පාලකයින්ම තමයි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-77099037923702349962018-07-03T03:45:31.341-04:002018-07-03T03:45:31.341-04:00ෆිල් ටී ගැන විතරක් නෙමෙයි මම මෙච්චර ලිව්වේ මේ ලිපි...ෆිල් ටී ගැන විතරක් නෙමෙයි මම මෙච්චර ලිව්වේ මේ ලිපියෙ තියන ලංකාව ගැන තියන විවේචනය ගැන. මගේ අත්දැකීම් අනුව පාට,භාෂාව වෙනස් වුනාට මිනිස්සු පොදුවේ එක සමානයි.කවුරු මොනවා කිව්වත් මොනවා කරත් අවුරුදු මිලියන ගානක් තිස්සේ මිනිස්සු පරිනාමය වෙලා තියන්නේ ප්‍රජනන ක්‍රියාවලිය හොඳින් කරන්න .ඉතින් විරුද්ධ ලිංගික ආකර්ෂණය ඉතාම සාමාන්‍ය දෙයක් . මුහුණ ,පියයුරු ,උකුළ,කලවා ආදියට පිරිමින් ආකර්ෂණය වෙන විදිහට තමයි මිනිස්සු හැදිලා තියන්නේ එහෙම ආකර්ෂණය වෙන්නැත්තම් ඒක විකෘති තත්වයක්.මේ ස්වභාවික දේ මාකටින් වලට එදා මෙදාතුර ලෝකය පුරාම යොදාගෙන තියනවා .එතකොට ලංකාවෙ මෙහෙම වීඩියෝ එකක් එනකොට ඒක ලෝක විනාශයේ ආරම්භය වෙන්නෙ කොහොමද?.ලංකාවේ මිනිස්සු හරි වල් ලු දෙපිට කැපෙන දෙයක් කිව්වම බකස් ගාලා හිනා යනවා ලූ !!! ඔබ තුමිය ජීවත්වෙන ඇමරිකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා බැලුවොත් ඒ බහුතරයක හාස්‍ය උපද්දවන්ඩ ලිංගිකත්වය යොදාගෙන තියන බව හොඳින් දැකගන්නට පුළුවන් (සමහර විට අපිට ඒවට හිනා ගියාට ඇමෙරිකානුවන්ට ඒවට හිනා යන්නැතුව ඇති) මේවා ගැන කතා කරනකොට එන ප්‍රධාන තර්කයක් තමයි තමන්ගේ අම්මා නැත්තම් සහෝදරියෙක්,දුවෙක් එහෙම හිටියොත් මොකද කරන්නෙ කියලා .ඒකට කියන්ඩ තියන දේ තමයි ලිංගික දර්ශනයක් දකිද්දී ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ තමන්ගේ පවුලේ අය නම් ඒක මානසික විකෘති තත්වයක්.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය නම් අඩු මට්ටමක තියන්නේ බොරු සුචරිත වාදීන් නිසා.මට මතකයි මීට අවුරුදු හයකට හතකට කලින් පාසල් ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන වැඩ පිළිවෙලක් ආරම්භ කරන්ඩ ගියත් පළාත් මහ ඇමතිවරුන්ගේ විරෝධය නිසා ඒක නැවතුනා.ඒකට විරුද්ධ වුනු ඇමතිලා කිව්වෙත්.සදාචාරය නැතිවෙනවා වගේ වැල් බයිලා.
ලංකාව කියන්නේ ලෝකෙන් උතුම් රට නොවන බව මම හොඳින් දන්නා අතර ඒක ලෝකයේ ජඩම රට නොවන බවත් දනිමි.ඔබලාට මහා අනර්ඝ බටහිර රටවල් මනුශ්‍යත්වයෙන් හා සමාජ අවබෝධයෙන් පරිපූර්ණ රටවල් නොවන බවද දනිමි . අවසානයට කියන්ඩ තියන්නේ නිර්මාණයක් විදිහට මට නම් ෆිල් ටී හදලා තියන්නෙ කුණු ගොඩක් .හැබැයි ලිංගික කුහකත්වයෙන් මේකට බනින එක කැත වැඩක්.
(මෙහෙම ලිව්වේ පෞද්ගලික අමනාපයකට නෙමෙයි ලිපියේ කරුණුවලට තිබෙන විරෝධය නිසා)bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71392504290899649442018-07-02T19:41:53.557-04:002018-07-02T19:41:53.557-04:004. ලන්කාවෙ පිරිමියෙක් ගැහැණු ළමයෙක් පාරෙ යද්දි ඒ ළ...4. ලන්කාවෙ පිරිමියෙක් ගැහැණු ළමයෙක් පාරෙ යද්දි ඒ ළමයෙගෙ අංග පසඟ දිහා බලල උද්දාමයට පත් වෙනවා. නමුත් මේ දියුණු රටවල බහුතරයක් මිනිස්සුන්ට එහෙම වුවමනාවක් නෑ. මහ රෑට පාරෙ තනියම යන්න බයක් නැහැ. ඒ මිනිස්සුන්ට ඕනෙ හැටියට පාට්නර්ස්ලව හොයාගන්න පුලුවන්, සහ පහසුකම් තියනවා. ඒකට කියන්නෙ අසහනේ නෙවෙයි. ඔබතුමා මේක තේරුම් අරන් තියෙන්නෙ පටලගෙන. ගෑණු සීයක් එක්ක යහන් ගත වීම අසහනේ නෙවෙයි. ඒ මිනිහගෙ සල්ලාල කම, එක් ගැහැනියකගෙන් තෘප්තිමත් නොවීම. එහෙමත් නැත්නම් තමන්ට සුදුසු ගැහැණිය හෝ පිරිමියා තෝරා ගැනීමට එසේ කිරීම. අසහනේ කියන්නෙ තමන්ගෙ හිතේ තද කරගෙන ඉන්නා ලිංගික පීඩනය ගෑනියෙකුගෙ මූන දිහා බලාගෙන හෝ මුදා හැරීම. තමන්ගේම ශරීරයේ අංග වලට ගෞරවයක් නැති කම, අපහාස කරගැනීම. ඔය වීඩියෝ පටය පුරාම තියෙන්නේ ලිංගිකත්වයට අසාමාන්‍ය දෙයක් සලකා තමන්ටම කරගන්නා අපහාසයක්. හැබැයි ඒකෙන් හානිය වෙන්නේ වැඩි විය පැමිණිලා ලිංගිකත්වය ගැන පැහැදිලි අවබෝධයක් නැති දරුවන්ගේ මනසට. ඒකයි ඔවුන් ටියුෂන් ක්ලාස් වල පවා මේ දේ මාතෘකාවක් කරගෙන තියෙන්නේ. සාන්තුවරයෙක් නොවුන පලියට ඒ මිනිහ අසහනයෙන් පෙලෙන කෙනෙක් වෙන්නෙ නෑ. යමක් ලිව්වම ඒ ගැන තේරුම් අරගෙන කියවන්න. ඔව් ලංකාවේ බහුතරයක් මිනිස්සු තාමත් හැසිරෙන්නේ වැදගත් උගත් වනචාරීන් වගේ. ඔවුන් ශිෂ්ට සමාජයක ජීවත් වුනාට කොතැනකවත් මනසට ස්වයං පාලනයක් නැහැ. පාරේ ඉරි මැද ඩ්‍රයිව් කරන්න බැරි, ලයින් එකක තමන්ගේ වාරය එනතෙක් ඉන්න බැරි, අර ඉහත කියූ අසහනකාරී ලිංගික ලක්ෂණ තිබෙන, මොළේ කඳුලක් නැති දේශපාලකයින් පාර්ලිමේන්තු යවන, ෆිල්ටි ගේ වීඩියෝවට හිට්ස් බොහෝ ගණනින් ලබා දෙන ඔවුන්ගේ මනස වනචාරී තමයි. අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට, ඕක තමයි තිත්ත ඇත්ත. වනචාරීන් ඉන්න පාර්ලිමේන්තුවක් තිබෙන රටක මහජනතාවත්, ඔවුන් නොදැනුවත්ව හෝ ඉන්නේ ඒ මාන්සිකත්වයේම තමයි.

