tag:blogger.com,1999:blog-7176648103183096346.post4521080668002589405..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : සිංහයා මැරෙන විට හුරේ දැමීම සහ අපේ දරු පැටව් WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7176648103183096346.post-89671465080813643492016-09-13T22:52:18.453-04:002016-09-13T22:52:18.453-04:00//කොහේ හරි ඇවිදින්න යනකොට මොබයිල් පාවිච්චියක් නැහැ...//කොහේ හරි ඇවිදින්න යනකොට මොබයිල් පාවිච්චියක් නැහැ.//

අහන්නත් සතුටුයි...තරුණ දියණියන් ඇස් ඇරලා සජීවීව දෙයක් විඳින්න හුරු වෙලා තිබෙන එක ගැන...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-63578155149690610702016-09-13T22:50:19.957-04:002016-09-13T22:50:19.957-04:00ඔබත් සමඟ සම්පුර්නයෙන්ම එකඟයි විචාරක තුමනි...වටිනා ...ඔබත් සමඟ සම්පුර්නයෙන්ම එකඟයි විචාරක තුමනි...වටිනා අදහස් ගොන්නක් එකතු කලාට බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-49572578467057878652016-09-07T17:40:47.403-04:002016-09-07T17:40:47.403-04:00මගේ දූලා දෙන්නත් දුරකථනය බලනවා ගෙදර ඉන්න කොට. ඒත්...මගේ දූලා දෙන්නත් දුරකථනය බලනවා ගෙදර ඉන්න කොට. ඒත් දෙන්නම පොතුත් කියවනවා. කොහේ හරි ඇවිදින්න යනකොට මොබයිල් පාවිච්චියක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-59555823879040193312016-09-05T22:09:10.274-04:002016-09-05T22:09:10.274-04:00දරුවකු හැදෙන්නට ඇරීම සහ හදන්නට යාම කියන දෙකම, ඉතා ...දරුවකු හැදෙන්නට ඇරීම සහ හදන්නට යාම කියන දෙකම, ඉතා පරෙස්සමෙන් කල යුතුයි. නිකම්ම හැදෙන්න ඇරියත්, බලහත්කාරයෙන් හදන්න උත්සාහ කලත්, වෙන්නේ අවැඩක්. පළමුව සොයාබැලිය යුත්තේ, දරුවා ආදර්ශයට ගන්නේ කාවද, කෙබඳු අදහස්ද, කියන එකයි. ඒවා අපේ මිනුම් දඬු වලට ගෝචර නොවන්නේ නම්, කලයුත්තේ, වෙනත් සුදුසු පරමාදර්ශයන් වෙත ඔහුගේ අවධානය ලක්කිරීම විනා, බලහත්කාරයෙන් ඇදගෙන යාම නොවෙයි.

වර්තමාන ජීවන රටාව තුළ දෙමව්පිය අතින් සිදුවන භයානකම වරද තමයි, දරුවන් සමග දිනපතා කතා නොකිරීම. ඔවුන්ගේ මානසික තත්වය හොඳටම පැහැදිලි වනතුරු, දිනපතා ඔවුන් සමග යම් වෙලාවක් කතාකල යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-16128362002914961172016-09-05T13:06:57.317-04:002016-09-05T13:06:57.317-04:00බොහොම ස්තුතියි ඔබේ අදහසට...ඔව් ඇත්තෙන්ම ඒ හුරුව තම...බොහොම ස්තුතියි ඔබේ අදහසට...ඔව් ඇත්තෙන්ම ඒ හුරුව තමයි වටින්නේ...නමුත් කියවන කෙනා ඒ දේවල් ග්‍රහණය කරගන්නේ විඳින්නේ කොහොමද කියන දේත් වැදගත්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-16470269386180598832016-09-05T13:05:39.970-04:002016-09-05T13:05:39.970-04:00Bohoma sthuthiyi.Bohoma sthuthiyi.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-78461039411256306512016-09-05T13:04:56.033-04:002016-09-05T13:04:56.033-04:00බොහොම වටිනා කරුණක් ඔයා මතු කලේ මෙතැන...රාත්තල් ගණන...බොහොම වටිනා කරුණක් ඔයා මතු කලේ මෙතැන...රාත්තල් ගණන් බරට පොත් කියෙව්වට, පොත් ලිව්වට හෝ කවි ලිව්වට මිනිස්සු කිසි කෙනෙක් සංවේදී කියල අපට නිර්ණය කරන්න බැහැ...අර මං කිව්වා වගේ හිත් වල තියෙන්නේ කසල ගොඩවල් නම්...ඒ කසල ගොඩවල් උඩ තමයි ඒ අයගේ දැරුවොත් උස් මහත් වෙන්නේ...ඒක ඇත්තටම බොහොම සංකීර්න කාරණයක්...