5. ඔබට නොතේරුනාට තරුණ දරුවො ඉන්න අම්මල දන්නවා ළමයි මේවගේ දේවල් වලින් මනස දූශණය කරගන්න විදිය. ඕනෙ නම් බලපන් නැත්නම් නොබලන් කියන්න පුලුවන් වැඩිහිටියෙකුට. නමුත් ලින්ගික කුතුහලයකින් පෙලෙන් තරුණ දරුව ඕව බලල ගිහින් කරන්නෙ තමන්ගෙ අක්ක දිහත් වපරැහින් බලන එක. මම පැහැදිලිව කිව්වෙ දෙමාපියන්ට තමන්ගෙ දරුවන්ට නිසි ලින්ගික අද්යාපනයක් ලබා දෙන්න කියලයි. එතකොට ළමයි මේ හැමදේම තමන්ගෙ මොල වලින් පෙරල විවෘතව බලන්න ඉගන ගන්නවා. බටහිර ලින්ගිකත්වය විකුනන්නෙ තමන් කරන දේ හරියට දන්න මිනිස්සුන්ට, ලන්කාවෙ ෆිල්ටී ල ඒක විකුනන්නෙ මහපාරෙත් ගිනියම් වෙලා අසහනෙන් ඉන්න මිනිස්සුන්ටයි, ඕක අමුතු දෙයක් කියල හිතන් ඉන්න පොඩි උන්ටයි. අර දෙක වසරෙ ඉන්න පොඩි කෙල්ලොන්ට කලිසම ගලෝල පෙන්වන පොඩි උන් ඉන්න රටක් ලන්කාව. උන් දෙගොල්ලොම හිතන් ඉන්නෙ උන් අමුතු සත්තු කියල.

7. ඔබට තවමත් අපහැදිලි නම්, මේ සටහනේ ප්‍රධාන අරමුණ වුනේ තමන්ගෙ දරුවන්ට නිසි ලින්ගික අද්යාපනයක් ලබා දෙන්න කියන එකයි.

8. ඔබට නොතේරුනාට ලාලිත්යක් පිහිටන්නෙ ලින්ගික ආකර්ෂණයට තමයි.

9. මේ ඔබේ අවසාන කරුණට පිලිතුර. මම ඔය ලිංගික අසහනය සහ පීඩනය දැකල තියනවා. අපිට පරම්පරා ගණනාවකට පස්සේ දරුවන්ටත් ඒ දේ වෙනවට මා කැමති නැහැ. අන්න ඒ පරම්පරාව ගැන හිතලයි මා මේ ලිපිය ලිව්වේ. මං මේ ලිපියෙන් අම්මලාගෙන් ඉල්ලුවෙ එයාලගේ තරුණ දරුවන් සමග ලිංගිකත්වය පිලිබදව විවෘතව සාකච්චා කරන්න කියලයි. එය සාමාන්‍ය දෙයක් බව අවබෝධ කරලා දෙන්න කියලයි. එතකොට අපේ ඉදිරි පරම්පරාව මීට වඩා ස්වයං විනයක් සහිතව, ලින්ගිකත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව ජීවත් වේවි. ගැහැනියක් ගෞරවාන්විත විදියට මග තොට යාවි. මිනිස්සු තමන්ගෙ ශරිර අන්ග වලට ගරු කරාවි. ෆිල්ටි ලගේ වීඩියෝ කුණු කුඩේට වැටේවි.

10. අපි ඉන්නේ ලෝකේ උතුම් රටේ කියල ගීත වල කිව්වට පලක් නැහැ. ඒ උතුම් බව ක්‍රියාවට නගන්න ඕනේ. තමන් උපන් රටේ නරක කියනවට කවුරුත් අකමැතියි. ඒ නිසා මේ සටහන ලියපු පුද්ගලයාව ඉලක්ක නොකර, ඉමොෂනල් නොවී, තමන්ගේ බුද්ධියෙන් මේ කියන කාරණා විශ්ලේෂණය කරලා බලන්න. මා මේවා ලිව්වේ ෆිල්ටි ගැන ඇති කේන්තියෙන් නෙවේ. දෙමාපියන්ට පණිවුඩයක් දීමට පමණයි. ඔය කියන කුණුගොඩේ ඉන්නේ ලංකාව විතරක් නෙවේ ඉන්දියාව වගේ අනිකුත් ආසියාතික රටවලුත් තිබෙනවා.