එතැනදී වැදගත් වෙන්නේ තමන් ඇහින් දකින කණට ඇහෙන දේවල් ගැන දරුවොත් එක්ක කතා බහ කරන එක...ඒ දේවල් වල තියන යටි අරුත් ගැන දරුවාගේ අවධානය යොමු කරවන එක...නමුත් ඒ හැමදේම අවසානයේ පදනම් වෙන්නේ දෙමාපියන්ගේ හිතිවිලි අනුව...එහෙමත් නැත්නම් දරුවා වැඩිපුරම ගැටෙන වැඩිහිටියන්ගේ හිතිවිලි අනුව...ඒ දේ තමයි මං මේ පොස්ටුවෙන් කියන්න උත්සාහ කලෙත්...

බොහොම ස්තුතියි නිම්නා මේ වටිනා අදහස් එකතු කලාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-6242614757482814522016-09-05T12:53:06.138-04:002016-09-05T12:53:06.138-04:00ඇත්ත නිම්නා...මේ දේවල් මමත් අත් විඳලා තියනවා...මම ...ඇත්ත නිම්නා...මේ දේවල් මමත් අත් විඳලා තියනවා...මම මල්ලිගේ ලොකු දෝනිව ලඟින් තියාගෙන යූ බටේ තියන සත්තුන්ගේ වීඩියෝ පෙන්නුවේ එයාට අවුරුද්දක් වගේ කාලේදී...ඒ හැමදේම අපි කරන්නේ අරමුණක් ඇතිව..දරුවාගේ බුද්ධි වර්ධනය සහ සංවේදී බව වැඩි කරන්න...නමුත් සමහර දෙමාපියෝ ඒ දේවල් කරන්නේ එක්කෝ දරුවාව අධ්‍යාපනික තරඟයේ කොටසක් කරන්න...එහෙම නැත්නම් තමාගේ නිදහස වෙනුවෙන් දරුවාව කාර්යබහුල කරවන්න...එතැනදී වෙන හානිය ගැන සමහර වැඩිහිටියන්ට වැටහීමක් නැහැ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-21084455393322137672016-09-05T04:35:41.508-04:002016-09-05T04:35:41.508-04:00පොඩි කාලෙ සිටම හුරු වුනාම තාමත් ලමයි පොත් කියවනවා....පොඩි කාලෙ සිටම හුරු වුනාම තාමත් ලමයි පොත් කියවනවා. අපේ කාලෙ වගේ පොත් විතරක් නොවෙන නිසා කාලය බෙදී යනවා. ඒත් පොත් කියවන්න ආසයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-39578176684394103902016-09-04T04:25:42.991-04:002016-09-04T04:25:42.991-04:00Jayawewa Jayawewa Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89879443455485071102016-09-04T02:38:33.831-04:002016-09-04T02:38:33.831-04:00තව දෙයක් එකතු කරන්න හිතුනා පොකුරු.. මේ මාතෘකාව මට ...තව දෙයක් එකතු කරන්න හිතුනා පොකුරු.. මේ මාතෘකාව මට ගොඩක් සමීප නිසා දැනට මම ඉගෙන ගන්න දේ එක්ක.