ඔබ කිව්වා වගේ බලන කෙනා කොහෙත් බලයි, ඒ නිසයි මා සදහන් කලේ ඉදිරි පරපම්පරාවට නිසි ලිංගික අද්යාපනයක් ලබා දිය යුතු බව, එවිට ඔවුන් මේවා දිහා බලන්නේ බොහොම විවෘත මනසකින්. ඔවුන් ස්වයං විනයකින් යුතුව ඒවා බැහැර කරන්නට ඉගන ගනීවි. ලිංගිකත්වය තව දුරටත් අසාමාන්‍ය දෙයක් නොවේවි. ඒ වෙනුවට ඒ දේවලට උඩගෙඩි දෙන ෆිල්ටි ලා වැන්නවුන්ට මෙවන් පහත් දේ හරහා තමන්ව මාකට් කරගන්නට බැරි වේවි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-31430255733271705302018-07-02T19:40:59.864-04:002018-07-02T19:40:59.864-04:00බොහොම ස්තුතියි ඔබ මේ සන්වාදය ගොඩ නැගුවට
1. මා මේ ...බොහොම ස්තුතියි ඔබ මේ සන්වාදය ගොඩ නැගුවට

1. මා මේ සටහනෙන් ඉලක්ක කලේ අපේ අනාගත තරුණ පරම්පරාව. හරිහමන් ලින්ගික අද්‍යාපනයන් නොලබන තරුණ ළමයි මේවා බලල ඇති කරගන්න කුතුහලය සහ අසහනය නිසා වෙන හානිය. තමන්ගෙ අම්ම දිහා පවා අමුතු සතෙක් වගේ බලන්නට පෙළඹීම, සහ දියුණු රටක ලබන තරුණ දරුවන් ලබන ලිංගික අධ්‍යාපනය නිසා, පොදුවේ ලිංගිකත්වය කියන්නේ ඔවුන්ට සාමාන්‍ය දෙයක් බව

2. ලාංකීය ලිංගික තිරිසන් භාවය ගැන දැන ගන්න දවස් දෙක තුනක් ගැහැණියක් ලෙස බස් රථයක යන්න, මේ වගේ බ්ලොගයක ප්‍රේම කතාවක් හෝ මුහුණු පොතේ කවියක් ලිවීම පවා ප්‍රමාණවත්. පිරිමියෙක් සමග හොදින් සිනහ වී කතා කිරීමත් ප්‍රමාණවත්. ලංකාව තුල ස්ත්‍රියක් ලිංගික භාණ්ඩයක් බවට පත් වන්න මෙවන් සුළු දෙයක් බොහොම ප්‍රමාණවත්. එයට ඉලක්ක වන කාන්තාවට දැනෙන හැගීම ඔබට කවදා හෝ දැනී තිබෙනවාද ? ගැහැණියකගේ හිස පටන් දෙපතුල දක්වා මහමග ඉන්නා පිරිමියෙක් බලන විට එම ස්ත්‍රියට දැනෙන හැගීම ඔබට දැනී තිබෙනවාද? ඉතා වෙහෙසෙකර දවසක අවසානයේ බස් රථයක එල්ලී යන ස්ත්‍රියකව පුරුෂයින් විසින් පත් කර ලබන අපහසු තාවය ඔබ විඳ තිබෙනවාද? මේ සියල්ලම ලිංගික තිරිසන් භාවයේ ලක්ෂණ. මගේ සභ්‍ය සීමාව තුල මට කරන්න පුළුවන් සරලම පැහැදිලි කිරීම මෙයයි. මේ සියල්ලට හේතුව ලංකාව තුල මිනිසුන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් සහ ලිංගික විවෘතභාවයක් නොලැබීම. ෆිල්ටි කෑ ගසා උඩගෙඩි දෙන්නේ ඔබේ සහෝදරියට හෝ අම්මාට, ලිංගික හිසන්යක් කරන තරුණයකු විය හැකියි. මගේ සම වයස් යෙහෙළියන්ගේ තරුණ දියණියක හෙට දිනයේ ලිංගික අතවරයට පත් කරන තරුණයෙකුට විය හැකියි. අවාසනාවට කරුණ වන්නේ ඒ තරුණයින් කිසිවෙක් ප්‍රොෆෙෂනල් ලිංගික අපයෝජකයින් නොවීමයි. ඔවුන් එම තත්වයට පත් කරන්නේ ඔවුන්ගේ පවතින කුතුහලයත්, ලිංගිකත්වය පිලිබද මද දැනුමත් විය හැකියි.

3. ප්ලේ බෝයි සගරා බිහි වෙන්නෙ ලන්කාවෙන් නොවුනට, වැඩිවිය පත් වෙන දරුවට දියුණු රටක ලින්ගික අද්යාපනය ලැබෙනව. ඒ නිසා ප්ලේ බෝයි බැලුවත් නැතත් ඔවුන්ට ලින්ගික්ත්වය සාමාන්‍ය දෙයක්. ඔවුන්ට බස් රථ යකදී තමන් අසල සිටින ගැහැණියක ලිංගිකව පීඩනයට පත් කරන්නේ නැහැ. ඔවුන් තමන්ගෙ ලිංගික අවශ්‍යතා විනයක් සහිතව සුදුසු තැනක ඉටු කරගන්නවා. මහපාරේ ලින්ගික හැසිරෙනවා කියල අදහස් කලේ ඔය උඩින් කියූ දේවලට සහ මට මෙතැන සභ්‍යත්වය සහිතව කියන්න බැරි දේවල් වලට. ඔබට ඒ දේවල් සාමාන්‍ය දේවල්ද කියන්න දන්නෙ නැහැ, නමුත් ඒ සියල්ල ලින්ගික හැසිරීම්. ඒකට කියන්නෙ සෙක්සුවල් හැරස්මන්ට් කියල.ඒකෙන් කියවෙන්නෙ නෑ මේ රටවල් වල මානසික අසහන තියන මිනිස්සු නැහැයි කියල. ඔවුන් ඕනා තරම් සොයා ගන්නට හැකියි. නමුත් එක වරක් ලිංගික අපයෝජයෙක් ලෙස නීතිය ඉදිරියට යන මේ රටක මිනිසෙකුට බොහෝ සමාජ වරම් අහිමි වෙනවා. එය හරකෙකුට හණ ගැසුවා හා සමානයි. අපිට මැප් එකක ඔවුන් ගැවසෙන ප්‍රදේශ බලන්න පුලුවන්. ලමා අපයෝජකයෙක් නම් ඔහු ඉන්න ඕනෙ පාසල් වලට දුරින්. ගැහැණියෙක් හෝ මිනිහෙක් තව කෙනකුගේ අතක් අල්ලා ගැනීමේදී, ඒ දෙවන පාර්ශවයට අපහසුතාවයක් දැනුනත් ඔවුනට ලිංගික අපයෝජනය යටතේ නීතිය ඉදිරියට යන්න පුළුවන්. අන්න ඒ නිසයි මා සටහනේ පැහැදිලි කල ස්වයං විනයක් දියුණු රටවල පවතින්නේ. දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල මිනිසුන්ගේ ජීවිත ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ ආකල්ප වලින්. ඒකට හේතුව ඔවුන්ට සාමන්‍ය පෘතග්ජන ලක්ෂණ නැති කම නෙවේ, ඒ නීති පද්ධතියක් හරහා ඔවුන්ට ඉබේටම ස්වයං විනයකට යටත් වීම. ඒ නිසා බහුතරයක් මිනිසුන් තමන්ගේ සිතිවිලි පාලනය කරගන්නවා, තමන්ගෙන් අනික් මිනිසාට හිරිහැරයක් නොවෙන්න වග බලා ගන්නවා. මොකද නැත්නම් නීතියට වග කියන්න වෙන නිසා.
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14371520880321968022018-07-02T13:20:57.240-04:002018-07-02T13:20:57.240-04:00පුස් වෙඩි පත්තු වනවා ඇත. ඒවා බලන්නට නියම වෙඩි නුදු...පුස් වෙඩි පත්තු වනවා ඇත. ඒවා බලන්නට නියම වෙඩි නුදුටු අයවලුන් පමණකුදු එකතු වනවාද ඇත. ඉදිනේ පුස් වෙඩි පිලිබඳ කතා කිරීමද, ඒවා නැරඹීමටයාමද ඉතාමත් අනුවණ සේම නිශ්ඵල ක්‍රියාවකි.. අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-2745616229808027882018-07-02T11:59:15.522-04:002018-07-02T11:59:15.522-04:00 පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස ... පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය. ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.