ඇත්තෙන්ම වඩාත් වැදගත් වෙන්නේ කුමන හෝ ක්‍රමයක් භාවිතා කොට දෙමාපියන් ඇතුලු අවට හැම කෙනෙක් සමඟම සංවේදිව දරුවෙක් හැදීම.. මම දැකල තියනවා ගෙදර පුස්තකාලයක්,කලාගාරයක්,රුසියන් සාහිත්‍ය වැහි වැහලා ගෙදර, හැබැයි දරුවන්ගේ හිතේ මනුස්සකම ,තෙතමනය , සංවේදිකම නැ...ආදරය , සෙනෙහස පණ නැති දේවල් වලින් ලං කලාට දැනෙන විදිහට නෙමේ මිනිස් මොළේ හැදිලා තියෙන්නේ.. අධ්‍යාපනේ හිණිපෙත්තේ මේ වගේ හැදුනු සමහර දරුවන්, ඒත් ඇති වැඩේ මොකක්ද...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-56839044626081732652016-09-04T02:20:53.319-04:002016-09-04T02:20:53.319-04:00ස්තුතියි පොකුරු ඔබේ අදහස් දැකිවීමට...ඔබත් එක්ක එකඟ...ස්තුතියි පොකුරු ඔබේ අදහස් දැකිවීමට...ඔබත් එක්ක එකඟයි.. ලෝකයත් සමඟ යමින් සමබර වෙන්න පුරුදු පුහුණු කල යුතුයි කොයි කාලෙක කොහේ හැදෙන දරුවෙක් උනත්..

මට කියන්න අමතක උනා පොකුරු ඇයි මම තාක්ෂනේට විතරක් වැරද්ද දාන්නේ නැත්තේ කියල.. මගේ පුතා ඇහින්වත් දැකල නැති සංගීත භාණ්ඩ රැසක හඬ අඳුරන්නේ එයාගේ ටැබ්ලෙට් එකේ තියන අපි දාල දුන්නු ඇප්ස් නිසා. ඒ වගේම මුලින්ම කිබෝඩ් එකෙ ස්වර හත එයා ඉගෙන ගත්තෙත් ඒ වගෙ එක ඇප් එකකින්,.. ඊට අමතරව සැහෙන දේවල් තියනවා එයාලගේ සංවේදි බව වැඩි කරන්නත් එක තැනක හිත තියාගෙන සංවරව රසවිඳිම හඳුන්වලා දෙන්නත් බෙදාගන්නත් අනිත් එක්ක පුලුවන් ඇප්ස්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30019140032548064232016-09-04T01:19:19.127-04:002016-09-04T01:19:19.127-04:00බොහොම ස්තුතියි ඉයන් ඔබේ වටිනා අදහස් එකතු කලාට...
...බොහොම ස්තුතියි ඉයන් ඔබේ වටිනා අදහස් එකතු කලාට...

ඇත්තෙන්ම මේ ලිපියේ අරමුණ වුනේ තාක්ෂණය විවේචනය කිරීම නෙවේ...සංවේදී දරුවෙකු බිහි කිරීමේදී දෙමාපියන්ගේ වගකීම ගැන කතා කිරීම...එතැනදී බහුතරයක් දෙමාපියෝ වැරදි විදියට පාවිච්චි කරන දෙයක් තමයි නවීන තාක්ෂනය...

අද කාලේ තාක්ෂණයෙන් තොරව දරුවෙක් උස් මහත් විය යුතුයි කියන දේ නොවේ මා කියන්නේ...වැඩිහිටියන්ගේ අනුදැනුම යටතේ ඔවුන් ඒ සඳහා හුරු කල යුතුයි...හරියටම ඔබ කළා වාගේම...නිම්නාගේ අදහසේ මා සඳහන් කළා වාගේම මමත් එය කරනවා...නමුත් දරුවන්ගෙන් ගැලවීමට නෙවේ...ඔවුන්ගේ යහපත උදෙසා...

ඔබ බොහොම නිසි ලෙස දරුවන්ව හසුරවපු නිසා, ඔවුන් තාක්ෂනය අවභාවිතා කරන්නේ නැහැ...ඇබ්බැහි වීමක් නැහැ...නමුත් සමහර දරුවෝ ඉන්නවා මිනිස් හැඟීම් වලට සහ පරිසරයට කිසිම සංවේදී කමක් නොදක්වන...එතැනදී බොහෝ විට වරද ඇත්තේ දෙමාපියන් අත...

ඔබ බොහොම අපුරුවට මගේ උදාහරණය පැහැදිලි කරනව ඔබේ අදහස තුල...ඔබේ හිතේ තිබුන සියලුම පැහැදිලි මාවත් දරුවන් වෙනුවෙන් විවර කර ඔවුන් සමඟ නිදහසේ ඔබේ අදහස් බෙදා ගත් බව...එය තමයි මා අදහස් කලේ...මේ තරඟකාරී ජීවිතය තුල තමන්ගේ දරුවන් වෙනුවෙන් කාලයක් මිඩංගු කරලා, මේ ලෝකය ගැන, මිනිස්සු ගැන, ඔවුන්ගේ හැඟීම් ගැන, දරුවෝ එක්ක අදහස් හුවමාරු කරගත යුතු බව...අහන දකින දේවල් ගැන, ඒවා විඳින ආකාරය ගැන බුද්ධිමය සංවාදයක් ගොඩ නැගිය යුතු බව...

මෙතැන ඇත්තේ තාක්ෂණික උපකරණ වල ගැටළුවක් නෙවේ...නමුත් මා අනන්තවත් දැක තිබෙනවා, දෙමාපියෝ තමන්ගේ ගැලවීමට මේ දේවල් දරුවන්ගේ අතට දීල ඔවුන්ව හුදකලා කරන දේ...අන්න එතනයි ගැටළුව තියෙන්නේ...එතැනදී දරුවා කොයි විදියට ඒ දේ ග්‍රහණය කරගන්නවද කියන්න දෙමාපියෝ දන්නේ නැහැ...දෙමාපියෝ තමන්ගේ ලෝක වල හුදකලා වෙනවා...දරුවෝ ඔවුන්ගේ ලෝක තුල හුදකලා වෙනවා...එතැනදී ඔවුන් මේ කිසිම තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නේ ඇබ්බැහි වීමක් ලෙස මිසක් ජීවිතය හැදෑරීමක් කරන්න නෙවේ කියන දේ තමයි මං අදහස් කලේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-1840360245699563722016-09-04T00:59:58.289-04:002016-09-04T00:59:58.289-04:00බොහොම ස්තුතියි වර්ෂා...
අනිවාර්යෙන්ම...ඔබේ අදහස් ...බොහොම ස්තුතියි වර්ෂා...

අනිවාර්යෙන්ම...ඔබේ අදහස් වලට එකඟයි...දරුවන්ගේ අරටුව පෝෂණය කරන්නේ දෙමව්පියෝ...ඔවුන්ව සංවේදී මිනිසුන් කිරීමේ ක්‍රියාවලියට බොහෝ දායක්වයක් ලැබෙන්නේ දෙමාපියන්ගෙන්...හොඳ හෝ නරක වේවා ස්ථාවර පදනමකින් සමාජගත වන දරුවෙක්ව පසු කාලීනව වෙනස් කරන්න බොහොම අමාරුයි... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-66789130156809153612016-09-04T00:54:00.785-04:002016-09-04T00:54:00.785-04:00බොහොම ස්තුතියි තරුරසී...ඇත්තෙන්ම ඔව්...
අපි වැඩිහ...බොහොම ස්තුතියි තරුරසී...ඇත්තෙන්ම ඔව්...

අපි වැඩිහිටියෝ විදියට බුද්ධිමත්ව කටයුතු නොකලොත් දරු පැටව් රොබෝ වරු වෙනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-44092282860791442872016-09-04T00:52:28.485-04:002016-09-04T00:52:28.485-04:00බොහොම ස්තුතියි නිම්නා ඔබේ වටිනා අදහස් වලට...
මෙතන...බොහොම ස්තුතියි නිම්නා ඔබේ වටිනා අදහස් වලට...