එපමණකි.... ස්තූතී අක්කා ඔයාට මේ තමා කාලෙකින් මම කියවපු හිතට වදිනම කාලීන කියමන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89005972028269693742018-07-02T11:45:37.872-04:002018-07-02T11:45:37.872-04:00මම ෆිල්-ටී ගේ මේ වීඩියෝ එකට කැමති නැත්තෙ මිනිස්සුන...මම ෆිල්-ටී ගේ මේ වීඩියෝ එකට කැමති නැත්තෙ මිනිස්සුන්ට මඩ ගහලා තියන නිසා සහ මේ මනුස්සයා මීට කලින් කරලා තියන නිර්මාණ වලට සාපේක්ෂව මේක චාටර් නිසා.හැබැයි කට්ටියට තදවෙලා තියන්නෙ ලිංගිකත්වය උළුප්පලා මුන් වීව්ස් ගන්න එකට.ඒ ගැන කිව්වොත් කියන්ඩ තියන්නෙ යූටියුබ් ට්‍රෙන්ඩින් (ලංකාවේ) බහුතරයක් තියන්නෙ ඕවම තමයි.
මට මේ ලිපියේ පැහැදිලි නැති තැන් ටිකක් තියනවා
// ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය //
//බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය//මොකක්ද මේ කතාව

//ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස, ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ//ෆිල්-ටී කරලා තියන්නෙත් මේකමනෙ.

//ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. //ප්ලේබෝයි සඟරා එහෙම ලංකාවෙන් පටන් ගත්ත නිසා මේක ඇත්ත වෙන්ඩැති

//ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව//අනිත් ක්ෂීරපායීන්ට වඩා කැපී පෙනෙන පියයුරු යුගලක් තියන්නෙ ලාලිත්‍යට නෙමෙයි ලිංගික ආකර්ෂණයට

යූටියුබ් එකේ මේවා බලන එකාට වැඩිහිටියන්ට වෙන්වූ වෙබ් අඩවියකට යන එක ලොකු දෙයක් නෙමෙයි.ඉතින් මෙහෙම සරාගී වීඩියෝ හදන එවුන්ටත් ඒවගෙ ඉන්න එවුන්ටත් හොඳ නම් අපිට මොකද?තමන්ට මේවා බලන්ඩ උවමනා නැත්තම් නොබලා ඉන්ඩ තියන්නෙ.
ඔබතුමිය හිතන විදිහට ලංකාවෙ ඉන්න ඔක්කොම වනචාරියෝ සහ විදේශිකයන් ඔක්කොම සාන්තුවරු ද?bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-88895780302541205932018-07-02T02:24:01.238-04:002018-07-02T02:24:01.238-04:00මුළු සිතින් ම එකඟ වෙමි. ස්තුතියි. මුළු සිතින් ම එකඟ වෙමි. ස්තුතියි. සූරියhttps://www.blogger.com/profile/14736558672923549065noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18065813430345323602018-07-02T02:20:47.462-04:002018-07-02T02:20:47.462-04:00“Good marketers see consumers as complete human be...“Good marketers see consumers as complete human beings with all the dimensions real people have.” – Jonah SachsPra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-70453381254700811332018-07-01T12:57:14.858-04:002018-07-01T12:57:14.858-04:00++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com