මෙතන ඇත්තේ තාක්ෂණය පිලිබඳ ගැටළුවක් නොවෙයි ඔබ කියන්නා වාගේම...දෙමාපියන් තමන්ගේ දරුවන්ව මෙහෙයවන ආකාරය පිළිබඳව...මේ සටහන ලියපු මමත්, සටහනේ ලියා ඇති මල්ලිගේ වැඩිමහල් දියණියට ටැබ්ලට් එක හරහා අධ්‍යාපනික වෙබ් අඩවියකට පිවිසෙන්න උගන්වපු කෙනෙක්...නමුත්, ඒ සියල්ලම සිද්ධ වෙන්නේ දරුවාගේ සංවේදීතාවයට හානියක් නොවෙන විදියට...ඒ දරුවන්ට තාක්ෂණය හඳුන්වල දෙන්නේ දෙමාපියන්ගේ ගැලවීමට නෙවෙයි...අධ්‍යාපනික උපකරණයක් විදියට...කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට ජීවිතේ සමබර කරන විදිය හුරු කරවන්න ඕනේ...

//විහින් රේස් එකක් කර ගැනීම// මේ තමයි නිවැරදිම අර්ථකථනය...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-75738201196965856212016-09-04T00:42:08.871-04:002016-09-04T00:42:08.871-04:00පොඩ්ඩක් වෙනස් අදහසක් පළකරන්න අවසර පොකුරු. මගේ දරුව...පොඩ්ඩක් වෙනස් අදහසක් පළකරන්න අවසර පොකුරු. මගේ දරුවන් දෙදෙනා වැඩුනේ ඉලෙක්ට්‍රොනික දශකයේ. ඉතා කුඩා කල සිට මොබයිල් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික දේවල් තමයි ඔවුන්ගේ අතේ තිබුණේ. එයින් වුන් හැඟීම් නැති දරුවන් වුණේ නැහැ.

එදා සහ අදත් පොතක් කියන්නේ එකට තබා බැඳි කඩදාසි කිහිපයක් පමණයි. පත්තරයක් යනු එකට තබා ඇති කඩදාසි කොළ කිහිපයක්. වැදගත් වන්නේ එහි අන්තර්ගතය. උදාහරණයට Play Boy සඟරාව සහ National Geographic සඟරාව වගේ. අන්තර්ගතයයි වෙනස්. බොහෝ කලක සිට ලැප්ටොප් එක හරහා Kindle භාවිතා කරන නිසා මගේ දුව කියවා ඇති පොත් ප්‍රමාණය මම ඇගේ වයසේදී කියවූ ප්‍රමාණයට වඩා කිහිප ගුණයක්. විදේශ රටක සිටියත් මගේ දෙමව්පියන්ගේ අවශ්‍යතා ගැන මාව මෙහෙයවන්නේ ඇය.

Youtube සහ Wikipedia වැනි ඕනෑම දෙයක් ගැන ඕනෑම වෙලාවක, ඕනෑම ගැඹුරකට ඉගෙනගත හැකි විශ්ව කෝශයක් හෝ විශ්ව විද්‍යාලයක් තවත් නැහැ කියල මම ඔවුන්ට ඒත්තු ගැන්නුවා.

දැනුම සහ තොරතුරු ලබා ගත් මාධ්‍ය විශාල වෙනසකට භාජනය වූ කාලයක හැකියාව අනුව ඔවුන් ඉලෙක්ට්‍රොනික ආම්පන්න වලට හඳුන්වා නොදීම මව්පියන්ට අද කල හැකි විශාල පාපයක්.

එක උදාහරණයකින් ඔබ කියන සංවේදී බව ලබා දෙන්නේ කොහොමද කියල කියන්නම්. මගේ මවගේ නිවසේ අළුත්වැඩියාවකට පැමිණි කෙනෙකු එදින රෑ කොට්ටයක් නැතිව ගරාජයේ නිදනු දුටු මගේ පුතා කාමරයක තිබූ කොට්ටයක් ඔහුට ගිහින් දී තිබුණා. එය සමාජයේ පහසුකම් අඩු අය විඳින දුක් ගැන ඔහු කුඩා කාලයේ ඔහු සමඟ නිතර කථා කිරීමේ ප්‍රතිඵලයක්. ඔහුගේ වැඩ ගැන අති කම්මැලියෙකු වන ඔහු බල්ලෙකුගේ, කරදරයට පත් මිතුරෙකුගේ, අහම්බෙන් හමුවෙන උදව් අවශ්‍ය කෙනෙකුගේ දේවල් ගැන වෙහෙසීමට කිසිම කම්මැලි කමක් නැහැ.

එමනිසා මගේ අදහස නම් කුඩා කාලයේ සිටම ඔවුන්ව දැනුම, සාහිත්‍ය සහ සමාජය ගැන සංවේදී කිරීම ඔවුන් පාවිච්චි කරන උපකරණ ගැන වෙහෙසවීමට වඩා වැදගත් යන්නයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42577231172950655052016-09-04T00:33:16.367-04:002016-09-04T00:33:16.367-04:00පළමුවෙන් ම මා ලියූ ලිපියෙන් ඔබට දැනුණු දේ මනරම් ව ...පළමුවෙන් ම මා ලියූ ලිපියෙන් ඔබට දැනුණු දේ මනරම් ව ලියා තැබීම ගැන ඔබට ස්තූතියි..

සමහර මව්පියන් හිතන්නේ තාක්ෂණයෙන් තොරව දරුවන්ට ජීවත් විය නොහැකි වගයි.ඒත් අපේ ගෙදර කවදාවත් රූපවාහිනියක් තිබුණේ නෑ.ඉතින් අනිත් ළමයි මහගෙදර බලන වෙලාවේ මං පොත් කියෙව්වා.ගුරුවරු පුදුම වුණා මං අනිත් ළමයින්ට වඩා වෙනස් නිසා.ඒ වෙනස මං උපතින් ගෙන ආ එකක් නොවෙයි.පොතපතට-සොබාදහමට මා සංවේදී කිරීම තුළින් මගේ මව්පියන් විසින් නිර්මාණය කරන ලද වෙනසක්..

ඒ නිසා, මං ඉතා බරපතළ ලෙස විශ්වාස කරනවා දරුවෙක් හොඳ නොහොඳ වීම පිළිබඳ අති විශාල වගකීමක් මව්පියන් සතු වන බව.මව්පියන් නිවැරදි නම්, පාසල ඇතුළු අවට සමාජය කොතෙක් කැළිකසළින් පිරී තිබුණත් දරුවාට අපිරිසිදු නොවී නිවැරදි මග ගමන් කරන්නට ශක්තිය ලැබෙනවා..

නැවතත් ස්තුතියි පොකුරු වැහි.. මට කියන්නට වුවමනා දේ ඔබ මා ලීවාට වඩා බෙහෙවින් අපූරුවට සටහන් කළාට.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-68504738927995844172016-09-03T23:30:32.909-04:002016-09-03T23:30:32.909-04:00ඉතාම වටින කාලීන ලිපියක්... දෙමව්පියන්ව, ගුරුවරුන්ව...ඉතාම වටින කාලීන ලිපියක්... දෙමව්පියන්ව, ගුරුවරුන්ව, වැඩිහිටියන්ව හැකි තරම් මේ ගැන සංවේදී කරවන්න ඕන.. නැත්නම් අපට ඉතිරි වෙන්නෙ හරිම අසංවේදී, අමානුෂික සමාජයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-40218586910177158622016-09-03T23:05:48.878-04:002016-09-03T23:05:48.878-04:00පොකුරු , තාක්ෂනයෙනුත් කලාව ලඟා කර දෙන්න පුලුවන් දෙ...පොකුරු , තාක්ෂනයෙනුත් කලාව ලඟා කර දෙන්න පුලුවන් දෙමාපියන් දැනුවත් නම්, වෙලාව වෙන් කර ගන්නවා නම්.. ඕනකම තියනවා නම්. මම හිත්න්නේ තාක්ෂණ උපකරණ ලබා දිම්මේ හෝ තාක්ෂනෙයේ නෙමෙ වරද තියෙන්නෙ, අද දෙමාපිය වැඩිහිටි ජීවිත අතිශය තරඟකාරි කලබලකාරි,, හරියට ලෝක විනාසේ ඊලඟ තප්පරයේ වගේ.. සහ බෝහෝ දෙමාපිය වැඩිහිටියන් අපේක්ෂාභංගත්වෙයෙන් පෙළීම..ජීවිතය ජීවත්විමට රේස් යන්න සිදුවීම ( විහින් රේස් එකක් කරගැනීම ) මේ හැමදේටම වඩා හේතු වෙලා කියලයි මට හිතෙන්නේනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com